Author: Buzzer Editor

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා කාන්තා සහභාගීත්වය විවිධ කරුණු හේතුවෙන් අනෙකුත් කලාපීය හා ආසියානු රටවලට වඩා පහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය කරනු ලැබ ඇත. 2022 වසරේ දී සිදු කරන ලද ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳ සමීක්ෂණයට අනුව ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් 35%ක් කාන්තාවන් වන අතර, එමඟින් ආර්ථීක සහභාගීත්වයේ ස්ත්‍රී – පුරුෂ දායකත්ව අනුපාතවල සැලකිය යුතු විෂමතාවක් නිරූපණය වන බව රජය පවසයි. සීමිත මූල්‍ය සාක්ෂරතාව සහ ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන දේපළ හෝ වෙනත් ඇප හිමිකමක් කාන්තාවන්ට නොමැති වීම ආදී මූල්‍ය…

Read More

අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැඩිය හැකි ශාකයක් පෘථිවියේ ඇතැයි විද්‍යාඥයෝ පවසති. මෙම ශාකය පාසි වර්ගයකි. මෙම පාසි ඇන්ටාක්ටිකාවේ සහ ඇමෙරිකාවේ මොහාවි කාන්තාරයේ දකින්න ලැබේ. මෙම පාසි වර්ගය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ‘සින්ත්‍රිචියා කැනිනෙර්විස්’ Syntrichia caninervis යන නමිනි. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම පාසි වර්ගයට දැඩි සීතල කාලගුණ තත්ත්වයක් යටතේ පමණක් නොව, අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ දිවි රැක ගනිමින්, ජීවත් විය හැකි බවය. (NDTV) Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Read More

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. එමෙන්ම ජූලි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා. ඒ අනුව පෙර පැවති මිලටම මේ මාසයේ අලෙවි කටයුතු සිදුවන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා සහ ඔහුගේ ‘අප්‍රිකානු ජාතික කොංග්‍රස්’ පක්ෂය පිහිටුවූ නව රජයේ අමත්‍යාංශ තිස් දෙකෙන් 12 ක් විපක්ෂයට දීමට සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති සිරිල් රැම්පෝසා සහ ඔහුගේ ‘අප්‍රිකානු ජාතික කොංග්‍රස්’ පක්ෂයට හෝ වෙනත් කිසිදු පක්ෂයකට පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් බහුතරයක් හිමි වූයේ නැත. ඒ අනුව, විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා පවත්වා එකඟතාවක් ඇති කර ගනිමින් සභාග රජයක් පිහිටුවීමට රැම්පෝසාට සිදුවිය. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

විදුලි බිල අඩු කිරිම ලබන 16 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව ගාස්තු සංශෝධන අවසන් තීරණය ලබන 15 වනදා ප්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු සඳහන් කළේ. විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමිසිම ලබන 08 වැනිදා දක්වා සිදු කෙරෙනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඊ එම් එස් බී ඒකනායකගේ අත්සනින් යුතුව මෙය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. එම ගැසට් නිවේදනය මගින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමූපාකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවලින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙනවා. http://documents.gov.lk/files/egz/2024/6/2390-28_S.pdf Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ජූලි 1 වනදා සිට බස් ගාස්තු 5% කින් පහළ දැමීමට තීරණය කර තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28 ක් බවයි සඳහන් වෙන්නේ. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

කෙන්යා ජනාධිපති විලියම් රූටෝ ට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් එරට නයිරෝබි අගනුවර විරෝධතා පැවැත්වෙයි. පසුගිය දින කීපයේ කෙන්යා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය හඳුන්වා දීමට උත්සාහ කළ නව මූල්‍ය ප්‍රතිසංස්කරණවලට දැඩි ජනතා විරා්ධයක් එල්ල විය. එම නව මූල්‍ය ප්‍රතිසංස්කරණ හරහා බදු වැඩි කිරීමට ජනාධිපති රූටෝ උත්සාහ ගත්තේය. කෙසේ නමුත් ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන්, බදු ඉහළ නැංවීමේ පනත් කෙටුම්පත හකුලා ගැනීමට කෙන්යා ජනාධිපති විලියම් රූටෝ සිදුවිය. එසේ වූයේ විරෝධතාකරුවන් මර්දනය කිරීමට රූටෝ දැඩි පිළිවෙතක් අනුගමනය කළ නිසාය. පොලිසිය යොදවා විරෝධතාකරුවන් මෙල්ල කරද්දී, පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුවෝ කීප දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එසේ වුවත්, රූටෝ ට එල්ල වන විරෝධතා තවමත් අවසන් වී නොමැති අතර,…

Read More

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටුවීම සහ ඒ හා සමගාමීව සිදුකරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙ​ට (29) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනු​ව පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා මෙසේ පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. එමෙන්ම මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ වතුර සැපයෙන…

Read More

රුසියාවේ උතුරුදිග කෙළවරේ මගී දුම්රියක් පීලි පැනීමෙන් එහි ගමන් කරමින් සිටි 20 දෙනෙක් තුවාල ලැබූහ. දුම්රිය වොර්කුටා නගරයේ සිට උතුරු ආක්ටික් කලාපයේ කළු මුහුද අසල පිහිටි නොවරොසීස් නගරයට යෑමට නියමිතව තිබුණි. දුම්රිය පීල පැන්නේ කෝමී ජනරජයේ කුඩා නගරයක් අසලදීය. අනතුර සිදුවෙද්දී දුම්රියේ 215 දෙනකු සිට ඇති බවත්, තුවාල ලැබූවන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වේ. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More