- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
- 2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙන්න
- ගම්පහ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
- සූර්ය පැනල විසන්ධි කිරීම ගැන නවතම නිවේදනයක්
Author: Buzzer Editor
මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව මෙම කාලය තුළ ඩෙංගු මරණ 09ක් වාර්තා වී ඇති නමුත් අධි වසංගත තත්ත්වයක් දක්වා රෝග ව්‍යාප්තිය වර්ධනය වීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සංවිධානය කර තිබූ ඩෙංගු මර්දන වැඩසටහන් සියල්ල කල් දැමීමට සිදුවී ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමණසේන සඳහන් කළා. (එසැණ) මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.
මහ මැතිවරණය ආරම්භයේදී අපේක්ෂා කළ ආකාරයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට විශාල බහුතරයක් ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන බවට පෙනී යාමත් සමඟ ඉන්දීය කොටස් විකුණුම් මිල දර්ශකය වන සෙන්සෙක්ස් දිවා කාලයේදී ඒකක 5522.98 කින් පමණ පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. බලාපොරොත්තු වූ ආකාරයට විශාල බහුතරයක් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අසමත් වුවත් නව භාරතීය ජනතා පක්ෂ රජයක් යටතේ තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක නලීන් කෝලි පැවැසුවේය. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලයට විරෝධය පළ කරමින්, ඊශ්‍රායල වැසියන්ට මාලදිවයින තහනම් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබේ. මාලදිවයින මුස්ලිම් දූපත් රාජ්‍යයක් වන අතර, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ට සහාය දෙයි. ඊශ්‍රායලය ඉවක් බවක් නොමැතිව දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන් මාලදිවයින රජය ඊශ්‍රායලයට මෙසේ විරෝධය පළ කර තිබේ. මේ අතර, ඊශ්‍රායල රජය ද එරට වැසියන්ට අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ, මාලදිවයිනේ සංචාරය කිරීමෙන් වළකින ලෙසය. ඊට අමතරවම, ඊශ්‍රායලය මාලදිවයිනේ සිටින ඔවුන්ගේ වැසියන්ට දැනුම් දී ඇත්තේ හැකි ඉක්මනින් එරටින් පිටවන ලෙසය. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
පවතින ගංවතුර තත්ත්වය සමඟ ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හේතුවෙන් බෝවන රෝග පැතිරීමේ අවදානමක් මතුව ඇති බව කොළඹ මහ නගර සභාව පවසනවා. ජල මුලාශ්‍ර අපවිත්‍ර වීම හේතුවෙන් පාචනය හා මී උණ වැනි බෝවන රෝග පැතිර යෑමේ අවදානමක් ඇති බවයි එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන සඳහන් කළේ. හැකි සෑම අවස්ථාවකම උණුකර නිවාගත් ජලය පානය කිරීමට පියවර ගන්නා ලෙසත් පලතුරු, එළවළු සහ පළාවර්ග භාවිතයට පෙර ඉතා හොඳින් පිරිසිදු ගත යුතු බවද ඇය සඳහන් කළා. පලතුරු, එළවළු සහ පළාවර්ග භාවිතයට පෙර ඉතා හොඳින් පිරිසිදු ගත යුතු බවත් ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් උපදෙස් ලබාගත හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා…
සඳේ අඳුරු කලාපයට ගොඩබැස, සූරා පස් සාම්පල ලබා ගත් ‘චැංග් ඊ 6’ නමැති චීන රොබෝ යානය ඊට ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරමින්, ආපසු පෘථිවිය බලා පිටත් විය. ‘චැංග් ඊ 6’ යානය, සාර්ථකව සඳේ අඳුරු කලාපයට ගොඩබැස්සා පමණක් නොවෙයි. දැන් එය සාර්ථක සඳෙන් පිටත් වී ආපසු පෘථිවිය බලා ගමන් ආරම්භ කර තිබෙනවා යැයි චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනය පවසා ඇත. (NDTV) Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.
