Author: Buzzer Editor

අද (10) දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

පළාත් සභා පනත සංශෝධනය කර පාර්ලිමේන්තු එකඟතාවක් ඇතිව නව නීති හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. යෝජිත වෙනස්කම් අතරට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය අනුගමනය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මැතිවරණයට සම්බන්ධ වීමට අවස්ථාව සැලසීම සහ කාන්තා නියෝජනය 25% හෝ ඊට වැඩි ප්‍රමාණයකට වැඩි කිරීම ඇතුළත් වන බව ජනාධිපතිවරයා කීය. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක නියෝග හා තීන්දු නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති ඕනෑම අධිකරණයකට බලයක් නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. එලෙස නිකුත් කරන ඕනෑම නියෝගයක් හෝ අධිකරණ තීන්දුවක් ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවයි කතානායකවරයා පෙන්වාදෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු බවත් දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාවෙන් අනුමත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි කතානායකවරයා සඳහන් කරන්නේ. ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ වෙනත් ඕනෑම අධිකරණයක් හමුවේ ප්‍රශ්න කිරීමට, සමාලෝචනය කිරීමට හෝ අභියෝග…

Read More

B-Love Kandy vs Galle Titans ඊයේ පළමු තරගය B-Love Kandy කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර පැවති අතර කාසියේ වාසිය දිනාගත් Galle Titans කණ්ඩාමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් B-Love Kandy කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබා ගත්තා. මෙහිදී වනිඳු හසරංග සිය ක්‍රිකට් දිවියේ වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කිරීම වඩාත් කැපී පෙනුනි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Galle Titans කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 114 ක් පමණක් වන අතර ඒ අනුව තරගය ලකුණු 89 කින් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා. Colombo Strikers vs Jaffna Kings දෙවන තරගය…

Read More

ජර්මනියේ ඩුසෙල්ඩෝෆ් නගරයේ සත්වෝද්‍යානයට නුදුරින් දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ පුපුරා නොගිය බෝම්බයක් හමුවීමත් සමඟ මහත් කලබලයක් හටගත්තේය. ටොන් එකක් බරැති මෙම බෝම්බය, බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම්වල පරික්ෂාවට ලක් වෙද්දී, ඒ අවට සිටි 13,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගත් බව පැවැසෙයි. පොලිසිය පවසන්නේ, දෙවැනි ලෝක යුද්ධයේ දී ප්‍රහාර සඳහා යොදා ගත් මෙවැනි බෝම්බ මීට පෙර ද මෙම නගරය අවටින් සොයා ගෙන ඇති බවය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද දිනයේ (09) ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත් කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් අගෝස්තු මස 16 වැනිදා වන විට සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ තත්ත්වයෙන් මිදීමට විකල්ප විදුලිය මිල දී ගැනීමකට යා නොහැකි දිස්ත්‍රික්ක කිහිපයකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බවද අනතුරු ඇගවීය. ඒ අනුව අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් යන්න වන බවද කීවේය. එසේ විදුලිය මිලදී ගැනීමක් සිදුකළේ නැත්නම් දවල් කාලයේ පැයයි රාත්‍රී කාලයේ පැය දෙකයි ලෙස විදුලි කප්පාදුවක් කළ යුතුව ඇතැයි ද පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

Galle Titans vs Colombo Strikers 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (07) පැවති තරග දෙකෙන් ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම සහ Colombo Strikers කණ්ඩායම සමත් වුණා. ඊයේ පළමු තරගය Colombo Strikers කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර පැවති අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළා. ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් කඩුලු 7 කින් තරගය ජය ගැනීමට සමත් වුණා. Colombo Strikers කණ්ඩායම…

Read More

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඝාතනය කිරීමට තැත් කළ තරුණියක, යුක්රේන ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දිනෙක සෙලෙන්ස්කී, යුක්රේනයේ ජල ගැලීම්වලින් හානි සිදුවුණු මයිකොලායිව් පලාතට ගොස් එම පලාතේ වැසියන්ගේ සුවදුක් විමසා බැලුවේය‍. එම අවස්ථාවේදී, තොරතුරු රැස් කරමින්, එම තරුණිය ජනාධිපතිවරයාට ළං වීමට උත්සාහ ගෙන ඇත්තේ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහාය. කෙසේ නමුත් සෙලෙන්ස්කිගේ ආරක්ෂක නිලධාරීන් කඩිනමින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය රුසියන් හිතවාදී, යුක්රේන තරුණියක බව පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More