Author: Buzzer Editor

වැටුප් රහිත නිවාඩු (දේශීය හා විදේශීය) ලබාගන්නා රජයේ නිලධාරින්ගේ විශ්‍රාම වැටුපට එම නිවාඩු කාල සීමාවෙන් කිසිදු හානියක් නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී එන් රංජිත් අශෝක මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයකින් දැනුම්දී ඇත. එසේම ඔවුන් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට පෙර දින පැවති ජ්‍යෙෂ්ඨතාවයද නැවත රාජකාරියට වාර්තා කළ පසු කිසිදු වෙනසක් නොවන බවද එම චක්‍රලේඛයේ දැක්වේ. නිලධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු කාලසීමාව ජ්‍යෙෂ්ඨතාවය සඳහා අදාළ කර නොගැනීමට කැබිනට් මණ්ඩලය පසුගිය 10 වැනිදා තීරණය කළ බවද එහි සඳහන් වේ. රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසායන්හි නිලධාරීන්ට එම…

Read More

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කැබිනට් අනු කමිටු වාර්තාව ජනපතිවරයාට ලබාදී තිබෙනවා. ඒ අනුව 2024 වසර අවසාන වනතුරු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. එම වාර්තාව මත පදනම්ව විශේෂ අවස්ථාවන්හි දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව ඒ සම්බන්ධව වැඩිදුර තීරණ ගැනීමටද ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

හෙට (15) සිට බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000 කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව මේ වනවිට රුපියල් 15,000ක් වන MOP පොහොර මිටියක් හෙට සිට රුපියල් 14,000කට මිලදී ගත ගත හැකි බවයි සඳහන් වන්නේ.

Read More

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක ඊයේ (13 වැනිදා) තායිලන්තයේ බැංකොක් නුවර දී සමත් වූවාය. ඒ අනුව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කමක් ජයග්‍රහණය කළ 8 වැනි ශ්‍රී ලාංකිකයා ලෙස නදීෂා රාමනායක ගේ නම ඉතිහාසයට එක් වේ. නදීෂා තත්පර 52.61ක කාලයක් වාර්තා කරමින් එම රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එම තරග නිමි කාලය ඇයගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය ද වේ. එය මීටර් 400 ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ගේ තුන්වැනි හොඳම දස්කම ලෙසද වාර්තා අතරට එක්වෙයි. ශ්‍රී ලංකාව අවසන් වරට කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ 2000 වසරේ…

Read More

ධවල මන්දිරය අසල වාහන පරීක්ෂා කරන මුර කපොල්ලකදී, නවත්වන්නැයි අණ කළ මෝටර් රථයක්, අණ නොතකා, පදික මාරුවක ගමන් කරමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු යට කළ බව වාර්තා වේ. එයින් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. කල් ඉකුත්වූ ලියාපදිංචි අංකයක් සහිත එම මෝටර් රථය එහි නවත්වන ලෙස ආරක්ෂක අංශ අණ කළ විට එය නවත්වා ඇති අතර, නිලධාරීන් ඊට ළඟා වෙද්දී, රියදුරා නැවතත් වාහනය පණ ගන්වා පදික මාරුවේ සිටි පුද්ගලයන්ව අනතුරට ලක් කරමින් ධාවනය කළේ යැයි පැවැසෙයි. පදිකයන් යට කිරීමෙන් පසු රියදුරා පලා ගිය බවත්, ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. (රොයිටර්) තවත් විදෙස්…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (14) දිනයේද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර…

Read More

ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් “DIGIECON 2030” වැඩසටහන ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන රටේ තාක්ෂණික හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් භාවිතයට ගැනීම ඇතුළු අංශ කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය. කෘත්‍රීම බුද්ධි පනත ගෙන ඒම, විශ්වවිද්‍යාලයෙන් පිටවන කලා උපාධිධාරීන් සඳහා ඔවුන්ගේ කැමත්ත මත සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හඳුන්වාදීම මෙන්ම මෙරට සෑම පුරවැසියකුටම නව ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට ද ඉදිරියේදී කටයුතු කරන බව කනක හේරත් මහතා සඳහන් කළේය. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කළේ…

Read More

අනුරාධපුර සිට ඕමන්ත දක්වා ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මාර්ගය ධාවනය සඳහා ඊයේ (13) දිනයේ නිල වශයෙන් විවෘත කෙරුණු බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසූවා. එම ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මාර්ගයේ පැයට කිලෝමීටර් 100කින් දුම්රිය ධාවනය කරවීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

Read More

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය (ACC Emerging Teams Asia Cup) අද (13) ශ්‍රී ලංකාවේ දී ආරම්භ වනවා. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8 ක් ක්‍රීඩා කරන අතර ජුලි 23 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර සත්කාරක ශ්‍රී ලංකා A කණ්ඩායම හා බංග්ලාදේශ A කණ්ඩායම අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම හා ඕමාන A කණ්ඩායම අතර තරගය CCC ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

රුසියන් හමුදා ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට ආධාර වශයෙන් පවුම් මිලියන 50 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 64.65 ක්) ලබා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා ඇත්තේ, මෙම පවුම් මිලියන 50 යුක්රේනයට ලබා දීම සිදු කරන්නේ යුක්රේනයේ සංවර්ධන කටයුතු සඳහා බවය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙසේ යුක්රේනයට මුදල් ආධාර ලබා දෙන බව නිවේදනය කළේ ලිතුවේනියාවේ පැවැත්වෙන ‘නේටෝ’ සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය. මුදල් ආධාරවලට අමතරව යුදමය ආධාර යුක්රේනයට ලබා දීමට ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එකඟවී තිබේ. මේ අතර ‘නේටෝ’ මහ සමුළුව ලිතුවේනියාවේ පැවැත්වෙද්දී රුසියන් හමුදා, යුක්රේනයට එල්ල කරන ප්‍රහාර වැඩි කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer…

Read More