Author: Buzzer Editor

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීති බලධාරීන්ට බාර විය. නීති බලධාරීන්ට බාර වෙන්නැයි හිටපු ජනාධිපතිවරයාට පෙරේදා (24) දිනය තෙක් කල් දී තිබුණි. බාර නොවූයේ නම් ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානමක් පැවැතිණි. ට්‍රම්ප්ට අපරාධ චෝදනා රැසක් එල්ල වී, අධි චෝදනා ගොනු කර ඇත. ඇමෙරිකාවේ ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුට හෝ චෝදනා ගොනු කෙරුණු පළමු අවස්ථාව මෙයයි. 2020 ජනාධිපතිවරණායේ දී ජෝර්ජියා ජනපදයේ, ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට ට්‍රම්ප් බලපෑම් කළේ යැයි යන්න ට්‍රම්ප්ට එල්ල වී ඇති චෝදනාවලින් එකකි. ට්‍රම්ප් නිව් ජර්සි ජනපදයේ බෙඩ්මින්ස්ටර් නුවර සිය නිවසේ සිට ජෝර්ජියා ජනපදයේ ඇට්ලැන්ටා නුවර ගුවන්තොටුපොළට පැමිණියේ පෞද්ගලික…

Read More

අද (26) දිනයේදී ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. එසේම පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් වැටුපක් ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. පෙර පාසලක් ආරම්භ කිරීමේදී එය යම්කිසි නීති රාමුවකට යටත්ව සිදුකළ යුතු බවද පෙර පාසල් ගුරුවරිය උපාධිධාරිනියක් විය යුතු අතර ඔවුන්ටම ආවේණික විශේෂිත වූ පුහුණුවක් අවශ්‍ය බව…

Read More

රුසියානු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් ගමන් කළ ඔහුගේ පෞද්ගලික ජෙට් යානය මොස්කව් අගනුවරට උතුරින් කඩා වැටුණි. සිදුවුණු එම අනතුරින් යානයේ සිටි ප්‍රිගෝෂින් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුර සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන පැවැත්වෙයි. මීට මාස දෙකකට පෙර, රුසියන් හමුදාවටත්, රජයටත් අභියෝග කරමින්, රුසියාවේ බලය ඇල්ලීමේ කැරැල්ල මෙහෙය වූයේ ප්‍රිගෝෂින් ය. දින දෙකකට පමණක් සීමා වුණු එම කැරැල්ල අසාර්ථක විය. එම කැරැල්ල සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ප්‍රිගෝෂින් අතරේත්, ප්‍රිගෝෂින් සහ රුසියන් හමුදා ප්‍රධානීන් අතරේත් විරසකයක් පැවැතිණි. අතීතයේ පුටින්ගේ සමීපතම මිතුරකු වූයේ ද ප්‍රිගෝෂින් ය. හමුදා කැරැල්ලට ප්‍රිගොෂින් යොමු වූයේ රුසියන් හමුදාවෙන් ඔහුගේ කුලී හේවා බලඇණියට එල්ල වුණු…

Read More

අද (25) දිනයේදී ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ශ්වසන රෝග ඇතුළු බැක්ටීරියා ආසාදන සදහා භාවිතා කරන ‘කෝ ඇමොක්සික් ලෙව් (Co-amoxiclav)’ නැමති ප්‍රතිජිවක ඖෂධයේ තවත් ඛාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. මීට පෙර ද භාවිතයෙන් ඉවත් කර ඇති මෙම ඖෂධය තත්වයෙන් බාල බවට වෛද්‍ය සැපයුම් අංශය නිර්දේශ කිරීමත් සමග මෙම පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ළමා රෝග ආසාදනවලදී බහුල වශයෙන් ලබා දෙන මෙම ප්‍රතිජීවක ඖෂධය දේශීය සමාගමක නිෂ්පාදනයකි. එම ඖෂධය පිළිබද වැඩිදුර පරීක්ෂණ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණාගාරයකට යොමු කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) කියයි. ඒ ආකාරයට පරීක්ෂණ සදහා යොමු කර තිබියදී මෙම සමාගම විසින් නිෂ්පාදනය කර යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන්…

Read More

අලුතින් රැහැන් අදිනු ලැබූ පොල්පිටිය – හම්බන්තොට සම්ප්‍රේෂණ මාර්ගය මගින් දකුණු පළාත ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබෙනවා. ඒ අනුව මේ තුළින් දකුණු පළාතට මෙගාවොට් 800 ක විදුලි ධාරිතාවක් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව පවතින බවයි ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් සැප්තැම්බර් මස 04 දින සිට 17 දින දක්වා සෞදි අරාබියේ රියාද් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය සඳහා ඉන්දික දිසානායක, ශ්‍රීමාලි සමරකෝන් සහ සහ හංසනී ගෝමස් සහභාගි වෙති. මෙවර තරගාවලියේ දී පිරිමි කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර පංතිය නියෝජනය කරමින් ඉන්දික දිසානායක තරග වදින අතර හංසනී ගෝමස් කාන්තා කිලෝ ග්‍රෑම් 49 ට අඩු බර පංතිය යටතේ ද ශ්‍රීමාලි සමරකෝන් කාන්තා කිලෝ ග්‍රෑම් 45 ට අඩු බර පංතිය නියෝජනය කරමින් ද තරග කරති. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු ලෙස ඉන්දික දිසානායක, හංසනී ගෝමස් සහ ශ්‍රීමාලී සමරකෝන් හැඳින්විය…

Read More

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන්, ළැව් ගිනිවලින් හානි සිදුවුණු හවායි දූපත්වල සංචාරය කරමින්, විපතට පත්වූවන්ගේ සුවදුක් විමසා බැලුවේය. හවායි දූපත් ඇමෙරිකාවට අයත් කොටසකි. බයිඩන් හවායි දූපත් බලා ගියේ ළැව් ගිනිවලින් හානි සිදුවී දින 13 ක් ගත වෙද්දීය. ළැව් ගිනිවලට හසුවීමෙන් මියගිය ගණන 114 කි. ඇමෙරිකාවේ සිදුවුණු දරුණුතම ළැව් ගිනි අනතුරු ලෙස සැලකෙන්නේ හවායි දූපත්වල පැතිරුණු මෙම ළැව් ගිනි යැයි පැවැසෙයි. ළැව් ගිනිවලින් විපතට පත්වුණු වැසියන් සනසවමින් ජනාධිපති බයිඩන් පැවැසුවේ, අවශ්‍ය තරම් කාලයක් ෆෙඩරල් රජය, විපතට පත්වූවන්ට අවශ්‍ය ආධාර ලබා දීමට පියවර ගන්නා බවය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද (24) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහපොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More