Author: Buzzer Editor

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද පැවති එහි විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර ඇතැයි වාර්තාවේ. ක්‍රිකට් තහනම පැවතියද ශ්‍රී ලංකා ජාතික කන්ඩායම සහභාගී වන තරගාවලි සඳහා එමගින් බලපෑමක් ඇතිනොවන බවද සඳහන් වෙයි. එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කිරීමටද එහිදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙම රැස්වීමට සහභාගී වී ඇති බවද වාර්තා වෙයි. (සෘජු උපුටාගැනීම: දිවයින) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

ජනප්‍රිය තීන්දු ගෙන රටේ ආර්ථිකය නැවත කඩාවැටුණ යුගයකට ගෙන යෑමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තරුණ පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය අමතමින් පැවසීය. ජාතික තරුණ සේවා සභාව සංවිධාන කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ 05වන සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්විණි. මෙවර සැසිවාරයේ තේමාව වූයේ “වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා 2024 අයවැය යෝජනා ඵලදායී ලෙස යොදා ගැනීම වෙනුවෙන් තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීම” යන්නයි. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ලතින් ඇමෙරිකාවට අයත් එල් සැල්වදෝරයේ, සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට ලතින් ඇමෙරිකා රාජයයක් වන නිකරගුවාව නිියෝජනය කළ සුරූපිනිය, ෂෙයින්ස් පැලැසියෝස් සමත් වූවාය. මෙම වසරේ රටවල් 84 ක් නියෝජනය කරමින් තරගකාරියන් විශ්ව රූ රැජින තරගාවලියට එක් ව සිටි අතර, මෙවර දෙවැනි ස්ථානය දිනාගත්තේ, තායිලන්ත සුරූපිනියයි. තරගාවලියේ තෙවැනි ස්ථානය දිනුවේ, ඔස්ට්‍රේලියානු සුරූපිනියයි. Buzzer.lk සහ Buzzer Fashion සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනි විලාසිතා ප්‍රවෘත්ති ගැන වැඩි විස්තර දැන ගන්න.

Read More

සමාජ මාධ්‍ය වැඩසටහන් නිර්මාණකරුවෙක් වන Nas Daily සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමග එක්ව ගිවිසුමකට එළඹී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා එම ගිවිසුම මහත් පිටුවහලක් වනු ඇති බවයි සඳහන් වන්නේ. 2020 වසරේදී Nas Daily, කොවිඩ් වසංගත සමය තුළ “The Most Generous Country During Covid” ලෙ​ස ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් නිර්මාණය කර තිබූ බවයි සංචාරක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.

Read More

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා…

Read More

ආජන්ටිනාවේ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වුණු අතර, සියයට 55 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින්, ජයග්‍රහණය කළේ ස්වාධීන මතධාරී හාවියර් මිලෙයි ය. ආජන්ටිනා ජනාධිපතිවරණයේ පළමු වරට පැවැත්වූයේ පසුගිය ඔක්තෝබරයේය. දෙවැනි වටයකට යෑමට සිදුවූයේ පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයකු සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට අපොහොසත් වූ බැවිනි. දෙවැනි වටය පැවැත්වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද දිනූ මුදල් අමාත්‍ය ධුරය හෙබවූ සර්ගියෝ තෝමාස් මසා සහ හාවියර් මිලෙයි අතරේය. සර්ගියෝ තෝමාස් මසා ට හිමි කර ගැනීමට හැකිවූයේ සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ලතින් ඇමෙරිකාවට අයත් ආජන්ටිනාව, දැඩි ආර්ථික අර්බුදයකින් හෙම්බත් වී සිටින රාජ්‍යයකි. දැඩි ලෙස අඩපණ වී කඩා වැටුණු රටේ ආර්ථිකය පණ…

Read More

ජනප්‍රිය කොලොම්බියානු ගායිකා ෂකිරා හට බචු වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් බර්සිලෝනා නුවරදී පැවැත්වෙයි. ග්‍රැමී සම්මානලාභී ෂකිරාට අට වසරක සිර දඬුවමක් ලබා දෙන්නැයි පැමිණිලි පාර්ශ්වය ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. චෝදනා එල්ල වී ඇත්තේ, 2012 සහ 2014 අතර ඉපැයූ ආදායම මත, 46 හැවිරිදි ෂකිරා, ස්පාඤ්ඤ රාජ්‍යයට යුරෝ මිලියන 14.5 ක් (ඩොලර් මිලියන 15.7 ක්) වංචා කළ බවටය. ෂකිරා මෙ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයින්ට සහභාගී වීමට හැකියාවක් නොමැති බව කතානායකවරයා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව කාරක සභාවල සාමාජික මන්ත්‍රීවරුන්, අදාළ කාරක සභා සඳහා කැඳවන පුද්ගලයින්, කාර්ය මණ්ඩලය සහ කාරක සභාවේ සභාපතිවරයාගේ විධිමත් අවසරය ලබාගත් සාමාජිකයින් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් එම කාරක සභා රැස්වීම් සඳහා සහභාගී විය හැකි බවයි කතානායකවරයා දැනුම් දුන්නේ. කාරක සභාවේ කටයුතු සම්බන්ධීකරණය හා උපදේශනය සඳහා බාහිර පුද්ගලයෙකුගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් කතානායකවරයාගේ ලිඛිත අවසරය ලබාගත යුතු බව කතානායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති අවසන් තරගය කඩුලු 6 කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජය ගැනීමත් සමඟයි. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා ලබා ගත්තේ ලකුණු 240 ක් පමණයි. පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කේ එල් රාහුල් ලකුණු 66 ක්, විරාත් කෝලි ලකුණු 54 ක් හා රෝහිත් ශර්මා (Rohit Sharma) ලකුණු 47 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මිචෙල් ස්ටාක් කඩුලු 3 ක් හා ජෝෂ් හේසල්වුඩ්…

Read More

ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලබන අඟහරුවාදා (21 වැනිදා) පෙරවරුවේ කැඳවන බව එම ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එම ඒකකයේ එදින පෙරවරුවේ පෙනී සිටින ලෙස වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දුන් බව කී එම නිලධාරියා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව කළ හෙළිදරව්ව පිළිබඳව ප්‍රකාශයක් ගැනීමට නියමිත බව ද සඳහන් කළේය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත කඩා වැටීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය කළ පැමිණිල්ලට අනුව එම කැඳවීම කර තිබේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන්…

Read More