Author: Buzzer Editor

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පුරු ජනාධිපති හලීමා යාකොබ් හමුවී තිබෙනවා. ඒ අනුව සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා ඊයේ (21) පෙරවරුවේ එරට ජනාධිපතිවරිය හමු වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන් එන්ග් හෙන් (Dr. Ng Eng Hen) හමුවී තිබෙනවා. එහිදී භූ දේශපාලනික වර්ධනයන් සහ කුඩා සමුද්‍රීය රටවල් සඳහා කලාපීය ස්ථාවරත්වයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද (21) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙරහැර දළදා වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය, යටිනුවර වීථිය, රජ වීථිය ඔස්සේ පෙරහර ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිත බවයි සඳහන් වන්නේ. කුඹල් පෙරහර අද (21දා) සිට 25 දින දක්වා වීදි සංචාරය කෙරෙන අතර අනතුරුව රන්දෝලි පෙරහර 26 දින ආරම්භ වනවා.

Read More

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ශූරතාව දිනා ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා. ඒ B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගයෙන් B-Love Kandy කණ්ඩායම කඩුලු 5 ක ජයක් ලබා ගැනීමත් සමඟයි. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් ලබාගත්තා. පන්දුවට පහරදීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 40 ක්, සධීර සමරවික්‍රම ලකුණු 36 ක් හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 31 ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී B-Love Kandy කණ්ඩායම…

Read More

දශක පහකට වැඩි කාලයක්, ඇමෙරිකව් මින් මැදුරක ජීවත් වුණු ‘ලොලිටා’ නමැති කිලර්වේල් තල්මසා මියගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. ‘ලොලිටා’ ගැහැනු සත්වයෙකි. ඇය පසුගිය වසර 50 තුළ ජීවත් වූයේ මියාමි නුවර සාගර මින්මැදුරේ කුඩා ටැංකියකය. විවිධ සංදර්ශනවලට එක්වෙමින් නරඹන්නන් සතුටු කිරීම ලොල්ටාගේ දෛනික රාජකාරියක් වූ බව පැවැසෙයි. ඇය මියගියේ මුත්‍රා ආසාදනයක් හේතුවෙන් වකුගඩු අක්‍රිය වීමෙන් යැයි වෛද්‍යවරු පවසති. ‘ලොලිටා’ මුහුදට නිදහස් කර යැවීමට සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් පසුගිය කාලයේ දැඩි පරිශ්‍රමයක යෙදුණු අතර එයට ද යහපත් ප්‍රතිචාර ලැබුණි. මින් මැදුරේ බලධාරීන් පැවැසුවේ, පසුගිය මාස කීපය තිස්සේ යළි මුහුදට යැවීමට ඇයට අවශ්‍ය පුහුණුව ලබා දුන් බවය. වසර…

Read More

අද (21) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුලතිවු දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය වන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා වැදගත් තීන්දු තීරණ රැසක් වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද උපරිම දායකත්වය ලබා ගැනීම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඊට දායකවන සියලු පාර්ශ්වයන්ට පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බව ද අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. දෛනිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන අතර ඔවුන් ඉලක්ක…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (21) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා සිය සංචාරයේ දී සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එසේම සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං, සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන්, තිරසරබව හා පරිසරය පිළිබඳ ඇමතිනී ග්‍රේස් ෆු හායි ඉයෙන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

මෙම වසර අවසන් වීමට පෙර තමන් චීන ජනාධිපති ෂී ජින් පිං හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකාව සහ චීනය අතර පවතින එදිරිවාදිකම් අවසන් කිරීම මෙම හමුවේ අරමුණ යැයි ද බයිඩන් පැහැදිලි කර තිබේ. ඇමෙරිකාව සහ චීනය අතර අංශ කීපයකින් අර්බුද පවතී. චීනය රුසියාව සමඟ පවතින හිතවත්කම් සහ චීනය තායිවානයට එරෙහිව යෑම ද ඇමෙරිකාවේ අප්‍රසාදයට හේතු වූ කරුණ කාරණාය. ලබන නොවැම්බරයේ, ‘ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුව’ ඇමෙරිකාවේ පැවැත්වෙයි. චීන ජනාධිපති ෂී ජින්පින්ට ඒ සඳහා ඇරැයුම් කෙරනු ඇත. බයිඩන්ට, චීන ජනාධිපති ජින්පින් හමුවීමට අවස්ථාව උදා වනු ඇත්තේ මෙම සමුළුව අතරතුරේය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World…

Read More

අද (20) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නමුත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

මධ්‍යම රජය,පළාත් සභාව සහ පළාත් පාලන ආයතනවල සේවාවන් සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වැළැක්වීමට නව යාන්ත්‍රණයක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පළාත් සභාවල ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් හමුවූ අවස්ථාවේදී ඔහු මෙසේ පැවසුවේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පළාත් පාලන කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More