Author: Buzzer Editor

අද (27) දින සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලි මීටර 100ක පමණ තද වැසිද බලාපොරොත්තු විය හැකියි. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි සඳහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු…

Read More

සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටියදී ශ්‍රී ලාංකික කාන්තාවකට ඇණ ගිල්ලවුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා පැවසීය. සෞදි තානාපති කාර්යාලය සහ එහි රෝහල් සම්බන්ධීකරණය කරගනිමින් මෙම විමර්ශනය ක්‍රියාත්මක කරන බව කී යාපා මහතා ඇය එම සිද්ධියෙන් පසුව සෞදි අරාබියේදී ප්‍රතිකාර ලැබූ බව ද වැඩි දුරටත් සඳහන් කළේය. මාතලේ ඇල්කඩුව තේවත්තක ජීවත් වූ එම්.එස්. ත්‍යාගා සෙල්වි නැමැති 21 හැවිරිදි එක්දරු මවක් මෙම සිද්ධියට මුහුණදී ඇති අතර සෞදියේදී ඇය දරුණු වද හිංසනවලට ලක්ව ඇති බව ද ඇය ජනමාධ්‍යයට පවසා තිබුණි. (සෘජු උපුටාගැනීම: ලංකාදීප) දිනපතා…

Read More

ලබන මස පළමුවනදා සිට මුද්‍රිත ජල බිල්පත ලබාදීම වෙනුවට මාර්ගගත (Online) ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව තෝරාගත් නියාමන ප්‍රදේශ 04ක පළමුවෙන් එම නව ක්‍රමය ආරම්භ කිරීමට නියමිත බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ සඳහන් කළේ. අත්හදාබැලීමේ පදනම මත කොළඹ දකුණු නගර, මහනුවර දකුණු නගර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව යන ප්‍රාදේශි​ය කාර්යාල 4 ආශ්‍රිතව මාර්ගගත ඉලෙක්ට්‍රොනික් බිල්පත් ක්‍රමයක් ආරම්භ කරන බවයි සඳහන් වන්නේ. 2024 ජනවාරි 01 වැනිදා සිට මෙය දිවයි​න පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් 1939 අංකය අමතා ඕනෑම තොරතුරක් ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. දිනපතා මෙවැනිම…

Read More

රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2022 අතුරු අයවැය මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබ ඇති අතර ණය කළමනාකරණය ඉහළ නැංවීම සහ පාරදෘශ්‍ය භාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ද ප්‍රමුඛස්ථානගත ක්ෂේත්‍රයක් ලෙස හඳුනා ගනු ලැබ ඇත. යෝජිත රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් තාක්ෂණික සහාය ද ලබා දී තිබෙන බව රජය පවසයි. අදාළ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණ සැලසුම ණය කළමනාකරණ ආයතනික රාමුව සහ නීතිමය රාමුව මේ වනවිට සැලසුම් කර තිබෙන බවද…

Read More

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබේ. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති බවය. පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක හටගත් මෙම භූකම්පනය පිළිබඳ මෙරට තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන හතරෙහිම සටහන්ව තිබේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට අද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයේ උප නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමිව තිබෙනවා. මෙම සංචිතය සඳහා කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, කසුන් රාජිත, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, ලහිරු කුමාර ඇතුළත් කර තිබෙනවා. වනිඳු හසරංග, මහීෂ් තීක්ෂන ස​හ දිල්ෂාන් මධුශංක ශාරීරික යෝග්‍යතාව මත කණ්ඩායමට එක් කිරීමට නියමිත අතර අතිරේක ක්‍රීඩකයින් ලෙස චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත ඇතුළත් කර තිබෙනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

හමුදා පාලනය යටතේ පවතින නයිජර් රාජ්‍යයෙන් තම තානාපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ හමුදා සොල්දාදුවන් ඉවත් කර ගන්නා බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පැවැසීය. නයිජර් බටහිර අප්‍රිකා රාජ්‍යයකි. අතීතයේ එය ප්‍රංශ යටත් විජිතයකි. නයිජර් රාජ්‍යයේ නිල භාෂාව වන්නේ ප්‍රංශය. නයිජර් රාජ්‍යය ප්‍රංශයෙන් නිදහස ලැබුවේ 1958 වසරේදීය. පසුගිය ජූලි මාසයේ නයිජර් හමුදාව රටේ බලය අල්ලා ගත්තේය. ඔවුන්ට රුසියාවේ සහාය හිමිවුණු බව ද පැවැසිණි. හමුදා පාලකයන් එක හඬින් කියා සිටියේ නයිජර් රාජ්‍යයේ රැඳී සිටි ඇමෙරිකන් සහ ප්‍රංශ හමුදා පිටව යා යුතු බවය. ඇමෙරිකන් සහ ප්‍රංශ හමුදා නයිජර් රාජ්‍යයේ රැඳී සිටියේ අප්‍රිකා කලාපයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සහ සෙසු ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහිව හමුදා සහාය ලබා…

Read More

අද (26) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. යාපනය සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පවත්වන සාකච්ඡා මාලාවේ අවසන් සාකච්ඡාව මෙලෙස පැවැත්වෙන බවයි සඳහන් වන්නේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සම්බන්ධ ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිතයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය පවසනවා. ඒ අනුව භාණ්ඩ සොරකම් කළ වරදට, නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ. එසේ පහරදීමක් සිදුකළහොත් සැකකරුවන් ලෙස එම ආයතනයේ සේවය කරන පුද්ගලයින්ද අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. (සෘජු උපුටාගැනීම: එසැණ) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More