- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editor
ගල්ෆ් රටවල සංචාරයක් ආරම්භ කරමින්, තුර්කි ජනාපධිති රිජෙප් තායිප් එර්දොවාන් සෞදියට පැමිණියේය. තුර්කි ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ විදෙස් අයෝජන තුර්කියට ලබා ගනිමින් තුර්කියේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම බව පැවැසෙයි. සෞදියේ වෙරළාශ්‍රිත ජෙඩා නුවරදී තුර්කි ජනාපධිතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ සෞදියේ සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සෞද් සහ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන් විසිනි. සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, තුර්කි ජනාපධිතිවරයා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් ඉන්පසු කටාර් රාජ්‍යයේත් සංචාරය කිරීමට නියමිතය. සෞදි තුර්කි ව්‍යාපාරික හමුවකට ද තුර්කි ජනාධිපතිවරයා සහභාගී විය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් කටාර් රාජ්‍යයේත් ව්‍යාපාරික හමු පැවැත්වීමට නියමිත බව අල් ජසීරා පුවත් සේවය පවසා තිබේ. තුර්කියේ නිෂ්පාදිත…
අද දිනයේ (19) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි සඳහන් වන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම…
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (18) පස්වරුවේ තීරණය කළේය. එම දෙදෙනා එම පක්ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධ වූවෝ වෙති. සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වූ අතර මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
තිරිඟු පිටි මිල ඊයේ (18) සිට සංශෝධනය කිරීමට සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ දමන බවයි එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දිළිඳු දරුවන්ට කිසිදු මුදලක් නැතිව නොමිලේ සීසන් ටිකට් ලබා දීමටත් ගෙවීමේ හැකියාවක් ඇති අයට ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක් ගෙවා ඉතිරිය සහනාධාරයක් ලෙස ලබා දෙන්නත් කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. පොළොන්නරුව දිස්ත්‍රික් සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීය. ශිෂ්‍ය සීසන් සඳහා අය කළේ 9% ක් පමණක් බවද දැන් එය 30%ක් දක්වා අය කරගන්න යන බවට කතාවක් තිබෙන අතර එහි සත්‍යතාවයක් තිබේ දැයි කින්ස් නෙල්සන් මහතා ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා කීවේ “සිසුසැරිය” ක්‍රියාත්මක කරන්නේ රජයෙන් ලැබෙන විශාල සහනාධාරයක්…
රුසියන් යුක්රේන අර්බුදයේ දී යුක්රේනයට සහාය පළ කරන බව තහවුරු කරමින්, දකුණු කොරියානු ජනාධිපති යූන් සූක් යෝල් යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. සාකච්ඡා කිරීමෙන් පසු යුක්රේන රජයට ඇමෙරිකන් ඩොලර් මිලියන 150 ක මුදලක් පරිත්‍යාග කිරීමට දකුණු කොරියානු ජනාධිපති යූන් පොරොන්දුවක් දුන්නේය. ඊට අමතරව, යුද ආධාර ද යුක්රේන හමුදාවට ලබා දෙන බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවැසීය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද දිනයේදී (18) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින්…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය පාදකකොටගෙන 1997 වසරේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙහි තීන්දුව ඊයේ රත්නපුර මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව චෝදනාවට වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රණවක කළුආරච්චි ඇතුළු 7 දෙනෙකුට බරපතළ වැඩ සහිතව වසර 5 1/2 ක සිර දඩුවම් නියම කෙරුණු අතර තවත් දෙදෙනෙකුට වසර 7 1/2ක සිර දඩුවම්ද නියම කර ඇත. (දිවයින) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. 2022 වසරේ මුල් මාස 6 තුළ එම දෙපාර්තමේන්තුව රැස්කර තිබූ බදු ආදායම රැස්කර තිබුණේ, රුපියල් මිලියන 361,832 ක් බවයි සඳහන් වන්නේ. ඒ අනුව මෙම වසරේ මුල් මාස 6දී බදු ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 93%කින් වර්ධනය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවන දිනය දැන්ම කීමට නොහැකි බව ‘නේටෝ’ හෙවත් ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ පවසයි. ‘නේටෝ’ සාමාජිකයන් ගත් මෙම තීරණය, ‘නේටෝ’ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට පවසා ඇති අතර, යුක්රේන ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ. ‘නේටෝ’ මහ සමුළුව මේ වනවිට ලිතුවේනියාවේ විල්නුවිස් අගනුවරදී ආරම්භ විය. ‘නේටෝ’ සාමාජික රටවල නායකයෝ ඊට සහභාගී වෙති. ‘නේටෝ’ සාමාජිකයකු වීමට නම්, සියලු සාමාජික රටවල ඒකමතික කැමැත්ත හිමිවිය යුතුය. කෙසේ නමුත් යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් තවමත් එකඟතාවක් නොමැති බැවින්, යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දෙන දිනය කවදාදැයි දැන්ම කීමට නොහැකි බව ‘නේටෝ’ මහ ලේකම් ස්ටොල්ටෙන්බර්ග් පැවැසුවේ ඊයේ (11) දිනයේය.…