Author: Buzzer Editor

චීනය ‘මර්දනය’ කිරීමේ කිසිදු අදහසක් ඇමෙරිකාවට නැති බවත්, චීනය සමඟ ගැටුම් ඇති කර නොගෙන කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානම් බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ ‘ජී20’ සමුළුව අතරතුරේ ඊට සහභාගී වුණු චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං හමුවෙමිනි. ‘ජී 20’ සමුළුවට, චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගී වූයේ නැත. ඒ වෙනුවට සමුළුවට පැමිණියේ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැංය. ඇමෙරිකා ජනාධිපති බයිඩන්, චීන ජනාධිපති ජින්පින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටි නමුත් අවසානයේ සාකච්ඡා පැවැත්වීමට සිදුවූයේ අග්‍රාමාත්‍ය ලී කෙකියැං සමඟය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද (12) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින්…

Read More

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසනවා. ඒ අනුව සියලු දුම්රිය මාර්ගවල කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් අවලංගුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ඊසානදිග ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඒ අනුව රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම තරගයට ඊයේ (10) වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ අනුව තරගය අද (11) අතිරේක දිනයට කල් දැමීමට විනිසුරුවන් තීරණය කළ අතර අද පස්වරු 3.00 ට පන්දුවාර 50 තරගයක් ලෙස ඊයේ නතර කළ ස්ථානයේ සිට ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවාර 24.1 ක් අවසානයේ දී ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින විරාත් කෝලි ලකුණු…

Read More

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, වියට්නාමයේ හැනොයි අගනුවර බලා පැමිණියේය. වියට්නාම කොමියුනිසිට් පක්ෂ රජයෙන්, ඇමෙරිකන් ජනාධිපතිවරයාට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. ඇමෙරිකාව සහ වියට්නාමය අතර හිතවත්කම් තව තවත් ශක්තිමත් කර ගැනීම සහ වියට්නාමය චීනයට ළං වීම වැලැක්වීම ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ එක් අරමුණ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද (11) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මන්නාරම, වවුනියාව, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං…

Read More

ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මස 08 වැනි දින සිට ඉදිරි මාස 04ක කාලයට ද ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ආනයනික අර්තාපල් සඳහා මේ වසරේ මාර්තු මස 08 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

2023 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ඊයේ (08) දින ප.ව.6.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. එහිදී 2023 ස්වර්ණ පුස්තක සම්මානය නෝබට් අයගමගේ විසින් රචිත ‘කුර හඬෙකි වියැකෙන’ කෘතිය සඳහා හිමිවුණා. එය ෆාස්ට් පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයකි. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

චීන පාලනය යටතේ පවතින හොංකොං නගර රාජ්‍යයට මහ වැසි ඇදහැලෙමින් පවතී. එරට බලධාරීන් පවසන්නේ, මෙවැනි වර්ෂාපතනයක් වාර්තා වූයේ වසර 140 කට පසු බවය. පාසල් කාර්යාලය ආදිය වසා දමා ඇතැයි පැවැසෙයි. ජලයෙන් යටවුණු පළාත්වල කොටුවුණු වැසියන්ට අවශ්‍ය ආධාර ලබා දීම කඩිනමින් සිදු කරන බව ද පැවැසෙයි. ප්‍රදේශ කීපයකින් නායෑම් වාර්තා වෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More