- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
සියලුම ඉන්ධන වල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 13 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 42 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය. එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 361 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 417 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 341 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව…
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඊයේ (31) නොතීසි නිකුත් කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ දුමින්ද නාගමුව විසින් ප්‍රකාශයක් සිදුකළ ප්‍රකාශයකට අදාළව මෙලෙස නොතීසි නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා දුමින්ද නාගමුවට විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙසයි මෙලෙස නොතීසි නිකුත් කර තිබෙන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු…
ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සදහා එක්වූ චීනයේ සිනොපෙක් සමාගම සිය පළමු ඉන්ධන පිරවුම් හල ඊයේ (30) කොට්ටාව මත්තේගොඩ හිදී ආරම්භ කළේය. ඛණිජ තෙල් සංස්ථාව යටතේ දේශීය කළමනාකරුවකු විසින් පවත්වාගෙන ගිය එම ඉන්ධන පිරවුම් හල ඊයේ සිට සිනොපෙක් සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරා දෙනු ලැබීය. ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් 150ක් මෙලෙස සිනොපැක් සමාගම සිය සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරා ගෙන ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා එක්වීමට නියමිතය. එසේම අලුතින් ඉන්ධන පිරවුම් හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බව සදහන් කරයි. ඒ අනුව සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන පිරවුම් හල් 200ක මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් මහතා අද (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජූලි චන්ග් යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරගාවලිය අද සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සමාරම්භක තරගය පාකිස්තානය හා නේපාලය අතර මුල්තාන් හී දී පැවැත්වීමට නියමිත අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ඇෆ්ගන් තරුණියන්ට, ශිෂ්‍යත්ව මත විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළු වීම තලෙබාන් රජය විසින් තහනම් කරනු ලැබ තිබේ. මේ වනවිටත් තලෙබාන් රජය එරට තරුණියන්ට, උසස් අධ්‍යාපනය මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කර ඇත. ඒ ඔවුන්ගේ ෂරියා නීතියට අනුවය. ඇතැම් ඇෆ්ගන් තරුණියන්, ශිෂ්‍යත්ව මගින් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි විශ්වවිද්‍යාලය වෙත ඇතුළු වී ඇති අතර, එය තලේබාන් රජයේ විරෝධයට හේතුවක් වී තිබේ. අධ්‍යාපන වීසා මත ඇෆ්ගන් තරුණියන්ට විදේශගතවීම ද තහනම් කර ඇත්තේ මේ නිසාය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද (30) දිනයේ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි…
සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා පූර්ණ සහාය ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එකගතාවය දක්වා ඇති අතර ඒ සදහා අවශ්‍ය අරමුදල් ලබාදීමටද එකගතාවය ප්‍රකාශ කර තිබේ. මෙම සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානය පිහිටුවීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අමාත්‍යවරයා සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා අතර ඊයේ (29) පෙරවරුවේ පැවැත්විණි. මෙම මධ්‍යස්ථානය පිහිටුවිමට අදාලව දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර අදාල අවබෝධතා ගිවිසුම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සමාලෝචනයට ලක් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිතය. මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පසුව වසර තුනක කාලයක් සදහා නවසීලන්තය විසින් ආධාර ලබාදීමට එකගතාවය පළ කර තිබේ. ආරක්ෂිත…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින රෙගුලාසීන් අනුව මෙරටදී පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා යන වීසා වර්ග තුන නිකුත් කරන අතර ඒ අතුරින් පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා කාණ්ඩ දෙකෙහි නිකුත් කිරීමේ ක්‍රමවේද සංකීර්ණ බව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. මේ හේතුවෙන් වැඩි විදේශ ආකර්ෂණයක් ඇති රටවල ක්‍රියාත්මක වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති අතර දැනට පවතින වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා…