Author: Buzzer Editor

අද (08) දිනයේදී ද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

Read More

වසංගත රෝගී තත්ත්වයක් හේතුවෙන් වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (08) සිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදු කළ හැකි බව ප්‍රාදේශීය වසංගත ඒකකය විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ. බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැලදීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා වු ක්ෂණික පූර්වාරක්ෂක පියවරක් ලෙස එම පරිශ්‍රය තුළ සංචරණ සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.පසුගිය මස 25 වැනිදා සිට සති දෙකක කාලයක් පනවා තිබූ සංචරන සීමා ඊයේ (07) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ බැවින් ඊට සුදුසු තත්ත්වයක් බන්ධනාගාරය තුළ පවතින බව වව්නියා ප්‍රාදේශීය…

Read More

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ජාතික විදුලි බල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

විස්මිත පණු විශේෂයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. වසර 46,000ක් වයසැති මේ පණු විශේෂය විද්‍යාඥයන් සොයා ගත්තේ සයිබීරියාවේ හිමෙන් වැසුණු වනාන්තර ප්‍රදේශයක කළ ගවේෂණයකදීය. නිද්‍රා ස්වභාවයේ සිටිද්දී හමු වූ මෙම පණුවන්ට, විද්‍යාඥයන් විසින් ජලය හා ආහාර ලබා දී ඇති අතර, ඉන්පසු උන් නිද්‍රා තත්වයෙන් මිදී පියවි තත්වයට පත් වී ඇත. විද්‍යාඥයන්ට අනුව, මෙම පණුවන් ප්ලීස්ටොසීන (Pleistocene) යුගයේ අවසාන භාගයට ඇයත් සත්ව විශේෂයකි. අලි අතුන්ට සමාන ලෝම මැමතුන් වාසය කළේ මෙම කාලයේය. කාලතරණය කළ හැකි විස්මිත පණුවන් යැයි විද්‍යාඥයන් මෙම පණුවන් නම් කර තිබේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද දිනයේදී (07) ද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

වින්ඩ් ෆෝස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මන්නාරම ප්‍රදේශයේ ඉදි කළ මෙගාවොට් 15 ක සුළං බලාගාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (6) විවෘත කළේය. සුළං කුළුණු 6 ක් හරහා ජාතික පද්ධතියට මෙහි විදුලිය නිපදවන අතර එම සමාගම මගින් පසුගිය ආර්ථික අර්බුද සමය තුළදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය. දේශීය ඉංජිනේරුවන් සහ ශ්‍රමය මත මෙහි කටයුතු කෙටි කාලයකින් අවසන් කිරීමට හැකිවිය. (ලංකාදීප)

Read More

වාරික ගෙවීම් ප්‍රමාදවී ලීසිං සමාගම් විසින් මෙහෙයවන පිරිස් විසින් බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගිය විට කොල්ලකෑම නමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බව පොලීසිය පවසනවා. ඒ අනුව මීට මාස කිහිපයකට පෙර මහනුවර නගරයේ දී එක්තරා රියදුරෙක්ව වාහන අත්පත්කර ගන්නා පුද්ගලයින් කිහිපදෙනෙක් විසින් අදාළ රියදුරුට පහරදී වාහනය රැගෙන ගොස් ඇති බවත් මේ වන විට ඔවුන්ට එරෙහිව වාහන කොල්ලකෑම යටතේ නීතිමය පියවර ගෙන ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ. වාරික නොගෙවූ රථවාහන ඇත්නම් ලිසිං සමාගම් විසින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. එසේ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිව දැනුවත්…

Read More

ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, වොෂින්ටන් අගනුවර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2020 වසරේ පැවැත්වුණු ජනාපධිතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, ආධාරකරුවන් උසි ගන්වා, කොංග්‍රස් මණ්ඩලයේ කටයුතුවලට බාධා කිරීම සහ වොෂින්ටන් කැපිටල් ගොඩනැගිල්ලට (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) පහරදීමට සැලැස්වීම සම්බන්ධයෙන් චෝදනා 4 ක් ට්‍රම්ප්ට එල්ල වී තිබේ. ට්‍රම්ප්, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට පරාජය වූයේ 2020 ජනාධිපතිවරණයෙනි. එම ජනාධිතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින්, ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන් ඔහුගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ 2021 ජනවාරි 6 වැනිදාය. වොෂින්ටන් අගනුවර බැරට් පෙටි්‍රමෑන් අධිකරණය හමුවේ පෙනී සිටි ට්‍රම්ප්ට චෝදනා 4 ඉදිරිපත් කෙරුණු අතර, එම චෝදනාවලට තමන් වරදකරු නොවන බව ඔහු විනිසුරු මොක්සිලා උපදායා හමුවේ පැවැසීය.…

Read More

අද දිනයේදී (06) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් සහ යෝජනා අගෝස්තු මස 15 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් සියලු පක්ෂ නායකයින් වෙත දැනුම් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අදාළ දැනුම්දීම ලිඛිතව පක්ෂ නායකයින් වෙත සිදුකර ඇති බවය. පසුගිය මස 26 වනදා පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ පරිදි අදාළ යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More