- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
- තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි
- උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි
- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
Author: Buzzer Editor
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ඉන්දියාව සහ බංගලාදේශය අතර ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දී ලකුණු 06ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 08ක් දැවී ලබාගත් ලකුණු 265ට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 266ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 259කි. ෂුබ්මාන් ගිලි 121අසාර් පටෙල් 42යි. පන්දු යැවීමේදී මුස්ටාෆිසූර් රහ්මාන් 50/3යි. (දිවයින) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ඇමෙරිකානු ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලන අධිකාරිය හෙවත් ‘නාසා’ ආයතනය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක් කළේය. ‘නාසා’ ආයතනය මෙම අනාවරණය කළේ පසුගිය දා මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන් යැයි සැක කෙරෙන සිරුරු සම්බන්ධයෙන් ලොව පුරා කතාබහක් නිර්මාණය වී ඇති මොහොතකය. ඇමෙරිකාවේ නාසා ආයතනය දශක ගණනාවක් තිස්සේ, පියාඹන පීරිසි සම්බන්ධයෙන් දත්ත රැස් කරයි. ඇමෙරිකන් ගුවන් හමුදා බුද්ධි අංශයේ සහාය ද ඒ සඳහා ලබා ගනී. නාසා ආයතනය ‘පියාඹන පීරිසි’ හඳුන්වන්නේ ‘හඳුනා නොගත් ආකාශ වස්තූන්’ යන නාමයෙනි. මෙම ‘වස්තූන්’, පැහැදිලි කළ නොහැකි අද්භූත සංසිද්ධියක් බව නාසා විද්‍යාඥයන් පිළිගෙන තිබේ. නාසා ආයතනය, නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ ‘හඳුනා…
අද (16) දිනයේ බස්නාහිර,- සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත්,මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින විට තරමක තද සුළං ඇති වේ. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කියුබාවේ හවානා නුවරදී ආරම්භ වූ “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමිනි. කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ කෙරුණු අතර සමුළුව ආරම්භ කිරීමට පෙර ඊට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයෝ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. මෙම සමුළුව කැඳවීම සම්බන්ධයෙන් කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් මහතා (Miguel Diaz-Canel Bermudez) වෙත ප්‍රශංසාව පළ කරමින් සිය දේශනය ආරම්භ කළ…
පාස්කු ප්‍රහාරය ගැන Channel 4 වාර්තා වැඩසටහනෙන් හෙළිදරව් කළ කරුණු සහ චෝදනා සම්බන්ධයෙන් සොයා ලැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ. සී. එම්. ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ. ජේ. සෝසා පත්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අතර විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විණි. ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව පැවැති මෙම සුවිශේෂී හමුවේදී මෙරට සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් අදහස් හුවමාරු කර ගන්නා ලදී. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වත්මන් රජය පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් මැතිවරණ නියමිත වේලාවට නොපැවැත්වීම සහ මැතිවරණ දිගින් දිගටම කල් දැමීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස්වරයාව දැනුවත් කරන ලදී. මේ අවස්ථාවට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ඩැනියෙල් ෂෙරී ද එක් විය.…
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය කඩුලු 2 කින් ජය ගැනීමත් සමඟින්. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පන්දුවාර 42 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 252 ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් අබ්දුල්ලා ශාෆික් (Abdullah Shafique) ලකුණු 52 ක්, ඉෆ්තිකාර් අහ්මඩ් (Iftikhar Ahmed) ලකුණු 47 ක් හා මොහොමඩ් රිස්වාන් (Mohammad Rizwan) නොදැවී ලකුණු 86 ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ…
නෝර්වේ රාජ්‍යයේ මාර්තා ලුවීස් කුමරිය සහ ඇමෙරිකන් ජාතික ඩුරේක් වෙරෙට්ගේ විවාහ මංගල උත්සවය තව නොබෝ දිනකින් පැවැත්වෙන බව නෝර්වේ රජ මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. යුවළ විවාහ ගිවිස ගැනීම පසුගිය 2022 වසරේදී සිදුවිය. පියා 6 වැනි හැරොල්ඞ් රජු මාර්තා ලුවීස් කුමරියට සහ පෙම්වතා ඩුරේක් වෙරෙට්ට සුබ පතා ඇතැයි නෝර්වේ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අප්‍රිකන් ඇමෙරිකානුවකු වන ඩුරේක් වෙරෙට් අධ්‍යාන්තිමක බලයෙන් ලෙඩ රෝග සුව කරන්නෙකි. මාර්තා ලුවීස් කුමරිය, 6 වැනි හැරොල්ඞ් රජුගේ වැඩිමල් දරුවාය. 6 වැනි හැරොල්ඞ් රජුගෙන් පසු නෝර්වේ රජ කිරුළ හිමිවනු ඇත්තේ හැරොල්ඞ් රජුගේ පුතු හාකෝන් කුමරුටය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද (15) දිනයේදී දකුණු පළාතේත් කළුතර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින්…
මේ වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,763 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා. ජුනි මාසයේ පැවති ජාතික පෝෂණ මාසයට සමගාමී ව එම කාර්යංශය සිදු කළ සමීක්ෂණයකට අනුව ඉන් වැඩි ම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් බවයි සඳහන් වන්නේ. පෙර වසරේ 15.3%ක් ව පැවති අඩු බර සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ 17.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෙන්වා දෙන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.