Author: Buzzer Editor

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි 21 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයා එහිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එක්වීමට නියමිතය. මෙම සංචාරය තුළ දී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.එමෙන්ම ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයේ නිරතවන පළමු අවස්ථාව මෙය වේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත්…

Read More

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 128 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 48 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු‍ 233 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහන් ආරච්චිගේ ලකුණු 57 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 43 ක්, පැතුම් නිස්සංක ලකුණු 23 ක් හා චරිත් අසලංක ලකුණු 36 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් රයන් ක්ලයින් (Ryan Klein) කඩුලු 2 ක්, සාකිබ් සුල්ෆිකාර් (Saqib Zulfiqar) කඩුලු 2 ක්, හා…

Read More

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මහා බ්‍රිතාන්‍යයට පැමිණියේය. ඒ, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය. රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාවේ සහාය කොන්දේසි විරහිතව යුක්රේනයට හිමිවන බව ‘නේටෝ’ සමුළුවේදී යළිත් අවධාරණය කිරීමට ඇමෙරිකන් ජනාධිපතිවරයා සූදානමින් සිටින බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බ්‍රිතාන්‍යයට පැමිණි ඇමෙරිකන් ජනාධිපති සහ චාල්ස් රජු අතර හමුවක් ද පැවැත්වීමට නියමිතය. රාජාභිෂේකයෙන් පසු, ජනාධිපති බයිඩන් සහ චාල්ස් රජු අතරේ හමුවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද දිනයේදී (10) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට, මන්නාරම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40ක පමණ තරමක් තද සුළං බවට පරිවර්තනය වීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරනවා.

Read More

කුළුණු මත දිවෙන කොළඹ වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ලබන වසරේ සැප්තැම්බර් මස අගවන විට විවෘත කිරීමට බලාපොරොත්තුවන බව මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එම වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් සියයට 70 ක් පමණ අවසන්ව ඇති බවත් ඉතිරි ඉදිකිරීම් කටයුතු වේගයෙන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසුව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එසේ පැවසීය. (ලංකාදීප)

Read More

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ට තවත් මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. පොලිස්පතිවරයෙකු නොමැතිව දින 14 ක කාලයකට පසු මෙම පත් කිරීම සිදුකර තිබෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැණවීම වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත. පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වශයෙන් මෙය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විසිනි. මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින්ද ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මෙම නව පනත් කෙටුම්පතෙන් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේය. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත්වෙනවා. ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. රටවල් දෙකම දෙනාටමත් ඉදිරි ලෝක කුසලානයට සුදුසුකම් ලබා අවසන්. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරාම්භ වීමට නියමිතය. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

හමුදා කැරැල්ලෙන් පසු, බෙලරූස් රාජ්‍යයට පිටුවහල් වී සිටි රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් යළි රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ උපුටා දක්වමිනි. පැය 24 කට සීමා වුණු හමුදා කුමන්ත්‍රණය අවසන් වූයේ පසුගිය ජූනි 27 වැනිදා ප්‍රිගෝෂින් බෙලරූසයට යෑමෙන් පසුවය. බෙලරූසය යනු රුසියාවේ එක් අසල්වැසියෙකි. ප්‍රිගෝෂින් බෙලරූසයට ගෙන්වා ගැනීම කළේ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මැදිහත් වීමෙනි. ලුකෂෙන්කෝ, ප්‍රිගෝෂින්ගේත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේත් සමීපතම මිතුරෙකි. බෙලරූසයට පිටුවහල් වෙද්දී, ප්‍රිගෝෂින්ට එල්ල කළ සියලු චෝදනා රුසියන් රජය ඉවත දැමීය. කැරැල්ලට සම්බන්ධ වුණු ‘වැග්නර්’ කුලී හේවායන්ට ද…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ (09) සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40ක පමණ තරමක් තද සුළං බවට පරිවර්තනය වීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරනවා.

Read More