- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවලින් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී සිටී. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ වෙහෙස වී උපයා ගත් ධනය අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසය. ඊට අමතරව ඇතැම් වංචාකරුවන් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව ද මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබේ. වංචාකරුවන් විසින් විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා විවිධ ප්‍රකාශ සිදුකරනු ලබන බවත් ඒවා නොරැවටෙන ලෙසද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මොනයම් ආකාරයේ යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු [email protected] යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.…
ලබන පාර්ලිමේන්තු සතිය යෙදෙන සැප්තැම්බර් 5,6 ,7 සහ 8 යන දිනයන්හි විදේශ ගත වීමෙන් වලකින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව මෙම දිනයන්හි දී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත හෙයින් ජනාධිපතිවරයා ඉහත නියෝගය නිකුත් කර ඇත. ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ. කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දින දෙකක් හෝ තුනක් අවශ්‍ය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටි අතර ආණ්ඩු පාර්ශවයෙන් ඊට එකඟතාවය පළ…
රුසියානු වැග්නර් කුලී හේවා බලඇණියේ නායක යෙව්ගිනි ප්‍රිගොෂින් ගුවන් අනතුරින් මියගිය බව සිදු කළ ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් තහවුරු වී ඇත. පසුගිය 24 වැනිදා අනතුර සිදුවී කඩා වැටෙද්දී, ප්‍රිගොෂින් ඇතුළු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ සාමාජිකයන් 10 ගුවන් යානයේ සිට ඇත. යානය, ප්‍රිගොෂින්ගේ පෞද්ගලික ගුවන් යානයයි. ඉතිරි 9 දෙනා ද මියගිය බව තහවුරු කිරීමට ඩී.එන්.ඒ පරීක්ෂණ සිදු කර ඇතැයි රුසියන් බලධාරීහු පවසති. යානයේ පියසැරි දත්ත ඇතුළත් ‘කළු පෙට්ටිය’ ද සොයාගෙන ඇති අතර, යානය කඩා වැටුණේ ඇයිදැයි සොයා බලන බව බලධාරීහු වැඩි දුරටත් පැහැදිලි කරති. (රොයිටර්)
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
මෙරට ලන්දේසි පාලන කාලය තුලද ඔවුන් විසින් රැගෙන ගිය පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් මෙරට කෞතුක භාණ්ඩ යළි මෙරටට ලබාගැනීමේ ගිවිසුම සඳහා අද (28) අත්සන් තැබෙන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. බුද්ධ ශාසන අමාත්‍යංශය නෙදර්ලන්තයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන් එම පුරාවිද්‍යා භාණ්ඩ ලබාදීමට එකගතාව පළ කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා. එලෙස නෙදර්ලන්තයෙන් ගෙන්වා ගන්නා පුරාවිද්‍යා වටිනාකමක් සහිත භාණ්ඩ ඉදිරියේදී මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනයට විවෘත කරන බවයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer History සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු සහ පුවත් දැන ගන්න.
ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා මෙතෙක් පරිහරණය කළ වසර 20ක් පමණ පැරණි ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතිය ඉවත් කර ලොව තිබෙන අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් කටුනායක ගුවන් මෙහෙයුම් පාලක මැදිරියේ ස්ථාපනය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය තුළ ආරක්ෂිත ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියළු නවීන තාක්ෂණික මෙවලම් පහසුකම් මෙමගින් හිමිව ඇත. මෙම අධී තාක්ෂණික සන්නිවේදන පද්ධතිය, පසුගිය 26 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහභාගි වු අතර ප්‍රථම ඇමතුම කටුනායක සිට රත්මලාන ප්‍රධාන ගුවන් පාලක කුළුණ වෙත ලබා ගන්නා ලදී. දිනපතා මෙවැනිම ආකාරයේ…
ගුවන් අනතුරුන් මියගිය ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින් ගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ කියා සිටියේ, මරණ තර්ජන තිබූ බැවින් කල්පනාවෙන් වැඩ කරන්නැයි තමන් අවස්ථා ගණනාවකදී ප්‍රිගොෂින්ට අනතුරු ඇඟවූ බවය. බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ, ප්‍රිගොෂින්ගේත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේත් සමීප මිතුරෙකි. පසුගිය ජූනි මාසයේ, ප්‍රිගොෂින් සහ ඔහුගේ ‘වැග්නර්’ කුලී හේවා බලඇණිය, රුසියන් හමුදාවටත්, රුසියන් ජනාධිපති පුටින්ටත් අභියෝගයක් විය. ඒ ඔවුන් හමුදා කැරැල්ලකට සූදානම් වීමත් සමඟය. එම අවස්ථාවේදී ප්‍රිගොෂින් ද්‍රෝහියකු යැයි පුටින් පැවැසීය. පැය කීපයකට සීමා වුණු හමුදා කැරැල්ල අවසන් වූයේ ජනාධිපති ලුකෂෙන්කෝ මැදිහත් වී, ප්‍රිගොෂින් සහ ‘වැග්නර්’ සාමාජිකයන් බෙලරූස් රාජ්‍යයට ගෙන්වා ගැනීමෙනි. අතීතයේ පුටින්ගේ සමීපතමයකු…
අද (27) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වය තව දුරටත් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. කෙසේ වෙතත් ජනවාරි සිට ජුලි මාසය හා සංසන්දනය කර බැලීමේ දී අගෝස්තු මාසයේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බවයි එම ඒකකය සඳහන් කළේ. ජූලි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,369 දෙනෙකු වාර්තා වී තිබුණ ද අගෝස්තු මාසයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ, ඩෙංගු රෝගීන් 4,536 දෙනෙකු පමණක් බවයි සඳහන් වන්නේ. ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත වැටී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ. මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සහභාගී වූ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රාජකාරි නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලුම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා දින දෙකක රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා. එම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා 2023-08-28 හා 29 යන දිනයන්වල රාජකාරි නිවාඩු ලබා දීමට නියමිත අතර මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා උක්ත නිලධාරීන් විසින් ඇගයීම් කටයුතුවලට සහභාගි වූ බවට තම පැමිණිමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන්ට…