බටහිර මෙක්සිකෝවේ නගරයක නගරාධිපතිනිය ඝාතනයට ලක් විය. නගරාධිපතිනිය ඝාතනයට ලක් වූයේ, මෙක්සිකෝවේ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී පැය කීපයක් ගත වෙද්දීය. වෙඩි තබා ඝාතනය කෙරුණේ කොඩියා නමැති නගරයේ නගරාධිපතිනී යොලැන්ඩා සැන්චේස් ය. යොලැන්ඩාගේ ඝාතනය සිදුවූයේ මෙක්සිකෝවේ පැවැති ජනාධිපතිවරණයෙන් පාලක පක්ෂය නියෝජනය කළ ක්ලෝඩියා ෂයින්බෝම් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමෙන් පසුවය. සැන්චේස් 2021 වසරේ සිට කොඩියා වනගරයේ නගරාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටියාය. ඇය වෙඩි ප්‍රහාරයට ලක්වූයේ මාර්ගයක ගමන් කරමින් සිටිද්දීය. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙනවිත් තිබෙනවා. ඒ අනුව සංශෝධනය වූ ගෑස් මිල ගණන් පහතින් දැක්වෙනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවිය. ජනාධිපති ධුරය හිමිවූයේ, පාලක පක්ෂය වන, ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්‍රෝ ය. ක්ලෝඩියා යුදෙව්වකු වන අතර, යුදෙව් කාන්තාවකට මෙක්සිකෝ ජනාධිපති ධුරය හිමිවුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. මෙක්සිකෝ ජනාධිපතිවරණ පමණක් නොව, පාර්ලිමේන්තු මහ මැතිවරණය ද පසුගිය දෙවැනි දා පැවැත්විණි. එහි ප්‍රතිඵල ඊයේ (3) නිකුත් කෙරුණි. මෙක්සිකෝවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන්නේ, ‘මොරේනා’ පක්ෂය සහ ‘පෑන්’ පක්ෂයයි. විපක්ෂය වන ‘පෑන්’ දේශපාලන පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ සෝෂිට්ල් ගැල්වේස්ය. ක්ලෝඩියා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව තහවුරු වුණු සැණින්, ගැල්වේස්ය පරාජය බාර ගනිමින් ඇයට සුබ පැතුවාය. 1962 වසරේ උපත ලැබූ ක්ලෝඩියා දේශපාලනයට පිවිසීමට පෙර,…
කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 150කින් පහත දමා තිබෙනවා. ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක් වන බවයි සිමෙන්ති සමාගම් සඳහන් කරන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ලී වලින් නිර්මාණය කළ කුඩා චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට ජපාන අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සූදානම් වෙති. මෙම කුඩා චන්ද්‍රිකාව සන්නිවේදන චන්ද්‍රිකාවකි. ‘ලිග්නෝසැට්’ නමැති එය අභ්‍යවකාශයට යැවීම සිදුවනු ඇත්තේ ලබන සැප්තැම්බරයේදීය. මෙම ලී චන්ද්‍රිකාව නිර්මාණය කිරීම ආරම්භ වූයේ 2020 දීය. චෙරි, බර්ච් සහ මැග්නෝලියා ලී මේ සඳහා භාවිතයට ගෙන ඇත.‘ක්යෝටෝ’ විශ්ව විද්‍යාලය සහ ‘සුමිටෝමෝ ෆොරස්ටි’ සමාගම එක් වී මෙම ලී චන්ද්‍රිකාව නිපදවා ඇත්තේ අභ්‍යවකාශයේ ගොඩගැසෙන අභ්‍යවකාශ කසලවලට පිළියමක් ලෙසය. අභ්‍යවකාශ කසල යනු අක්‍රිය වූ චන්ද්‍රිකා, රොකට් කැබලි ආදී ලෝහ කොටස්ය. Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.