Author: Buzzer Editor

ඊයේ (17) දිනයේදී හෝමාගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් මේ වනවිට යොදවා ඇති බවයි සඳහන් වන්නේ. ගින්නට ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. බොහෝවිට අද දිනය තුලදී කරුණු මාධ්‍ය වලට අනාවරණය වෙතැයි බලාපොරොත්තුවෙන් සිටිමු.

Read More

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හට චෝදනාවක් එල්ල වී ඇත. ඒ, හවායි දූපතේ ළැව් ගිනි වලින් සිදුවුණු හානිය සොයා නොබැලීම සම්බන්ධයෙනි. දිගින් දිගටම චෝදනා එල්ල වෙද්දී තමනි හවායි දූපත්වල සංචාරය කිරීමට සූදානම් බව බයිඩන් පවසා තිබේ. හවායි දූපත් ඇමෙරිකාවට අයත් කොටසකි. පසුගියදා හවායි දූපත්වල පැතිරැණු ළැව් ගිනිවලට හසුවීමෙන් මියගිය ගණන මේ වනවිට 100 පසු කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද (17) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත්කර තිබේ. අජිත් මෙන්ඩිස් මහතා මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය. මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කළ සරත් ලියනගේ මහතාව එම ධූරයෙන් ඉවත්කිරීමට සෞඛය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පියවර ගෙන තිබේ. (ලංකාදීප)

Read More

අද (17) සිට ලංකා සතොස ආයතන විසින් භාණ්ඩ වර්ග 9 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව බාස්මතී, දුඹුරු සීනී, අර්තාපල්, සුදු ළුණූ, රතු කැකුළු ඇතුළු භාණ්ඩ කිහිපයක් මෙලෙස පහළ දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මිල පහළ දැමූ භාණ්ඩ ලැයිස්තුව ඇතුළත් නිවේදන පහතින්.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් ලබන සැප්තැම්බර් මාසයේ දිවයිනට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඒ අනුව සැප්තැම්බර් 14 වනදා සිට 27 වනදා දක්වා ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා ඔවුන් මෙලෙස දිවයිනට පැමිණෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

Galle Titans vs Colombo Strikers 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Galle Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Colombo Strikers කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 15 යි පන්දු 4 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 74 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Galle Titans කණ්ඩායම පන්දුවාර 8 යි පන්දු 3 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් කඩුලු 8 ක ජයක් ලබා ගත්තා. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද Galle Titans කණ්ඩායම සමත් වුණා. Buzzer.lk සහ Buzzer Sports සමඟ…

Read More

නයිජර් හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මාලි රටේ හමුදා නායක කර්නල් අසීමි ගොයිතා සමඟ දුරතකතනයෙන් සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තමන් නයිජර් රටේ හමුදා කුමන්ත්‍රණයට මැදිහත් වීමට සූදානම් බවත්, රටේ හටගත් අර්බුදකාරී තත්ත්වය සාමකාමීව විසඳා ගැනීමට තමන් නයිජර් හමුදා ප්‍රධානීන්ට උපදෙස් ලබා දෙන බවත් රුසියන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. බටහිර අප්‍රිකාවට අයත් නයිජර් සහ මාලි අතීතයේ ප්‍රංශයේ පටත් විජිතය. මාලි යනු නයිජර් රටේ අසල්වැසියන්ගෙන් කෙනෙකි. අද නයිජර් රටේ පමණක් නොව, මාලි රටේ ද බලය අල්ලා ගෙන සිටින්නේ හමුදාවය. මාලි රටේ අර්බුදයට ද සාමකාමී විසඳුම් අවශ්‍ය බව ජනාධිපති පුටින් අවධාරණය කර තිබේ. ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර…

Read More

අද (16) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (15) චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව අද (16) දිනයේ සිට ලබන 20 වන දින දක්වා චීනයේ කුන්මින්හි දී පැවැත්වෙන චීන දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60ක් සහභාගී වන අතර පොදු සංවර්ධනය සඳහා සහයෝගිතාව සහ සම්බන්ධීකරණය මෙම ප්‍රදර්ශනයේ තේමාව බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More