- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
- 2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙන්න
- ගම්පහ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
- සූර්ය පැනල විසන්ධි කිරීම ගැන නවතම නිවේදනයක්
Author: Buzzer Editor
විජලනයට ලක්වී, අහ්මදාබාද් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහලෙන් පිටව ගියේය. රෝහලෙන් පිටවුණු ෂාරුක් සහ ඔහුගේ පවුලේ අය අහ්මදාබාද් ගුවන්තොටුපොළට ගිය බව අහ්මදාබාද් පොලිසිය පවසයි. ෂාරුක් ඇතුළත් කර සිටියේ කේ ඩී රෝහලටය. ෂාරුක්ගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් රෝහල කිසිදු ප්‍රකාශයක් කර නැත. ෂාරුක් හිටිහැටියේ අසනීප වූයේ අයි පී එල්. තරගාවලිය අතරතුරේය. ෂාරුක්ගේ කෝලටා නයිට් රයිඩර්ස් අයි පී එල් තරගාවලියේ ප්‍රබල කණ්ඩායමකි. ගුජරාටයේ මෙම තරගාවලිය පැවැත්වෙන්නේ, දැඩි උණුසුම් කාලගුණයක් මධ්‍යයේය. ෂාරුක් අසනීප වන අවස්ථාවේදී, ගුජරාටයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45.2 සිට 45.9 තෙක් ඉහළ ගොස් තිබුණි. (NDTV) Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංවිධායකයින් විසින් Dambulla Thunders කණ්ඩායම සමග අත්සන් තබා තිබූ ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. එම කණ්ඩායමේ හිමිකරු ටමීම් රහ්මාන් (Tamim Rahman) සම්බන්ධයෙන් වන සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ටමීම් රහ්මාන් (Tamim Rahman) ඊයේ (22) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට තිබුණේ තරඟ පාවාදීම සඳහා යෝජනා කිරීම සම්බන්ධයෙන්. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට හෙට (17) දිනය දක්වා කාලය ලබාදෙන ලෙස දන්වමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එම යෝජනා මැයි පළමු වැනිදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණ ද, විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වන දින දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබුණා. එහෙත් පසුගිය 10 වන දිනයේ ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනා කොමිසම වෙත ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති අතර, ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට යළි සිහි කැඳවීමක් සිදුකිරීමට කටයුතු කර තිබෙනවා. අදාළ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල…
ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය. චබහාර් වරාය යනු ඉරානය, ඉන්දියාවේ සහාය ඇතිව ඉදි කරන ලද වරායකි. ඉරානයට මධ්‍යම ආසියානු රටවල් සමඟ වෙළෙඳ ගනුදෙනු තවත් වැඩි කර ගැනීමට මෙම වරාය උදවු වනු ඇතැයි පැවැසෙයි. ඇමෙරිකාව සහ ඉරානය අතර අර්බුදයක් පවතින අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත. ඊට අමතරව, ඉරානය සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්නැයි ද සෙසු රටවලට ඇමෙරිකාව තර්ජනය කර තිබේ. ආසියානු කලාපයේ, චීනයේ නැගී සිටීම් මැද, ඇමෙරිකාවට සිටින සමීපතම මිතුරා වන්නේ ඉන්දියාවය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් රජය අතරේ පවතින්නේ ඉතාමත්…
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. වනිඳු හසරංග ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ උප නායකත්වය චරිත් අසලංක වෙත පැවරී තිබෙනවා. ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සඳහන් කළේ, තරගාවලිය ආරම්භ වීමට සති දෙකකට පමණ පෙර දිවයිනෙන් පිටත්ව යාමට සැලසුම් කළේ තරගාවලියට මනා පෙර සූදානමකින් යුතුව මුහුණ දීමේ අරමුණ ඇතිව බවයි. තරගාවලියේ සම සත්කාරක රටක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ තණතීරු සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් මෙලෙස දින ගණනාවකට පෙර එරටට පිටත්ව යාම ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ. Buzzer.lk සහ Buzzer…
