- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
- ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි
- විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
Author: Buzzer Editor
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු මස 17 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව නැවතත් පාසල් අගෝස්තු මස 28 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ධුරයෙන් නෙරපා අත්අඩංගුවට ගැණුනු නයිජර් ජනාධිපති මොහොමඞ් බාසූම් හට දේශද්‍රෝහී චෝදනා යටතේ නඩු පැවැරීමට බලාපොරොත්තු වන බව එරට බලය අල්ලා ගත් හමුදා පාලකයෝ පවසති. නයිජර් යනු අතීතයේ ප්‍රංශ යටත් විජිතයකි. නයිජර් අයත් වන්නේ බටහිර අප්‍රිකාවටය. ජනාධිපති මොහොමඞ් බාසූම් අත්අඩංගුවට ගනිමින් හමුදාව රටේ බලය අල්ලා ගත්තේ පසුගිය ජූලි 26 වැනිදාය. නයිජර් ප්‍රජාතන්ත්‍රවාදී – සමාජවාදී පක්ෂයට නායකත්වය දෙන බාසූම් අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි. 1995 සිට 96 දක්වා කාලයේ ඔහු විදේශ අමාත්‍ය ධුරය ද හොබවා තිබේ. බාසූම්ගේ ජනාධිපති ධුරය ආරම්භ වූයේ 2021 අප්‍රේල් 2 වැනිදාය. ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල සහාය ඔහුට හිමිවෙයි. නයිජර් රාජ්‍යයේ ප්‍රජානත්්‍රවාදය ස්ථාපිත කිරීමෙහිලා ඉතා වැදගත් වැඩ කොටසක් කළ තැනැත්තකු…
අද (15) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඉදිරි සති දෙක ඇතුලත රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. අද රට පත්ව තිබෙන තත්ත්වයට පසුගිය වසර 75 තිස්සේ පාලනය කළ දේශපාලනඥයන් වගකිව යුතු බව කී හරීන්…
2023 වසර ආරම්භයේ සිට අගෝස්තු 10 වන දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 819,507 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 2023 අගෝස්තු මාසයේ මුල් දින 10 තුළ පමණක් 51,000 ඉක්ම වූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ. පසුගිය ජූලි මාසයේ දී 143,039 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය 2023 වසරේ තනි මාසයක් තුළ මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය බවයි සඳහන් වන්නේ.
බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර අයිෆල් කුලුනේ ආරක්ෂාව තර කෙරුණි. අයිෆල් කුලුන ප්‍රංශයේ අනන්‍යතාවයයි. ලොව ප්‍රසිද්ධ අයිෆල් කුලුන නැරැඹීමට වසරකට මිලියන ගණනක් දෙනා පැමිණෙති. පසුගිය වසරේ පැමිණි නරඹන්නන් ගණන මිලියන 6.2 ක් යැයි පැවැසෙයි. බෝම්බ තර්ජනයත් සමඟ අයිෆල් කුලුන වහා හිස් කිරීමට කටයුතු කෙරුණු අතර ඉහළ මහල තුනක් වසා දැමුණි. ඉන්පසු පැරිස් පොලිස් නිලධාරීන් සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් වහා පැමිණ කුලුන පරීක්ෂා කළ බව ද පැවැසෙයි. අයිෆල් කුලුනේ ඉහළ මහලක අවන්හලක් ද ඇත. කෙසේ නමුත් බෝම්බයක් හෝ පුපුරන ද්‍රව්‍ය හෝ කුලුනේ තිබී සොයා ගැණුනේ නැත. අයිෆල් කුලුන ඉදිකිරිම ඇරැඹුණේ 1887 ජනවාරියේය. ඉදිකිරීම් අවසන් වූයේ 1889 මාර්තු 11 වැනිදාය.…
අද දිනයේදී (13) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වලස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීම සඳහා සබඳතා ගොඩනගා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව තානාපති මට්ටමින් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව ත්‍රෛපාර්ශ්වික හමුවකදී සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීමේදී දකුණු ආසියාව ප්‍රධාන පාර්ශ්වකරුවෙකු බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟ සබඳතාවලට ජපානයට වැදගත් බවත් ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද අත්‍යාවශ්‍ය හවුල්කරුවන් බවත් ඉන්දියාවේ ජපාන තානාපති හිරෝෂි සුසුකි මහතා ඉන්දීය ,ශ්‍රී ලංකා සහ ජපාන ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවේ සමාරම්භක සැසිවාරය අමතමින් පැවසුවේය. සියලුම ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ සහභාගීත්වයෙන් විනිවිද පෙනෙන සහ සාධාරණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ශ්‍රී ලංකාව සිදු කිරීම ඉතා වැදගත් බවද සුසුකි…
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ජල මට්ටම අඩු වීමත් සමග ටර්බයින් වෙත ජලය රැගෙන යන මාර්ගයේ දිය සුළි හට ගැනීම හේතුවෙන් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ වේගය අඩු කිරීමට සිදුවූ බවද, එම නිසා විදුලි ජනන යන්ත්‍රවලින් උත්පාදනය වන්නේ අඩු මෙගාවොට් ප්‍රමාණයක් බවද ඔවුන් පෙන්වා දෙනවා. මේ වනවිට ජලය කියුබික් ලීටර් මිලියන 7.5 ක් සමනල වැවෙන් උඩවලට මුදා හැර ඇති අතර, සමනල වැව ජලාශයේ ධාරිතාව මේ වනවට සියයට 8 ක් ලෙස පවතින බවද වාර්තා වනවා.
බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම්, මේ වසරේ දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. පාලන මිල ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට බිත්තර අලෙවි ජාලය ශක්තිමත් වෙමින් පවතින බවයි එහි සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ.