Author: Buzzer Editor

දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු විජයි ඇන්තනි​ ගේ 16 හැවිරිදි දියණිය මියගොස් ඇති බවත් ඇය දිවි නසා ගන්න ඇතැයි සැක කෙරෙන බවත් පොලිසිය පවසයි. විජයි ඇන්තනි දක්ෂ නළුවකු පමණක් නොව, සංගීත අධ්‍යක්ෂවරයකු ද වෙයි. දියණිය මියගොස් ඇත්තේ චෙන්නායි නුවර ටයිනැම්බට් පළාතේ නිවසේ දී යැයි ද පැවැසෙයි. ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ඇය මියගියේ රෝහල්ගත කිරීමෙන් පසුව බවය.විජයි ඇන්තනිගේ බිරිඳ ෆාතිමා ය. ​යුවළට දියණියන් දෙදෙනකු සි​ටින බව පැවැසෙයි. දියණියගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතික සටහන් කළේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කතානායකවරයා විසින් 2023 සැප්තැම්බර් 19 දින “ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)” පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. (සෘජු උපුටාගැනීම: ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරියේදී අදාළ දින ප්‍රකාශයට පත්කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

කැනඩාවත් ඉන්දියාවත් අතර නිර්මාණය වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයට මැදිහත් වෙමින්, ඇමෙරිකා රජය ඉන්දියාවට පවසා ඇත්තේ, කැනඩාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහාය ලබා දීමට කටයුතු කරන ලෙසය. කැනඩාවත් ඉන්දියාවත් අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ කැනඩාවේ ශීක් ක්‍රියාකාරියකු වූ 45 හැවිරිදි හර්දීප් සිං පසුගිය වසරේ ජූනි මාසයේ දී වෙඩි තබා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙනි. ඉන්දීය රජයට අනුව, හර්දීප් සිං ශීක් බෙදුම්වාදී ‘කලිස්තානී’ ත්‍රස්ත කල්ලියේ නායකයෙකි. ‘කලිස්තානී’ ත්‍රස්ත කල්ලිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී රජයට එරෙහිව නැගී සිටින කණ්ඩායමකි. කැනඩා අග්‍රාමාත්‍යවරයා චෝදනා නගා ඇත්තේ, හර්දීප් සිං ඝාතනය කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයේ ඒජන්තවරුන් බවය. ඉන්දීය රජය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර…

Read More

අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පො​ළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන අසාමාන්‍ය සිරුරු සම්බන්ධයෙන් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙක්සිකන් මාධ්‍යවේදී ජේමී මවුසාන් (70) ට පේරු රජයෙන් චෝදනා එල්ල වී ඇත. ජේමී මවුසාන්, මෙක්සිකෝ පාර්ලිමේන්තුව හමුවේ එම පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන සිරුරු ප්‍රදර්ශනය කරමින් කියා සිටියේ ඔහුට ඒවා 2017 වසරේ දී පේරු රටින් හමුවුණු බවය. පේරු රජය, ජේමී මවුසාන් ට චෝදනා නගා ඇත්තේ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට ලක් වුණු එම සිරුරු පේරු රටේ සිට මෙක්සිකෝවට ගෙන යෑම සම්බන්ධයෙනි. එය නීති විරෝධී ක්‍රියාවක් බවත්, පේරු රජය ඒ සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටි බවත් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එම සිරුරු…

Read More

අද (20) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේත් මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා…

Read More

මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගන්නැයි තමන් යෝජනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. වවන්නේ නැති ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ඉඩම් නොයෙක් හේතු මත වගා නොකර අතහැර දමා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය වැවිලි සංස්ථාවේ ද වගා නොකළ ඉඩම් අක්කර සිය ගණනක් තිබෙන බවද ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයිද කීය. (සෘජු උපුටාගැනීම: ලංකාදීප) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ…

Read More

ඉන්දු-පැසිෆික් කලාපයේ මහා බල එදිරිවාදිකම් මධ්‍යයේ වූවද ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය, ඒවායේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවීම සහ ඔවුන්ගේ අනන්‍ය ප්‍රමුඛතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කලාපයේ සියලුම රටවල් කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ඊයේ (18) නිව්යෝර්ක් නුවර පැවති සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. ප්‍රධාන ලෝක බලවතුන් අතර එදිරිවාදිකම්වලට මැදිහත්වීමට ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ දූපත් රාජ්‍යයන් කැමැත්තක් නොදක්වන අතර මෙම රටවල් සිය සමාජ, ආර්ථික සහ පාරිසරික සංවර්ධනය ඇතුළු ඔවුන්ගේ ප්‍රමුඛතා…

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් (Yoon Suk Yeol) මහතා සමග නිල හමුවකට එක් විය.එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වන බව පවසා ඇති අතර ජනාධිපතිවරයාගේ උත්සාහය සහ කැපවීම අගය කර ඇත. (සෘජු උපුටාගැනීම: දිවයින) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More