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාව ට අයත්ව තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිලෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ ගෝලීය උණුසුම නිසා නිර්මාණය වූ එල් නීනෝ නමැති විපරිත දේශගුණික විපර්යාස හේතුවෙනි. වෙනිසියුලාවට ග්ලැසියර කීපයක් තිබුණු අතර, ඒ සියල්ල සියල්ල දියවී හැකිලී ගියේ ද දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් වශයෙනි. ඉතිරිව තිබුණේ මුහුදු මට්ටමේ සිට මීටර් 5,000 ක් ඉහළින් සියේරා – නෙවාඩා කඳු පන්තියේ පිහිටා ඇති ‘හම්බෝල්ට්’ ග්ලාසියරයයි. මෙය හෙක්ටයාර් දෙකක ප්‍රදේශයක් පුරා පැතිර තිබුණු නමුත් දැන් දිනෙන් දින මෙය දියවී හැකිලීමට පටන් ගෙන ඇත. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණය ට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී AI තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.බී.අයි. කාර්යාංශය අනතුරු අඟවයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඩිමොක්‍රටික් පාක්ෂික වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේය. AI තාක්ෂණය භාවිතයට ගනිමින් බයිඩන්ගේත් ට්‍රම්ප්ගේත් ඇතැම් ප්‍රකාශ විකෘති කර ජනතාව අතරට ගොස් ඇති බවත්, AI තාක්ෂණය මගින් බයිඩන්ගේත් ට්‍රම්ප්ගේත් කට හඬ යොදා ගනිමින් එක් එක් ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍යවලට එක් කර ඇති බවත් එෆ්.බී.අයි. පරීක්ෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති. (BBC) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සුහානා ඛාන් මෙන්ම අගස්ත්‍යා නන්දා ද රංගනයට පිවිස සිටිති. දෙදෙනාගේ පළමු රංගනය දකින්න ලැබුණේ, 2023 Netflix හරහා විකාශය වූ ‘ද ආර්චීස්’ The Archies හරහාය. සුහානා ඛාන් සහ අගස්ත්‍යා නන්දා මුම්බායි නුවර සමාජ ශාලාවල විනෝද වන අයුරු දැක්වෙන පැපොරාසි ඡායාරූප සහ වීඩියෝ දසුන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සුහානා ඛාන් හෝ අගස්ත්‍යා නන්දා හෝ කිසිවක් නිල වශයෙන් පවසා නැත. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ හමුදා ප්‍රධානියා වහා ධුරයෙන් නෙරපා දැමීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පියවර ගෙන තිබේ. පසුගිය දා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඝාතන කුමන්ත්‍රණයක් අනාවරණය විය. එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් යුක්රේන හමුදාවේ නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැණුනි. යුක්රේන ජනාපධිතිවරයා මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළ සර්චි රඞ් එම ධුරයෙන් නෙරපා දැමීම කළේ ව්‍යර්ථ කෙරුණු එම ඝාතන කුමන්ත්‍රණය මුල්කොට ගනිමිනි. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 41 ක් දුරින් පිහිටා ඇති වායුගෝලයකින් සමන්විත පාෂාණමය ග්‍රහලෝකයක් සොයා ගැනීමට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සමත් වී සිටිති. මෙම ග්‍රහලෝකය සොයා ගෙන ඇත්තේ අභ්‍යවකාශයේ රඳවා ඇති ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයේ ආධාරයෙනි. විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ ‘55 කැන්ක්‍රී ඊ’ යනුවෙනි. ‘55 කැන්ක්‍රී ඊ’ ග්‍රහලෝකය පෘථිවිය වඩා 8.8 ගුණයකින් විශාල නමුත්, නෙප්චූන් ග්‍රහලොවට වඩා ප්‍රමාණයෙන් කුඩා බව පැවැසෙයි. (AFP) Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.