- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
බඩල්කුඹුර අංකඩ වරාදොලවත්ත සිදුවු නාය යාමක් හේතුවෙන් අවධානමට ලක්වු පවුල් 28ක් වහාම එම ස්ථානයෙන් ඉවත්කිරිමට පියවර ගත්බව මොනරාගල දිස්ත්‍රික් අපදා ලකමණාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවින්ද්‍ර කුමාර මහතා ලංකාදිපයට පැවසිය. මෙම අවධානමට ලක්ව සිටින පවුල් ජීවත් වු ලැයිම් කාමර පෙල සහිත ස්ථානය ද මෙම නාය යාමේ අවධානමට ලක්වි ඇති බවත් මේ වන විට එම පවුල් සඳහා අවශ්‍ය වියලි අහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කර ඇතැයි ඒ මහතා කියා සිටියේය. පවතින අධීක වර්ෂාවත් සමග මොනරාගල දිස්ත්‍රික්කයේ මෙවැනි නාය යාම් ඇතිවිය හැකි ස්ථාන සම්බන්යෙන් දැඩි අවධානයක් යොමු කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.(සෘජු උපුටාගැනීම: ලංකාදීප) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ…
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චේස්, ඊශ්‍රායලයේ, ජෙරුසලමට පැමිණ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා කළේය. එම සාකච්ඡාවලට බඳුන් වූයේ ඊශ්‍රායල පලස්තීන අර්බුදයයි. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ස්ථිරසාර විසඳුමක් අවශ්‍ය බවත්, ඇති එකම විසඳුම වන්නේ ද්වී රාජ්‍ය විසඳුමක් බවත්, ජාත්‍යන්තරය මැදිහත් වී ඊශ්‍රායල පලස්තීන සාම කතා පවත්වා ද්වී රාජ්‍ය විසඳුමක් ඉදිරිපත් කළ යුතු බවත් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා, නෙදන්යාහු හමුවේ, පෙන්වා දුන්නේය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට එරෙහි නඩුව වැඩිදුර සලකා බැලීම සඳහා සඳුදා (27) දිනය දක්වා කල් තබා තිබෙනවා. ඒ අනුව අදාළ පෙත්සම් අද (24) යළි කැඳවූ අවස්ථාවේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
අද (24) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක කාලයක් ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද (24) පස්වරු 5.00 සිට හෙට (25) පෙරවරු 9.00 දක්වා කොළඹ 11, 12, 13, 14, හා 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ. අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව සඳහන්. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
11 ශ්‍රේණියේදී පවත්වන අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට සැලසුම්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය. දරුවන් අධ්‍යාපනයේ දී වයසට යෑම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා එවිට වයස පහළොවේදී අපොස සාමාන්‍ය පෙළ ලිවිය හැකි බවද ප්‍රකාශ කළේය. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමෙන් උසස් පෙළ විභාගය සඳහා දරුවකුට අවුරුදු 17 දී පෙනී සිටිය හැකි බවද ඔහු සඳහන් කළේය. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කිරීමක් ලෙස, ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට දකුණු අප්‍රිකා ජනාපධිති සිරිල් රැම්පෝසාගේ රජය තීරණය කර තිබේ. එම තීරණය සම්බන්ධයෙන්, ඊට අදාල යෝජනාව, දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවට යොමු කෙරුණු අතර, ඡන්ද විමසුමක් ද පැවැත්විණි. එම යෝජනාවට පක්ෂව ඡන්ද 248ක් හිමිවුණු අතර විරෝධය දැක්වූයේ 91 දෙනකු පමණි. ඒ අනුව, ඊශ්‍රායලයේ දකුණු අප්‍රිකා තානාපති කාර්යාලය ඉවත් කර ගන්නා බව දකුණු අප්‍රිකාව පවසා තිබේ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
පෙර සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා විභාගය පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ. උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ඊයේ (22) විභාගයට ගත් අවස්ථාවේදී එක් පෙත්සමක් නිෂ්ප්‍රභ වී ඇති අතර අනෙක් පෙත්සම ඉල්ලා අස් කරගෙන තිබෙනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනාගෙන්, 150 දෙනකු මුදා හැරීමට හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කිරීමත් සමඟ සිවු දින සටන් විරාමයකට යෑමට, ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වා සටන් විරාමයකට යෑමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි. හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගෙන, ගාසා තීරයට රැගෙන ගියේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ඊශ්‍රායලට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය. එදා සිට ඊශ්‍රායල හමුදා, ගාසා තීරයට ගුවනින් සහ ගොඩබිමින් පහර දෙන්නේ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා, හමාස් ග්‍රහණෙයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අරමුණින්ය. හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ යුද ගැටුම් නැවැත්වීමට, මැදහත් වී සිටින්නේ කටාර්…
එක්සත් ජනපදයේ R M පාර්ක්ස් සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ඛනිජ තෙල් නිෂ්පාදන සම්බන්ධයෙන් ගිවිසුමක් අස්සන් කළේය. R M පාර්ක්ස් සමාගම ඩොලර් මිලියන 110 ක් ආයෝජනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. ලොව ප්‍රමුඛ ඛනිජ තෙල් නිෂ්පාදන ආයතනයක් වන R M පාර්ක්ස් සමාගමට මෙම ගිවිසුමත් සමඟ ‘ෂෙල්’ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ අළෙවි කිරීමේ අවස්ථාව උදාවන අතර ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ R M පාර්ක්ස් සහ ෂෙල් එක්ව ඉන්ධන පිරවුම්හල් 200 ක් ආරම්භ කිරීමට නියමිතය. එම ඉන්ධන පිරවුම්හල් තුළ සුපිරි වෙළෙඳසැල් සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ඇතුළු පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වේ. දිනපතා මෙවැනිම ආකාරයේ…
දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් අද (22) දිනයේදී අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.…