- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
දේශගුණික විපර්යාස වලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. එම කමිටුව අවම වශයෙන් මාස හයකට වරක්වත් රැස්වී ප්‍රගතිය සමාලෝචනය කළයුතු බවට ද ජනාධිපතිවරයා යෝජනා කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ ශ්‍රී ලංකාවේ මුලපිරීම්වල ප්‍රගතිය සමාලෝචනයට ඊයේ (23) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයන් රැසක් සහභාගී වී සිටි මෙම සාකච්ඡාවේ දී ඉදිරි දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රටක් ලෙස ක්‍රියාත්මක කළයුතු උපාය මාර්ගික වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස…
එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් අයිතම් 09ක් ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ නිෂ්පාදනය හෝ අලෙවිය තහනම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් නිකුත් කර ඇති බව එම අධිකාරිය දැනුම් දෙයි.එක්වරක් පමණක් භාවිත කරන බීම බට, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල්මාලා හා ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි යන අයිතම ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. ඒ අනුව ඒවා රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, නොමිලේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර එම නියෝග කඩකරන්නන්ට එරෙහිව…
උතුරු කොරියා රජයට අයත් ‘එයාර් කොර්යෝ’ ගුවන් සේවය, වසර 3 කට පසු යළි ගුවන් ගමන් ආරම්භ කළේය. පසුගිය වසර 3 ක කාලයේ ‘එයාර් කොර්යෝ’ ගුවන් සේවය ගුවන් ගමන් නවත්වා දමා තිබුණේ ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙනි. වසර තුනකට පසු ‘එයාර් කොර්යෝ’ ගුවන් යානයක් චීනයේ බෙයිජීං අගනුවර බලා පැමිණි බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද (23) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට පහසුවන ආකාරයෙන් සහ තවදුරටත් ක්‍රමවත්ව සකස් කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. කොටුව සහ කොටු පරිශ්‍රය දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට පහසුවන ආකාරයෙන් හා කොටුව තුළ පිහිටා ඇති විහාරස්ථානය, කොවිල සහ එහි ස්ථානගත කර ඇති හමුදා කඳවුරෙහි කාර්යයන් සඳහා බාධාවක් නොවන අයුරින් නියමු සැලැස්මක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා එහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය. කොටුව සහ ඉන් පිටත ස්මාරක තව දුරටත් ආරක්ෂාකාරී ලෙස සංරක්ෂණය කරන ලෙසත්, කැනීම් කිරීමට පවතින ප්‍රදේශන් කඩිනමින් සංරක්ෂණය කර අවසන් කරන ලෙසත්, සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා කොටුව පිළිබඳව තොරතුරු ලබාගත හැකි…
කිඹුලාවල වීථි ආහාර (Steert Food) අලෙවිසැල් දින 14 ක් ඇතුළත ගලවා ඉවත්කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම අලෙවිසැල් හිමියන්ට දැනුම් දී තිබෙනවා. එම අලෙවිසැල්, මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් වන බවත්, අනවසරයෙන් තට්ටු දෙකේ අලෙවිසැල් ද සාදා ඇති බවයි සඳහන් වන්නේ. මේ හේතුවෙන් රිය අනතුරු සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් මෙම තීරණය ගත් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දී ඇත්තේ. මීට පෙර ද මෙම අලෙවිසැල් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කළ ද පසුව කඩ හිමියන් අතර ඇති කරගත් එකඟතාවය මත අලෙවිසැල් පවත්වාගෙන යෑමට ඉඩ ලබාදී තිබුණා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී…
සිඩ්නි හි පැවති කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම තියුණු තරගයකින් පසුව පෙරේදා (20) එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුවේය. එම තරඟයේදී එංගලන්ත පාපන්දු කණ්ඩායමට ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම ලබා නොදුන් අතර ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළ එකම මෙන්ම ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට එම කණ්ඩායමේ ක්‍රීඩිකා 23 හැවිරිදි ඔල්ගා කාර්මෝනා සමත් විය. ඔල්ගා කාර්මෝනා ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ නායිකාවද වේ. ඔල්ගා කාර්මෝනා ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමට ලෝක කුසලානය ජයග්‍රහණය කර දීමට මුල් වුවද ලෝක කුසලාන ජයග්‍රහණය කර විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් ලැබුණු ශෝක ජනක පුවතක් හේතුවෙන් ඇයට ලෝක…
රුසියන් හමුදා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට, ‘එෆ්.16’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යුක්රේන හමුදාවට ලබා දීමට නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය තීරණය කර තිබේ. නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සිය සතුට පළ කරමින් පවසා ඇත්තේ එය ඓතිහාසික තීරණයක් බවය. යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විය. යුක්රේන ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ද සෝවියට් දේශය පැවැති සමයේ භාවිතයට ගත් ඒවාය. ඒ අනුව, එෆ්.16 ප්‍රහාරක යානාවලින් යුක්රේන ගුවන් හමුදාව ශක්තිමත් වීම රුසියාවට බරපතල තර්ජනයක් වනු ඇත. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද (22) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම/CTB) බස් රථ පිළිබඳ පැමිණිලි කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ලංගම පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව සේවකයන් වංචා බවත් එම වංචා පාලනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වාදෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය. ලංගමයට අය විය යුතු ආදායමෙන් කොටසක් රියදුරන් හා කොන්දොස්තර මහතුන් බෙදාගන්නා ගැනීම දිනපතා සිදුවන ක්‍රියාවලියක් බවත් ලංගමයට දිනකට ලැබිය යුතු ලක්ෂ 100ක පමණ මුදලක් එසේ අහිමිවන බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)