- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්‍ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Author: Buzzer Editor
LGBTQ+ ප්‍රජාවට බලපාන ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා හමුවන ලෙස ස්වාධීන මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා එම ප්‍රජාවේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. LGBTQ+ ප්‍රජාව ඇතුළු විවිධ මාතෘකා සම්බන්ධයෙන් තමන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේය. “LGBTQ ප්‍රජාව සම්බන්ධ කරුණු, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) සම්බන්ධ ප්‍රතිසංස්කරණ සහ උඩරට ප්‍රජාවට අදාළ මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය,” යයි ඔහු වැඩිදුරටත් පැවසීය. යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පළමු පිටපත තමා වෙත ලැබුණු බව ද ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරයා මේ අතරතුර පැවසීය. LGBTQ+ ප්‍රජාව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව පිළිබඳව අදහස්…
භූමිතෙල් සඳහා සහනයක් අවශ්‍ය පිරිස්වලට මූල්‍ය ආධාරයක් ලබා දී භූමිතෙල් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කාංචන විජේසේකර මහතා පැවසීය. භූමිතෙල් ලීටරයක් රුපියල් 87 කට අලෙවි කිරීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් 275.26ක අලාභයක් ලබන බව අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. උපුටා ගැනීම: ඩයනා උදයංගනී, ලංකාදීප වෙබ් අඩවිය
21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කවුරුන් හෝ අකමැති නම් එයින් පැහැදිලි වෙන්නේ ඔහුට හෝ ඇයට ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවේ තියාගන්න අවශ්‍යයි යන කාරණය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. කවුරුන් හෝ 21 සංශෝධනයට විරුද්ධ වන්නේ නම් ඒ ද්විත්ව පුරවැසියන්ගේ අවශ්‍යතාවය මතයැයි පැහැදිලි බවද විජයවර්ධන මහතා කීය. ද්විත්ව පුරවැසියන් සමඟ ඩීල් තියෙන්නේ කාටදැයි කියා එහිදී ජනතාවට බලාගන්නට හැකි බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය. 21 වෙනි සංශෝධනයට සංශෝධන ඉදිරිපත් කරන්නට දේශපාලන පක්ෂ වලට අවස්ථාව තිබෙන බව කී විජයවර්ධන මහතා එසේ නොකර” අරයා කියපු එක නෑ ,මෙයා කියපු එක නෑ කියා අවස්ථාවෙන් පැන යන්න එපා යැයි ඉල්ලා සිටින…
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවසරය මත අද (24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5%ක් වැඩි වීමට නියමිතයි. ඒ අනුව සිදුවන ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍යය මගී බස් රථයක නවතම අවම ගාස්තුව රුපියල් 32 දක්වා ඉහළට යන අතර කාණ්ඩ 350ක් යටතේ සිදුවන බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇත.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරය සඳහා අමාත්‍යවරයෙකු නම් කරන තෙක් කටයුතු කරනු ඇත. 2022 මැයි 9 වන දින කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු ශ්‍රී ලංකාව තවමත් මුදල් අමාත්‍යවරයෙකු නම් කර නොමැත. හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ පසු නැවතත් එම ධූරය භාරගන්නා ලෙස සිදුකල ආරාධනය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා එම ධූරය භාර ගැනීම…
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි සහ අවසන් තරඟය සජීවිව තරඟය නරඹන්න. සුප්‍රීම් නාලිකාව සිය Youtube ගිණුම හරහා එයට අද හසර සලසා දී ඇත.
ගාල්මුවදොර අරගල භූමියට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) අද (24) පෙරවරු 10ට පැමිණියේය. ඒ මහතාට සී.අයි.ඩී. හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද අද පෙරවරු පැමිණෙන තිබුණි. උපුටා ගැනීම: යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක, ලංකාදීප වෙබ් අඩවිය
වැස්ස කාලෙදි ළමයින් ලෙඩ රෝගවලට ගොදුරු වීම වැඩියි. ඒ වැසි සහිත සීත දේශගුණය ලෙඩ රෝග ගණනාවකටම හිස එසවීමට කදිම හේතුවක් බැවිනි. සීත කාලයේදී ඉහළ ස්වසන මාර්ගයේ සේම පහළ ස්වසන මාර්ගයේ රෝගද පැතිරී යාමේ අවදානමක් පවතී. ඒ අනුව මේ දිනවලදී කුඩා දරුවන් වැඩි වශයෙන් ගොදුරු වන වයිරස් උණ රෝගී තත්ත්වයක් පැතිරී යාමට පටන් ගෙන ඇත. රෝග ලක්ෂණ මෙහිදී උණ සමග සෙම ගතිය, හතිය එකවර ඇති වීම නිසා තත්ත්වය උත්සන්න වීමට පුළුවන. වේගවත් හුස්ම ගැනීම සේම එක දිගට කල් අල්ලා පවතින කැස්ස ගතියද මෙහි මූලික රෝග ලක්ෂණ වේ. උණ තත්ත්වය සුව වුවද කැස්ස ගතිය කල් අල්ලා පැවතිය හැකියි. වයිරස් රෝගී තත්ත්වයේදී සේම…
අද දින (24) කිසිඳු ආකාරයේ ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම තම පාරිභෝගියකන්ට දන්වයි.. එහෙයින් ගෑස් පෝලිම්වල නොරැඳී සිටින ලෙස ලිට්‍රෝ සමාගම සාමන්‍යය ජනතාවන් කාරුණිකව ඉල්ලා සිටී.
ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස්රථ ගමනාගමනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි මිල ගණන් සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. අදාළ පාර්ශ්වයන් රජයට ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කර තිබිණ. උපුටා ගැනීම: සුජිත් හේවාජුලිගේ, ලංකාදීප වෙබ් අඩවිය