- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
අද (06) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද…
ආයුර්වේදීය කංසා වගාවට අවසර ලබාදීම ඇතුළු ආයුර්වේදයේ ප්‍රවර්ධනයට අදාළ විධිවිධාන ඇතුළත් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (5) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය. ආයුර්වේද සම්භාහකයන් සහ සම්භාහකාවන් සඳහා “එන්.වී.කිව් ලෙවල් 4 (NVQ – Level 4)” මට්ටමේ පුහුණුවක් දී ආයුර්වේදයේ ලියාපදිංචිය ලබාදීම, බොරැල්ල ආයුර්වේද රෝහලේ නම ආයුර්වේද ජාතික රෝහල ලෙස සංශෝධනය කිරීම, ආයුර්වේද දෙපාර්තමේන්තුව වඩා කාරයක්ෂම කිරීම, ආයුර්වේද කොමසාරිස් තනතුර ආයතන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස උසස් කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසීමද මෙම පනත් කෙටුම්පතේ අරමුණයි. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.…
විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට පවතින බාධාවන් ඉවත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය වසරේ අගෝස්තු 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. එම අනුමැතිය පරිදි අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත තිබෙනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ශ්‍රී ලංකාවේ වත්මන් බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලායි විදේශිකයන් 45 දෙනෙකු ඇතුළු 279 දෙනෙකුට මරු කැඳවූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට හවුල් වූ බව බ්‍රිතාන්‍ය පුවත්පතක් පසුගිය සඳුදා ප්‍රකාශ කළේය. මේජර් ජෙනරාල් සුරේෂ් සලායි මෙම කුමන්ත්‍රණය කළේ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කරන අතරතුරදී වන අතර රාජපක්ෂලාට නැවත බලයට පැමිණීමට ඇති අස්ථාවරභාවය ඇති කිරීමේ අරමුණද ඇතිවය. ටයිම්ස් පුවත්පත පැවසුවේ රට අස්ථාවර කිරීමට සාලි පාස්කු ඉරිදා බෝම්බකරුවන් සමඟ සම්බන්ධ වූ බවයි. බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ අඟහරුවාදා (05) විකාශය වීමට නියමිත අභ්‍යන්තරිකයෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවකින් පුවත්පත උපුටා දක්වමින් කියා සිටියේ එම මාරාන්තික බෝම්බ ප්‍රහාරයන් ශ්‍රී ලංකාවේ හමුදා බුද්ධි අංශ විසින් සැලසුම් කරන…
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්වීමට නියමිත බව ඇමෙරිකන් රජය පවසයි. ඇමෙරිකන් රජය මෙසේ පැවැසුවේ, එරට ආරක්ෂක අංශ ලබා දුන් වාර්තා පාදක කර ගනිමිනි. රුසියාව, උතුරු කොරියාවෙන්, ආයුධ මිලදී ගැනීමට බලාපොරොත්තු වෙයි. රුසියන් ජනාධිපති පුටින්, උතුරු කොරියා නායකයා, හමුවන්නේ එම ආයුධ ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පෙන්වා දී තිබේ. යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ රුසියාවට අවි ආයුධ අවශ්‍ය වෙයි. යුක්රේන යුද්ධය හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක පනවා ඇති බැවින්, රුසියාවට අවශ්‍ය පරිදි ආයුධ මිලදී ගැනීම පවා ගැටලුවකි. ඇමෙරිකානු රජය උතුරු කොරියාවට දිගින් දිගටම දැනුම් දී…
අද (05) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකිය. යාපනය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං…
ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. ගෘහස්ත ලාෆ් ගෑස් මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ලාෆ් සමාගම තීරණය කර තිබෙනවා. වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්, දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දිනයේ සවස් භාගයේදී විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව https://doenets.lk/examresults වෙබ් පිටුව ඔස්සේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය යොමු කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ඉන්දීය මහ මැතිවරණය ලබන 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර, ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය පරාජය කිරීමේ අරමුණින් නව සන්ධානයක් පිහිටුවාගෙන තිබේ. මෙම සන්ධානය හැඳින්වෙන්නේ ‘ඉන්දීය ජාතික සංවර්ධන එකමුතුව’ යන නමිනි. පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂය’ මහ මැතිවරණය ජය ගැනීම වැළැක්වීම ‘ඉන්දීය ජාතික සංවර්ධන එකමුතුව’ සන්ධානයේ අරමුණ යැයි පැවැසෙයි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන සන්ධානය වන ‘කොංග්‍රස් පක්ෂය’ මෙම සන්ධානය පිහිටුවීමට පුරෝගාමී විය. සන්ධානයට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් 28 ක් එක් වී සිටින බව පැවැසෙයි. ඒ, ජයග්‍රහණය කළොත්, විවිධ ප්‍රාන්ත මට්ටමින් ආසන බෙදා ගැනීමේ එකඟතාවකට අනුවය. (NDTV) තවත් විදෙස් තොරතුරු…
අද (04) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…