Author: Buzzer Editor

අද (06) දිනයේදීත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහා නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා. ඒ අනුව සාලිය වික්‍රමසූරිය ඊයේ (05) සිට පත් කර ඇති බවයි X පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි ඉතාමත් බුද්ධිමත්, පරිණත ලෝක නායකයකු යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. රුසියන් ජනාධිපතිවරයා මෙසේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රශංසා කරමින් ඔහුගේ ගුණ වර්ණනා කර ඇත්තේ රුසියන් මාධ්‍ය හමුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. රුසියාවත් ඉන්දියාවත් අතරේ පවතින මිතුදම් දිනෙන් දින ශක්තිමත් වන බව රුසියන් ජනාධිපති පුටින් පෙන්වා දී තිබේ. ගෝලීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සහ සයිබර් අපරාධ සම්බන්ධයෙන් රුසියාවත් ඉන්දියාවත් අතරේ නව එකඟතාවක් ඇති කර ගැණුනු බව පුටින් සම්මුඛ සාකච්ඡාවේදී වැඩි දුරටත් පැහැදිලි කළේය. රුසියාවටත් ඉන්දියාවත් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් එකඟතා රැසකට තමන් කැමැත්ත පළ කර ඇතැයි ද රුසියන් ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දක්වමින් පවසා තිබේ. (NDTV) තවත් විදෙස්…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දොළොස් දෙනෙක් පමණක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (4)පැවසීය මූල්‍ය අරමුදල ලබා දී තිබෙන නිර්දේශ 16න් දෙවැන්න ලෙස දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හෙවත් ජනාධිපතිවරයා අගමැති,ඇමතිවරු මෙන්ම පාර්ලිමේන්තුවේ සියලු දෙනා ජනතාවට බලා ගත හැකි අයුරින් වත්කම් ප්‍රසිද්ධ කළ යුතුව තිබෙන බව හර්ෂ ද සිල්වා මහතා කීය. එම වත්කම් ප්‍රකාශන තෝරා ගත් වෙබ් අඩවියක 2024 ජුලි 24 වන විට ප්‍රසිද්ධ කළ යුතුව තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය. මේ ආකාරයට මූල්‍ය අරමුදල නිර්දේශය 16ක් ක්‍රියාත්මක කිරීම…

Read More

අද (05) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා සඳහන් කළේ, අද (05) සහ හෙට (06) දෙදින පාසැල් වසා තැබීමට තීරණය කර ඇති බවයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

මෙම වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. ඇමෙරිකන් විද්‍යාඥ පියේ අගොස්ටීන් සහ ජර්මන් විද්‍යාඥ ෆෙරෙන්ක් ක්‍රවුස් සහ ස්වීඩන විද්‍යාඥවරියක වන ඈන් ලෙ හූලියේ එම විද්‍යාඥයන් තිදෙනාය. පදාර්ථවල ඉලෙක්ට්‍රෝන ගතිනත්වය අධ්‍යයනය සඳහා නව පර්යේෂණ ක්‍රම හඳුන්වා දීම සම්බන්ධයෙන් මෙම විද්‍යාඥයන් තිදෙනාට භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පරිනැමුණි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය හෝ වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් නැතැයි ජර්මනියේ රූපවාහිනි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතිකයින් දෙවැනි පන්තියේහි ලා සැලකීමේ බටහිර මාධ්‍ය ආකල්පය වෙනස් විය යුතු බව කී ජනාධිපතිවරයා එක්සත් රාජධානිය හෝ ජර්මනිය ගැන එවැනි ජාත්‍යන්තර පරීක්ෂණ කර තිබෙනවා දැයි ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව නොපිළිගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ජර්මන් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසූයේ තමා රට බාර ගත්තේ රටේ සාගින්දර නැති කිරීමට බවත් ආර්ථිකය ක්‍රියාත්මක වීම ඇරඹුනේ මේ වසරේදී වන අතර තවමත් ඒ…

Read More

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තව දුරටත් අද (04) දිනයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල මිලි මීටර 75ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකියි. ඌව සහ නැගෙනහිර පළාත්වලත්පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට…

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ. පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දුන් බවයි X පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More