Author: Buzzer Editor

ඕනෑම වේලාවක, යුක්රේන රජය සමඟ සාකච්ඡා පවත්වා, රුසියන් යුක්රේන අර්බුදයට පැහැදිලි විසඳුමක් සෙවීමට තමන් සූදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි. සාම සාකච්ඡා පැවැත්වීමේ අදහස තමන් කිසිම අවස්ථාවක බැහැර නොකරන බව ද රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. ජනාධිපති පුටින් මෙසේ කීවේ, ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී යුරෝපා රටවල රාජ්‍ය නායකයන් හමුවුණු අවස්ථාවේදීය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින් සාම වැඩපිළිවෙළකට යෑමට තමන් සහාය දැක්විමට සූදානම් බව අප්‍රිකා රටවල නායකයන් මෙන්ම චීනය ද රුසියාවටත් යුක්රේනයටත් දන්වා ඇත. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද දිනයේ (30) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (Hayashi Yoshimasa) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා ඊයේ (29) කොළඹදී පැවැත්විණ. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡාවේ දී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබා දෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සමග සිදු…

Read More

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව පෙරේදා (28) ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය.මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර පැයකුත් විනාඩි පහළොවකට ආසන්න කාලක් නායක දෙපළ සුහද සහ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡවක ද නිරත වී තිබේ. ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.ජාත්‍යන්තර සබඳතාවන්හිදී ප්‍රංශයේ මැදිහත්වීම අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් දේශගුණික විපර්යාස අවම කිරීම, විදේශ…

Read More

ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය පිරිනමන කීර්තිමත් ‘‘මයිල්ස් ෆ්‍රෑන්ක්ලීන්’’ (Miles franklin) සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති නීතිඥවරියක වන ශංකරී චන්ද්‍රන් මහත්මියට හිමිව ඇත. ඕස්ට්‍රේලියාවේ පැන්බරා නුවර පදිංචිව සිටින ඇය විසින් රචිත “Chai Time at Cinnamon Gardens” නවකතාව වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර, එහි දී ලැබුණු මුදල් ත්‍යාගය ඩොලර් හැට දහසකි. අසූව දශකයේ සිවිල් යුද්ධයෙන් බේරීමට රටින් පළා ගිය ශ්‍රී ලාංකිකයෙක් බටහිර සිඩ්නි ප්‍රදේශයක පවත්වාගෙන ගිය වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක පදිංචිකරුවන්ගේ ජීවිත පිළිබඳව විවරණය කෙරෙන ‘‘ඕස්ට්‍රේලියානු වීම’’ යන්න ගවේෂණය කරමින් මෙම නවකතාව රචනා කර ඇත. යුද්ධය, ජාතිවාදය, පවුල, ආදරය මෙන්ම මිත්‍රත්ව යන තේමා ඔස්සේ ලියා ඇති මෙම නවකතාව ඕස්ට්‍රේලියාවේ පාඨකයන්ගේ කතාබහට…

Read More

ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොෂිමසා හයාෂි දෙදින නිල සංචාරයකක් සඳහා අද (28) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔහු සමඟ 22 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. එම සංචාරයේදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිතයි.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හෙට (28) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය ලෙසයි සඳහන් වන්නේ. මෙම කෙටි සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More

අද දිනයේදී (26) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ…

Read More

රජයේ තීන්දු තීරණවලට බලපෑම් කළ නොහැකි අයුරින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල කප්පාදු කර, නව අධිකරණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. නව ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් ‘නෙසට්’ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී 64 දෙනකු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන්හ. ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ගණන 120 කි. පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ අන්ත දක්ෂිණාංශික රජය ගන්නා තීන්දු තීරණවලට ශ්‍රේෂ්ඨාධිකරණය හරස් වුවහොත්, පාර්ලිමේන්තු ඡන්ද විමසුමකින් ඊට විරුද්ධ වීමට හැකියාව ලැබේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබා දී ඇති වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති වරප්‍රසාද පනත ට අනුව හිටපු ජනාධිපතිවරයකුට හිමි වන්නේ විශ්‍රාම වැටුප, නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම් වරයෙක් සඳහා වන වෙිතන පමණි. නමුත් පසුගිය සමයන්හි දී හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට ජල බිල්පත්,විදුලි බිල්පත් ගෙවීම් ඇතුළු බොහොමයක් වරප්‍රසාද ඇතුලත් කොට තිබිණි. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවක තීන්දුවකින්ද ජනාධිපති වරප්‍රසාද පනත අනුව කටයුතු කරන්නැයි රජයට උපදෙස් ලැබී ඇත. ඒ අනුව මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබාදී ඇති දෑ කපා…

Read More