Author: Buzzer Editor

ජපානයේ හොකයිඩෝ පළාත භූමි කම්පාවකින් කැලැඹිණි. ඊයේ (11) අලුයම හටගත් එම භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 6 ක් සටහන් කළේය. ජපාන භූ විද්‍යාඥයන් පැවැසුවේ, භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 46 ක් පෘථිවි අභ්‍යන්තරයේ ඇති බවය. භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොල හානි හෝ සිදු නොවිණි. ජපානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් භූ කම්පන හට ගැනීම ස්වභාවිකය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද (12) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…

Read More

එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබියදී සමනල වැව ජලාශයේ ජලය ගොවිතැන් කටයුතුවලට යැයි කියමින් මීට මාසයකට පෙර අවිධිමත් අයුරින් මුදා හැරීම ගැන සොයා බලා වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය. සමනළ වැව ජල ප්‍රශ්නයට හේතුව අනවශ්‍ය වේලාවක දී ජලය මුදා හැරීම බවට ලංකා විදුලිබල මණ්ඩල බලධාරීන් විසින් කර ඇති කරුණු දැක්වීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වාර්තාව කැඳවා ඇත. උඩවලව ජලාශයේ ජල ගැටලුවක් නොමැති අවස්ථාවක සමනල වැව ජලාශයේ වතුර මුදා හැර ඇති බවට ජනාධිපතිවරයා වෙත තොරතුරු වාර්තා වී තිබේ. එසේම උඩවලව ජලාශයෙන් පෝෂණය වන අක්කර 25000ක් වන කොටසේ අක්කර…

Read More

කෘෂිකර්ම, වැවිලි හා වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ඒකාබද්ධ කර කාර්ය සාධක බලකායක් ළඟදීම ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව කෘෂිකාර්මික නවීකරණය සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළත් කරමින් මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන බවයි සඳහන් වන්නේ. පළාත් සභා නවයක සම්පත් සමග කෘෂිකර්මයට සම්බන්ධ ගැටළු කාර්යක්ෂමව විසඳීම අරමුණු කරමින් මෙම ඒකාබද්ධ කිරීම සිදු කරන බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව Dambulla Aura කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එක්වදෝරයේ, විපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ෆනෑන්ඩෝ විලාවිසෙන්සියෝ වෙඩි තබා ඝාතනය කෙරුණි. විලාවිසෙන්සියෝ, වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ක්විටෝ අගනුවර, මැතිවරණ රැලියක් අතරතුරේය. වෙඩි තැබීම කළ පුද්ගලයා කොටු කර ගැනීමට පොලිසිය පසුව සමත් වූ අතර, එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම තැනැත්තා ද ජීවිතක්ෂයට පත්විය. වෙඩි ප්‍රහාරයට ලක් වුණු 59 හැවිරිදි ෆර්ඩිනැන්ඩෝ කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කළත්, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියේ යැයි පැවැසෙයි. ෆර්ඩිනැන්ඩෝ විලාවිසෙන්සියෝ ඝාතනය සම්බන්ධයෙන් කම්පා වෙමින්, එක්වදෝර් ජනාධිපති ගුලියේර්මෝ ලාසෝ, ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ එය සහාසික අපරාධයක් බවත්, ඝාතකයන් සොයා දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බවත්ය. ට්විටර් සමාජ මාධ්‍ය ජාලය දැන්…

Read More

අද (11) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සතු තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 4 සිට සියයට 2 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 08 වැනිදා රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත. එළඹෙන 16 වැනිදායින් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්චේදයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. මෙම තීරණය හේතුවෙන් රුපියල් බිලියන 200 ක් පමණ මුදලක් දේශීය මුදල් වෙළඳපොළ වෙත මුදා හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. එමගින් බලපත්‍රලාභී බැංකුවල අරමුදල් පිරිවැය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමට බැංකුවලට…

Read More

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධව විපක්ෂය ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් අද සිකුරාදා (11) රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 10.30ට එම කාරක සභාව රැස්වීමට නියමිත අතර මෙම සතිය තුළ සාමාන්‍ය පරිදි පෙර න්‍යාය පත්‍රයට අනුව පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යවරයාට ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ඇමෙරිකාවට අයත් හවායි දූපත් රාජ්‍යය මායුයි සහ බිග් අයිලන්ඩ් දූපත් ළැව් ගින්නකින් බැට කෑවේය. වියලි සුළං හේතුවෙන් ළැව් ගින්න පාලනය කර ගැනීම අපහසු වූ බව ගිනි නිවන භටයෝ කියති. මායුයි දූපතේ ළැව් ගින්නට හසුවී 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 15 දෙනකු පිළිස්සී තුවාල ලබා රෝහල් ගත කළ බව පැවැසෙයි. එසේ රෝහල්ගත කළ තිදෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. නිවාස රැසක් ගින්නට හසුවී දැවී අගුරු වී ඇති බව ද පැවැසෙයි. තවත් නිවාස 12,000 කට විදුලි බලය අහිමි වී තිබේ. මායුයි දුපතේ ලහයිනා නමැති මූද අද්දර පිහිටි නගරයේ වැසියන්, ළැව් ගින්නට කොටු වුණු බවත්, ඔවුන් මුහුදට පැන ගින්නෙන් බේරුණු…

Read More