Author: Buzzer Editor

හම්බන්තොට – පොල්පිටිය අධිවෝල්ටීය ‍නව රැහැන් මාර්ගය අවට කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලි බල මණ්ඩලය එම ප්‍රදේශයේ ජනතාවට දැනුම්දෙනවා. දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණය කරන එම රැහැන් මාර්ගයේ ඉදිකිරිම් මේ වනවිට අවසන් අදියරේ පවතින බැවින් විදුලි රැහැන්වල සරුංගල් පැටලීමෙන් වන අනතුරු වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද ඔවුන් පවසනවා.

Read More

පානීය ජල බෝතල් සම්බන්දයෙන් නව නීතියක් ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, මින් ඉදිරියට පානීය ජලය ඇසුරුම් කළ හැක්කේ විනිවිද පෙනෙන බෝතල්වල පමණයි. වෙළදපොළේ පානීය ජලය අලෙවි කරන ඇතැම් බෝතල් නිල් පැහැති වර්ණයෙන් යුක්ත බවත් එවැනි බෝතල් අලෙවි කිරීම ඉදිරියේදී තහනම් කරන බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඉදිරියේදී විනිවිද පෙනෙන බෝතල් පමණක් නිශ්පාදනය කිරීම සදහා ඒවායේ නිශ්පාදන ආයතන වෙත සහන කාලයක් ලබා දීමටද නියමිත බවයි. මීට අමතරව මින් ඉදිරියට වෙළදපොලට නිකුත් කළ හැක්කේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බෝතල් පමණක් බවට වන නව නීතියක්ද හදුන්වාදෙන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පැවසුවේ. රට පුරා සිදු…

Read More

ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාවේ බොගෝටා අගනුවර භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසය. බොගෝටා අගනුවර නිවාස සහ ගොඩනැගිලි දෙදරා යද්දී, නගර වැසියෝ මහත් සේ බියට පත්වූහ. භූමි කම්පාවත් සමඟ එක් මරණයක් වාර්තා විය. මියගියේ කාන්තාවකි. භූමි කම්පාව සිදුවෙද්දී ඇය මහල් නිවාස ගොඩනැගිල්ලක සිටි බවත්, භූමි කම්පාවත් සමඟ එම ගොඩනැගිල්ල කඩා වැටේවි යැයි බිය වී, ඇය ගොඩනැගිල්ලෙන් බිමට පැන්න බවත් මාධ්‍ය වාර්තා පවසයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද (19) දිනයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන 24 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 22 වැනිදා සිට 25 වැනිදා දක්වා රැස්වීමට නියමිතය. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

බඩ ඉරිඟු මත පනවා තිබූ ආනයන බද්ද පහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව බඩ ඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

Dambulla Aura vs Galle Titans (Qualifier 1) ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ Dambulla Aura සහ Galle Titans කණ්ඩායම් අතර පැවති Qualifier 1 තරගය කඩුලු 6 කින් ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 146 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී Galle Titans කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් ලසිත් කෘස්පුල්ලේ ලකුණු 80 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් Hayden Kerr කඩුලු 3 ක් හා Noor Ahmad කඩුලු 2 ක්…

Read More

ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, ඉතාලියේ Bardonecchia නගරය මුළුමනින්ම මඩවලින් වැසී ගොස් ඇත. නගරය අසලින් දිවෙන ‘මර්ඩෝවයින්’ නදිය පිටාර ගැලීමත් සමග මඩ තට්ටු නගරයට පා වී ආවේ ‘මඩ සුනාමියක්’ ලෙසින් යැයි නගර වැසියෝ පවසති. මඩ තට්ටු සමග ආ සැඩ රළ පහරට හසුවුණු මෝටර් රථ ගසා ගෙන තැන්තැන්වල ගොස් එක පොදියට ගොඩ ගැසුණු බව ද වාර්තා වේ. මඩ තට්ටු ඉවත් කරමින් මාර්ග පිරිසුදු කිරීම ලහි ලහියේ සිදුවෙමින් පවතී. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද (18) දිනයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

රාජ්‍ය බදු යාන්ත්‍රණය ඉහළ නංවාලීම සඳහා දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බවත්, ඔවුන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට මෙම නව දේශීය ආදායම් පනතෙන් හැකියාව ලැබෙන බවත් අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය. මෙරට රාජ්‍ය බදු අය කර ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බවත්, එබැවින් රටේ බදු ප්‍රතිපත්තිය ද කඩිනමින් වෙනස් කළ යුතු බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක…

Read More