- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
- කොළඹ නගර සභාවේ උණුසුම – සජීවීව බලන්න
- කොළඹ බලය කාට ද? පුරපති තේරීමේ ඡන්ද විමසීම අද
- කොළඹ පුරපති සටන – සර්වජන බලවේගයේ සහාය විපක්ෂයට
- දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්
- ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල
- රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියට අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්
Author: Buzzer Editor
අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් ජනතාව තවදුරටත් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීශ්වර පෙන්වා දෙන්නේ. අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ සහ ඒ ආශ්‍රිත අතු ගංගාවලද පවතින ගංවතුර තත්ත්වයන් ක්ෂණිකවම වර්ධනය විය හැකි බවද ඔහු සඳහන් කරනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
පසුගිය වසරේ ( 2022) අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව මේ වසරේ (2023) අගෝස්තු මාසයේ අපනයන ආදායම සියයට 10.91 කින් අඩු වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි අංශවල අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමට හේතු වී ඇත. මේ අතර ගිය වසරේ (2023) ජූලි මාසයට සාපේක්ෂව ඉකුත් අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1091.6 දක්වා සියයට 6.98 කින් වැඩි වී ඇතැයි ද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නවතම…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක අනුමැතියකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදුනු බවට එල්ලවූ චෝදනාවට වැරදිකරු නොවන බවට ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව නඩු තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා ධනිෂ්ක ගුණතිලක නිවැරදි බවට තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ. නොවැම්බර් මාසයේදී T-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ධනිෂ්ක අත්අඩංගුවට ගෙන තිබුණා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදා බලඇණියකට සම්බන්ධ වී, රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු, යුක්රේන රණ විරුවකු බව පවසමින්, නාසි හමුදා සොල්දාදුවකු පාර්ලිමේන්තුවට ආරාධනා කර, ඔහුට ගෞරව කිරිමේ සිද්ධිය මුල්කොට ගනිමින්, කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායක ඇන්තනි රෝටා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. කතා නායකවරයා, 98 හැවිරිදි, යුරොස්ලෝව් හුන්කා නමැති එම නාසි හමුදා සොල්දාදුවා පාර්ලිමේන්තුවට ආරාධනා කර තිබුණේ පසුගිය දා යුක්රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කී කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඇමැතීමට පැමිණි අවස්ථාවේදීය. රුසියාවට එරෙහිව නිර්භීත අයුරින් සටන් වැදුණු යුද විරුවකු යැයි යුරොස්ලෝව් හුන්කා හඳුන්වා දීමට කතානායක ඇන්තනි රෝටා කටයුතු කළේය. ඉන්පසු කතා නායකවරයා, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඇතුළු සෙසු මැති…
අද (28) දින බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 100ක පමණ තද වැසිද බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම්…
1998 අංක 45 දරණ පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත අනුව, දැනට ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන නියාමනය හා ලියාපදිංචිය පිළිබඳ බලපත්‍ර කොන්දේසි යාවත්කාලින කිරීමට පියවර ගෙන ඇතැයි ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලියාපදිංචි වී ඇති සෑම ආයතනයක්ම බලපත්‍රය වලංගු කාල සීමාව ඉක්මවීමට මාස 03 කට ප්‍රථම ඉදිරි වර්ෂ 02 සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, බලපත්‍ර කාල සිමාව ඉක්මවා අවසරයකින් තොරව පවත්වා ගෙන යාම 1998 අංක 45 දරණ පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.defence.lk වෙබ් අඩවියේ පල කර ඇත. පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන බලපත්‍ර කාලසීමාව…
විදෙස් මත්පැන්වල මිල අධිකවීමට විකල්පයක් හඳුන්වාදිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඒ අනුව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, මෙරට නීති විරෝධී මත්පැන් හෙවත් කසිප්පු පෙරීම 500% කින් ඉහළ ගොස් ඇති බවයි. මෙරට කසිප්පු යනු රුසියාවේ වොඩ්කා සහ ජපානයේ ඇති සකේවලට සමාන බවත් මෙරට කසිප්පුද ප්‍රතිමිතයට අනුව සිදුකළ හැකි නම් එය අපනයනය කිරීම මඟින් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් සොයාගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (26) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගියා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 ක් ඇතුළත්ව තිබෙනවා. වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට මෙවර එක්දින ලෝක කුසලානය අහිමිවී ඇති අතර ශාරිරික යෝග්‍යතාව මත සහ කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට ආබාධ තත්ත්වයක් මතුවුවහොත් ඉදිරියේදී ඔහු කණ්ඩායමට එක් කිරීමට නියමිතයි. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගිය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සකච්ඡාවට සහභාගී වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙම සංචාරයේ අරමුණ වන අතර ජනාධිපතිවරයා සාකච්ඡාවේ පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ අදහස් දැක්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
යුක්රේනයට අයත්, රුසියානු පාලන යටතේ පවතින ක්‍රිමියා අර්ධද්වීපයේ කළු මුහුද අසල රුසියන් නාවික හමුදා මූලස්ථානයට පසුගිය දා යුක්රේන හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන්, කළු මුහුදේ රුසියන් නාවික හමුදා බලඇණියේ ආඥාපති වික්ටර් සොකොලොව් මියගිය බව පැවැසෙයි. යුක්රේන හමුදාව එල්ල කළ එම ප්‍රහාරයෙන්, රුසියන් නාවින හමුදා නිලධාරීන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් නාවික හමුදා සොල්දාදුවන් 100 වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.