- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2023 ලොව ‘A-‘ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබෙනවා. 1994 වසරේ සිට ක්‍රියාත්මක ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙලෙස ‘A-‘ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ. උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මෙලෙස ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ප්‍රධාන ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 13 පෙරවරුවේ දිවයිනෙන් බැහැර යයි.ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසි වාරයට සහ කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ජී 77 කණ්ඩායමේ සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී සහභාගී වීමට නියමිතය. මුලින්ම කියුබාවේ හවානා නුවරට යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජී 77 සමුළුවට සහභාගී වෙයි. ජී 77 සමුළුව යනු ආර්ථික වශයෙන් සංවර්ධනය වන රටවල් 134ක සාමාජිකත්වය සහිත සංවිධානයකි. ශ්‍රී ලංකාව ද ජී 77 කණ්ඩායමේ සාමාජිකයෙකි. මෙම සමුළුවෙන් අනතුරුව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරයට සහභාගී වෙයි. සැප්තැම්බර් 19…
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය ඊයේ පැවැත්වුණා. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 48 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 266 ක් පමණයි. පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Ishan Kishan ලකුණු 82 ක් හා Hardik Pandya ලකුණු 87 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Shaheen Shah Afridi කඩුලු 4 ක් හා Naseem Shah සහ Haris Rauf කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 267 ක්. පළමු ඉණිම…
‘ජී20’ රටවල රාජ්‍ය නායක සමුළුව ලබන 9 වැනිදා සහ 10 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි. ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් සමුළුවට සහභාගී වීමට නියමිත අතර, ඔහු සමුළුවට දින දෙකකට පෙර ඉන්දියාවට පැමිණෙන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද (03) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ක පමණ තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී…
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබදව මෙරට සිටින සියලුම විදේශිය මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබදව මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සිය අදහස් හා යෝජනා මෙහිදී ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබදව ඔවුන්ට පවතින ගැටළු සදහා අලි සබ්රි අමාත්‍යවරයා, විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිතුරු ලබා දෙමින් කරුණු ඉදිරිපත් කර ඇත. අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, අධිකරණ, බන්ධනාගාර…
ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව බස් ගාස්තු 4% කින් ඉහළ දැමීමට නියමිත අතර අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි සඳහන් වන්නේ. නව බස් ගාස්තු පහතින්. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 43 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 164 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Najmul Hossain Shanto ලකුණු 89 ක් හා Towhid Hridoy ලකුණු 20 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 4 ක් හා මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක් හා ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාගේ සහ දසුන් ශානක එක් කඩුල්ල බැඟින් බිඳ…
මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයට කඩා වැදුණු ‘ඉඩලියා’ සුළි කුණාටුව මේ වනවිට ජෝර්ජියා ජනපදය හරහා හමා යෑමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ. සුළි කුණාටුව හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද පැවැසෙයි. සුළි කුණාටුව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමත් සමඟ ලක්ෂ ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොු කෙරුණු බව ද පැවැසෙයි. මහ වැසි හේතුවෙන් නගර රැසක් යටවී ඇති අතර, නිවාසවල කොටුවුණු පිරිස් මුදා ගැනීම මේ වනවිට ආරම්භ වී ඇතැයි ද පැවැසෙයි. සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරීඩාවේ දෙදෙනකු මියගිය බව ද වාර්තා වේ. ශාන්ත පීටර්බර්ග් නගරයේ එසේ මුදා ගත් වැසියන් ගණන 75 කි. විදුලිබල සැපැයුම්වලට බාධා එල්ල වී ඇති…
අද (01) දිනයේදීත් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ට වැඩි තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…