- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
ජාත්‍යන්තර ප්‍රජාව විසින් තහනම් කරනු ලැබූ රසායනික අවි යොදාගෙන සිරියානු සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කර, මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කළේ යැයි චෝදනා නගමින්, ප්‍රංශ රජය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, ඔහුගේ සොහොයුරා සහ සිරියානු රජයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ. අසාද්ට අමතරව වරෙන්තු නිකුත් කර ඇත්තේ, අසාද්ගේ සොහොයුරා මහීර් සහ සිරියානු රජයේ හමුදා ජනරාල්වරුන් වන ඝෂාන් අබ්බාස් සහ බසාම් අප් හසාන් යන දෙදෙනාටය. සිරියාවේ සිවිල් යුද ගැටුම් ඇවිලෙද්දී, ජනාධිපති අසාද්ගේ උපදෙස් පරිදි, සිරියානු රජයේ හමුදාව, රසායනික අවි භාවිතයට ගනිමින් සිවිල් වැසියන්ට පහර දුන්නේ 2013 යැයි සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන පෙන්වා…
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය පිළිබඳව ඇති නැඹුරුතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ලංකා වාණිජ මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාලය (ILO) සමඟ එක්ව ‘Schoolpreneur 2023’ නමින් පාසල් ව්‍යවසායකත්ව දින වැඩසටහනක් එළඹෙන නොවැම්බර් 16 වෙනිදා දියත් කිරීමට නියමිතය. මෙය දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර අනුරාධපුරය, බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, පුත්තලම, රත්නපුරය, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන දිස්ත්‍රික්කයන්හි දී අදාළ පළාත් උත්සව සංවිධානය කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳව දැනුවත්භාවය පුළුල් කිරීමේ පරමාර්ථයෙන් වාර්ෂික පාසල් දින දර්ශනයට පාසල් ව්‍යවසායකත්ව…
ICC Cricket Hall of Fame හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් සඳහා පිරිනමන ගෞරව නාමය මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා හට පිරිනැමීම සිදුකර තිබෙනවා. ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඉන්දියාවේ මුම්බායි හි පැවති උත්සවයකදී මෙය පිරිනමා ඇති බවයි සඳහන් වන්නේ. ටෙස්ට් තරග 93 කට සහ එක්දින තරග 308 කට ක්‍රීඩාකර ඇති අරවින්ද ද සිල්වා රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 15,645 ක් වන අතර ඔහු ටෙස්ට් හා එක්දින තරගවලදී ශතක 31ක් හා අර්ධ ශතක 86 ක් වාර්තා කර තිබෙනවා. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ නියමුවා වූ ඔහු අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු…
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව සහ මධ්‍යම පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා…
2024 අයවැය යෝජනාවල දැක්වෙන ආකාරයෙන් සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කරන බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පවසනවා. ඒ අනුව මත්පැන් නිෂ්පාදනාගාර ආශ්‍රිතව පවතින ඉතාමත් අඩු ගාස්තු ප්‍රමාණයන් සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ. එසේම මත්පැන් කර්මාන්තයේ නිෂ්පාදන ක්ෂේත්‍රයට ඇතුළුවීමට උත්සාහ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නිසි පිළිගත් ආයෝජන හැකියාවකින් යුක්ත පිරිසට පමණක් ඊට පිවිසීමට අවස්ථාව ලබාදීමටත් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා. සුරාබදු බලපත්‍ර විවෘත කර තැබීමේ කාලසීමාවන් කාලානුරූපීව සංශෝධනය කිරීමටත් බලාපොරොත්තු වන බවයි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ඇමෙරිකාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු සමථයකට පත් කර ගනිමින්, ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකාවට පැමිණියේය. චීන ජනාධිපතිවරයා ඇමෙරිකා බලා පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි. ජනාධිපති ජින්පින් ඇමෙරිකාවට පැමිණියේ වසර 6 කට පසුවය. ඇමෙරිකා ජනාධිපති බයිඩන් හමුවීමට පෙර, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන 21 වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට ද චීන ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (15) සිට ඩෙංගු මර්දන රාජකාරි වලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ප්‍රවාහන දීමනා වැඩි නොකිරීම ඇතුළු වෘත්තිය ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඒ පිළිබඳව සහ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම්දී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ. මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලය පවරා ඇත. මීට අමතරව, ඉදිරියේදී ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ලොව ධනවත්ම නළුවන් 10 දෙනාගේ ලැයිස්තුවේ මුල් නළුවන් සිවු දෙනාගෙන් කෙනකු වන්නේ බොලිවුඞ් රජු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය පවසයි. ෂාරුක් ඛාන්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් මිලියන 770 ක් බව ද පැවැසෙයි. අවසන් වරට ෂාරුක් රංගනයෙන් දායක වූ ‘පඨාන්’ සහ ‘ජවාන්’ ඉහළ ආදායමක් ඉපැයූ බෝක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ බොලිවුඞ් සිනමා නිර්මාණයන්ය. ෂාරුක්ගේ මීළඟ සිනමා නිර්මාණය වන්නේ, ප්‍රහසන චිත්‍රපටයක් වන ‘ඩුන්කි’ ය. ඩුන්කි රාජ්කුමාර් හිරානිගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටය දෙසැම්බර් 22 වැනිදා තිරගත වීමට නියමිත බව පැවැසෙයි. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
ලන්ඩන් නුවරට ගොස් සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ බ්‍රිතාන්‍යයේ නව විදේශ ලේකම් ලෙස එම ධුරයට පත් වුණු හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් අතරේ විශේෂ හමුවක් පැවැත්විණි. ඬේවිඞ් කැමරන්ට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ධුරය පිරිනැමීමට, අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කටයුතු කළේ කබිනට් මණ්ඩල සංශෝධන සිදු කරද්දීය. ඒ අනුව, වසර 7 කට පසු කැමරන්, යළි දේශපාලනයට පිවිස සිටී. ඉන්දියාවත් මහා බ්‍රිතාන්‍යයත් අතරේ ද්වී පාර්ශ්වීය සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, එස්. ජයිශංකර් සහ නව විදේශ ලේකම් ඬේවිඞ් කැමරන් අතරේ සාකච්ඡා පැවැත්විණි. 57 හැවිරිදි ඬේවිඞ් කැමරන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2010 සිට 2016 තෙක් කාලයේ, කොන්සවර්ටිව් පක්ෂයට නායකත්වය දෙමිනි. කැමරන් ධුරයෙන් ඉවත්…