- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
අද (09) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ සබගරමුව පළාත්වලත්, පුත්තලම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ක පමණ තරමක් තද වැසි ඇති වේ. අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ශ්‍රී ලංකා විවාහක රූ රැජින – 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 – ලෝක විවාහක රූ රැජින , ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් (Sargam Koushal) මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . මෙම තරගාවලියේ අවසාන මහා තරගය මෙම 13 වැනි දින සවස 06.00 ට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලාංකික විවාහක කාන්තාවෝ 23 දෙනෙක් සහභාගී වෙති. කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ , ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක , තරගාවලි කළමනාකරු නිමේෂ් බස්නායක යන මහත්වරුන්…
බේරේ වැව පිරිසිදු කිරීමේ නව ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වසර 20 ක් සඳහා බලපැවැත්වෙන මෙම නියමු ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඩොලර් මිලියන 3 ක් බවයි සඳහන් වන්නේ. මෙම ව්‍යාපෘතියේ මූලික ප්‍රාග්ධන ආයෝජනය සහ තාක්ෂණික දැනුම ජපානයේ පෞද්ගලික ආයතනයක් විසින් ලබාදෙන අතර මෙම ව්‍යාපෘතිය යටතේ ජලය පිරිසිදු කරන යන්ත්‍ර 40 ක් ස්ථාපිත කිරීමට නියමිතයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තරග කිහිපයක ප්‍රවේශ පත්‍ර කාණ්ඩ කිහිපයක් මිල ගණන් අඩු කිරීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව Lower Blocks ‘C’ හා ‘D’ හි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 1,000 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. සැප්තැම්බර් 9, 12, 14 හා 15 යන දිනවල පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මිල පමණක් මෙලෙස අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
පෙර දැනුම් දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගිය ඇමෙරිකන් ැාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කියා සිටියේ ඇමෙරිකන් රජය තවත් ඩොලර් බිලියනයක මුදල් ආධාර යුක්රේනයට ලබා දීමට සූදානම් බවය. එම මුදල් ආධාර අතරින් ඇමෙරිකන් ඩොලර් මිලියන 665 ක මුදලක් ලබා දීම සිදුවන්නේ, යුදෝපකරණ සහ යුක්රේන වැසියන්ගේ ආරක්ෂක කටයුතු වෙනුවෙනි. ඊට අමතරව, ඇමෙරිකාව සතු ‘හිමාර්ස්’ වර්ගයේ මිසයිල පද්ධති ද යුක්රේනයට ලබා දීමට ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා කැමැත්ත පළ කළේ යැයි පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද (08) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන…
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පත් කර තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ. ඔක්තෝබර් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පත්කිරීම ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි. ජයන්ත බලවර්ධන මහතා පිළිකා රෝග සම්බන්ධයෙන් මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක් වන අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ විධායක අධ්‍යක්ෂවරයා ද වේ. (සෘජු උපුටාගැනීම: ලංකාදීප) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ඇතිව, ප්‍රහාරයේ සියලු අංශ ආවරණය කෙරෙන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීය යුතු බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා. රජය නව සත්‍ය සෙවීමේ යාන්ත්‍රනයක් යෝජනා කළද, සත්‍ය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවන අතර වරදකරුවන්ට දඬුවම් ලබාදීමට ප්‍රමාණවත් යාන්ත්‍රණයක් ලබාදීමට සියලුදෙනා කැපවිය යුතු බවත්, ඒවා ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලන අධිෂ්ඨානයක් තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා. මහජන විරෝධතාවලින් බලාපොරොත්තු වූ ආකාරයේ ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයේ පරිවර්තනයක් සිදුව නොමැති බවත්, මේ නිසා දිගු කලක…
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය ලකුණු 2 කින් ජය ගැනීමින් සුපිරි 4 වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 291 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 92 ක්, පැතුම් නිස්සංක ලකුණු 41ක්, චරිත් අසලංක ලකුණු 36 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 32 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Gulbadin Naib කඩුලු 4 ක් හා Rashid Khan කඩුලු…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ‘ඉන්දියාව’ යන නම වෙනුවට, ‘භාරතය’ යන සංස්කෘත නාමය භාවිතයට යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව, එලැඹෙන සති අන්තයේ, පැවැත්වෙන්නේ නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොට ගනිමිනි. ඊට සහභාගී වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මුගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙයි. ඒ සඳහා ඉන්දීය රජය විදෙස් නායකයන්ට ඇරැයුම්පත් යවා ඇති අතර, ඒවායේ සඳහන් වී ඇත්තේ ‘ඉන්දියාවේ ජනාධිපති’ යනුවෙන් නොව ‘භාරතයේ ජනාධිපති’ යනුවෙනි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ඉන්දියාවේ නම වෙනස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ නිසාය. ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව, නවදිල්ලි අගනුවර පැවැත්වෙන්නේ ලබන 9 වැනිදා සහ 10 වැනිදාය. රාජ්‍ය නායකයන්…