- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
- තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි
- උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි
- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
Author: Buzzer Editor
පෝලන්ත වැසියන්ට අපහාස කිරීමෙන් වළකින්නැයි පෝලන්ත අග්‍රාමාත්‍ය මෙටියුස් මොරවිකී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට දොස් නගා ඇත. පෝලන්ත අග්‍රාමාත්‍යවරයා මෙසේ දොස් නගා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් යුක්රේන ජනාපධිතිවරයා කළ කතාව මුල්කොට ගනිමිනි. ප්‍රබල ‘නේටෝ’ සාමාජිකයකු වන පෝලන්තය, යුක්රේනයේ අසල්වැසියාය. 2022 පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත් අවස්ථාවේදී යුක්රේන වැසියන් එරටින් පලා ගියේ පෝලන්තයටය. පෝලන්ත රජය එසේ පැමිණි සියලු යුක්රේන වැසියන්ට පිහිට විය. රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට ආයුධ ලබා දීම කළේ ද පෝලන්තයයි. ඒ, ඉක්මනින්, යුද්ධය අවසන් කිරීම සඳහාය කෙසේ නමුත් ඉක්මනින් යුද්ධය අවසන් කිරීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හෝ රජය හෝ උනන්දුවක් නොදක්වන බව පෝලන්තයේ අදහසය.…
අද (25) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් ETCA ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡාවක් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රධාන සාකච්ඡාකරුවන්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 19 වනදා එම සාකච්ඡාව මාර්ගගතව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙම සාකච්ඡාව, පෙර පැවති සාකච්ඡා වට 11 න් පසුව තවදුරටත් අඛණ්ඩ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් ධුරයෙන් නෙරපා දැමීමේ යෝජනාවක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, ජනාධිපතිවරයාට එරෙහිව ඡන්ද සංඛ්‍යාව 175 ක් ද පක්ෂව ලැබුණු ඡන්ද 116 ක් ද හිමිවිය. දකුණු කොරියා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් යටතේය. ජනාධිපති යූන් සුක් යූල් අකාර්යක්ෂම බවත්, ඔහුගේ ප්‍රතිපත්ති අසාර්ථක වී ඇති බවත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා නගා තිබේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තන්තුව කියයි. වයඹ පළාවතත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව පවසයි. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද 10% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. කෙසේ නමුත් මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා පවසන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
කැනඩාවේ ශීක් මානව ක්‍රියාකාරී හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය රජයට චෝදනා කළේ ඉන්දියාව තරහා කර ගැනීමේ අරමුණින් නොවන බවත්, හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය පිළිබඳ සත්‍යය දැන ගැනීමේ අරමුණින් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පැහැදිලි කර තිබේ. කැනඩා අග්‍රාමාත්‍යවරයා ඉන්දීය රජයට එල්ල කරන චෝදනා ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය රජයට අනුව, හර්දීප් සිං නිජ්ජාර්, බෙදුම්වාදී ‘කලිස්තාන්’ ත්‍රස්ත නායකයකු ලෙසය. ‘කලිස්තාන්’ බෙදුම්වාදීන් යනු ඉන්දියාවේ ශීක්වරුන් වෙනුවෙන් වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලන පිරිසකි. අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉන්දීය රජයට චෝදනා කළේ කැනඩා පාර්ලිමේන්තුවේ විශේෂ සැසියකට සහභාගී වෙමිනි. ඒ සමඟ ඉන්දියාවත් කැනඩාවත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය විය. ඉන්දියාවේ කැනඩා තානාපතිවරයාටත්, ඉන්දියාවේ රැඳී සිටින…
අද (22) දිනයේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, මධ්‍යම, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඇතැම් ස්ථාන වලට මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ…
ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට කුකුළු මස් මිල රුපියල් 100 කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකඟතාව පළකර තිබෙනවා. කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා (António Guterres) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සිදු විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටී. ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සහ ජනාධිපතිවරයා අතර හමුව සිදුවූයේ එම සැසිවාරයෙන් අනතුරුවයි. මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සුහඳ කතාබහක ද නිරත විය. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.