Author: Buzzer Editor

ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක (බ්‍රෙන්ට් වර්ගයේ) මිල ඇ.ඩො 120 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ලෝක වෙළඳ පොළේ වඩාත් ප්‍රචලිතව ඇත්තේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල්ය. ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. (West Texas Intermediate) වර්ගයේ බොරතෙල් බැරලයක මිලද මේ වනවිට ඉහළ ගොස් ඇතිබව වාර්තා වෙන අතර එය සටහන් වුයේ ඇ.ඩො ඩොලර් 115.80 ක් ලෙසිනි.

Read More

අද (31) දින සහ ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ පවතින වර්ෂා සහ සුළං තත්ත්වයේ සාධණීය වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැක. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට…

Read More

අද (30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා අතර විද්‍යුත් හමුවීමක් පැවතිනි. මෙම හමුවේදී එක්සත් රාජධානියේ අගමැති RW වෙත පොරොන්දු වී ඇත්තේ ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් ලෙස ගොඩනැගීම සඳහා තම සහාය ලබා දෙන බවයි. ඔහු මෙය සිය ට්විටර් ගිණුමේද සටහන් කර තිබුණි. එය පහත පරිදී වේ.

Read More

ශ්‍රී ලාංකික යූ ටියුබ් කරුවෙකු වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධී රැස්වීම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රැට්ටා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිස් ස්ථානයට පැමිණි රැට්ටා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ නමුත් පසුව ඔහු පොලිස් ඇප මත මුදා හැරුනා. අද දින 50කට අධික කාලයක් අඛණ්ඩව පැවැත්වෙන කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහභාගි වූ ප්‍රධාන චරිතයක් ලෙස රැට්ටා ප්‍රකටය.

Read More

ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම හෙට (31) පස්වරුවේ සිට ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි. ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000ක් බෙදා හැරීම හෙට සිට ක්‍රියාත්මක වන බව ප්‍රාථමික ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ පැවසීය. බෙදා හැරීමට කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ඇතුළත් වේ. Litro Gas Lanka හි නිල වෙබ් අඩවියෙන් දැන් ලබා ගත හැකි යාවත්කාලීන තොග සමඟින් පාරිභෝගිකයින්ට අලෙවි නියෝජිත ලැයිස්තුවේ තොරතුරු ලබා ගත හැක. සමාගම විසින් ගෑස් සිලින්ඩර බෙදා හැරීම මැයි 24 සිට අද දක්වා අත්හිටුවා තිබුණි. ඒ, LP ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් යාත්‍රාවක් පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන්. කෙසේ වෙතත්, ගෑස් සිලින්ඩර…

Read More

ශ්‍රී ලාංකික යූ ටියුබ් කරුවෙකු වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධී රැස්වීම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රැට්ටා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිස් ස්ථානයට පැමිණි රැට්ටා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද දින 50කට අධික කාලයක් අඛණ්ඩව පැවැත්වෙන කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහභාගි වූ ප්‍රධාන චරිතයක් ලෙස රැට්ටා ප්‍රකටය. එම අවස්ථාව නැරඹීමට: https://fb.watch/dkvyThabsG/

Read More

ශ්‍රී ලංකාවේ මෙම සුන්දරම ස්ථාන වෙත සංචාරයක් කරන්න. ඔබට ආපසු නිවෙස් බලා පිටත් වීමද අපහසු වනු තරමටම සුන්දරය. විශ්මය ජනක ස්ථාන සහ ජනප්‍රිය ආකර්ෂණීය ස්ථාන 5 ක් ඇතුළත් ශ්‍රී ලංකාවේ සුන්දරම අත්දැකීම් දැන ගැනීමට මෙම ලිපිය කියවන්න. බඹරකන්ද ඇල්ල, ඔහිය ශ්‍රී ලංකාවේ ගවේෂණය කිරීමට වඩාත් සන්සුන් ස්ථානයක් වන්නේ බඹරකන්ද ඇල්ලයි. දිය ඇල්ල මීටර් 263 සිට උසින් පිහිටා ඇති අතර එය ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකේ. ස්ථානය: කළුපහන – ඔහිය පාර, ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වනුයේ: උඩුවේරිය හපුතලේ කන්ද සහ වලවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔය නැරඹීමට හොඳම කාලය: උදෑසන 11 සිට දිය ඇල්ල කාර්යබහුල වන බැවින් උදේ වරුව…

Read More

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ. පලිහක්කාර මහතා පත් කර ඇත. අද සිට දින 14ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවාඩු නිමා කර නැවත රාජකාරියට පැමිණෙන තෙක් මෙම පත්කිරීම සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක් පමණ ලබා දීමට පොරොන්දු වී ඇති බවට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශය ලෝක බැංකුව ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ෆාරිස් H. හඩාඩ්-සර්වොස් පැවසුවේ, “අනෙකුත් සියලු ප්‍රකාශයන් අතර, bridge loan පහසුකම් හෝ නව ණය බැඳීමක් ලෙස ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සැලසුම් කරන බව මෑත කාලීනව පළවූ මාධ්‍ය වාර්ථා සාවද්‍යය බවයි.” ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන අතර ආර්ථික ස්ථාවරත්වය සහ පුලුල් පදනම් වූ වර්ධනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දීම සඳහා IMF සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්…

Read More