Author: Buzzer Editor

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, ​ඉදිරි පැය 12 තු​ළ, සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනු​ව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00…

Read More

බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 පුරා විවෘත කර තබන බව නියෝජ්‍ය තැපැල්පති පවසනවා. රථවාහන වැරදි සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය මගින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම් හා අනෙකුත් තැපැල් කටයුතු සඳහා මේ තැපැල් කාර්යාල විවෘතව තබන බවයි සඳහන් වන්නේ. ඒ අනුව පහත සඳහන් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘතව පවතිනවා. බොරැල්ලවැල්ලවත්තහැව්ලොක් ටවුන්දෙහිවලමොරටුවපානදුරකළුතරකොටහේනකොම්පඤ්ඤවීදියබත්තරමුල්ලගල්කිස්සනුගේගොඩසීතාවකපුර දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

සුරාසල් විවෘත කිරීමේ හා වසා දැමීමේ වේලාවන් සංශෝධනය කිරීම සඳහා ඉදිරියේදී සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. සුරාසැල් විවෘත කරන සහ වසා දමන වේලාවල් සැලකීමේදී එය අනියම් ආකාරයකින් නීත්‍යානුකූල නොවන මත්පැන් වෙළඳුන්ට කරන ආරාධනාවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ අනුව සුරාසැල් විවෘතව ඇති වේලාවන් ප්‍රායෝගිකව වෙනස් කිරීමට යෝජනා වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසනවා. එමෙන්ම, මත්පැන් බලපත්‍ර වලට ඇති ඉල්ලුම පරිදි, රජයට ආදායමක් ගැනීම සඳහා බලපත්‍ර ගාස්තුව වැඩි කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, දෙසැම්බර් 01 වනදා සිට 04 වනදා දක්වාත්, දෙසැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වාත්, දෙසැම්බර් 15 වනදා සිට 18 වනදා දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබෙනු ඇති බව නිවේදනය කර තිබෙනවා. අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත්, අපහසුතා මග හරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ලෝක ඒඩ්ස් දිනය අදට (දෙසැම්බර් 01) යෙදී තිබෙනවා. මේ වසරේ ඒඩ්ස් දින තේමාව වන්නේ ‘ප්‍රජාව බලගන්වමු, ඒඩ්ස් වළකමු’ යන්නයි. 1981 වසරේ ඇමරිකාවේ, ලොස් ඇන්ජලීන් නගරයේ රෝහලකින් පළමු AIDS ආසාධිතයා හඳුනාගත් අතර එතැන් පටන් මේ දක්වා පුද්ගලයන් මිලියන 40 කට වැඩි පිරිසක් ඒඩ්ස් ආශ්‍රිත රෝගාබාධවලින් මිය ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මේ වසරේ මුල් මාස 10 තුළ පමණක් HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවදුරටත් පුළුල් කර ඇති බවයි ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය නිෂාන් ගුණරත්න සඳහන් කරන්නේ. (සෘජු උපුටාගැනීම: එසැණ) මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Read More

2022 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කටයුතු කරන ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම “SPARKS” 10 වැනි අදියරේ ශිෂ්‍ය තනාපතිවරුන් කණ්ඩායම පිළිගැනීමේ වැඩසටහන පසුගියදා සංවිධානය කරන ලදී. මෙම ශිෂ්‍ය තානාපති කණ්ඩායම සඳහා විශ්වවිද්‍යාල 10ක් නියෝජනය කරමින් උපාධි අපේක්ෂකයින් 26 දෙනෙකු ඇතුළත් විය. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, මෙරට විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ නායකත්ව කුසලතා මෙන්ම ආත්මාභිමානය වර්ධනය කිරීම සහ සිය සම වයස් කාණ්ඩවල මිතුරු මිතුරියන් අතර ධනාත්මක බලපෑමක් නිර්මාණය කරන පුද්ගලයන් බවට පත්වීමට ඔවුන් දිරිගැන්වීමයි.මෙය ස්වේච්ඡා ශිෂ්‍ය තනාපති වැඩසටහනක් වන අතර තෝරාගත් උපාධි අපේක්ෂකයන් වසරක කාලයක් සඳහා යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපතිවරුන් ලෙස පත්කරනු ලබයි. මෙම වැඩසටහන…

Read More

ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපදෙස් දුන්නේය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ තමාට වෙන්වූ කාර්යාල කාමරය පාවිච්චි කරන්නැයි හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාට පවසා තිබේ. තමා සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන හෙයින් එම අමාත්‍යංශයේ සිට අදාල රාජකාරී කටයුතු සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට ද දැනුම් දී ඇත. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලී පදනම මත පවත්වාගෙන ගිය ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයට මසකට රුපියල් ලක්ෂ 42ක් පමණ වැය වන හෙයින් මෙම තීරණය ගත් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.…

Read More

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (30) දිනයේ සිට දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං…

Read More

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය ලෙස සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළැඹි බව ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. ඒ අනුව මෙම ගිවිසුම ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් යුක්ත බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ. Amber Adventure සමාගම සමඟ මෙය අත්සන් තබා ඇති අතර මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නිෂ්පාදිත විශේෂඥ සහාය China Machine-Building International Corporation විසින් ලබාදීමට නියමිතයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More