Author: Buzzer Editor

සමගි ජන බලවේගය (SJB) ඉවත්ව ගිය පක්ෂ සාමාජික හරීන් ප්‍රනාන්දුගේ තනතුර සඳහා අනුප්‍රාප්තිකයෙකු නම් කර තිබේ. වත්තල SJB සංවිධායකවරයා ලෙස හිටපු අමාත්‍ය නිමල් පෙරේරා තේරී පත්වී තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ SJB හි ස්ථාවරය නොතකා අලුතින් පත් කරන ලද අගමැති යටතේ අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට හරි ගත් තීරණයෙන් පසුවය. මීට අමතරව හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට එරෙහිව SJB විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Read More

හෙට (06) දිනයේ සම්පුර්ණ දකුණු පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, මන්නනාරම, වව්නියාව, කෑගල්ල, මාවනැල්ල, පොළොන්නරුව, බදුල්ල සහ පුත්තලම යන ප්‍රදේශයන්වල පූර්ණ වශයෙන් බස් ධාවනය සිදුනොවනු ඇතැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දන්වනවා. ඒ අනුව එම ප්‍රදේශවල හෙට දිනයේ බස් රථ 10%ත් 15% අතර ප්‍රමාණයක් පමණක් ධාවනය වනු ඇති බවයි ඔහු සඳහන් කළේ. කලින් සඳහන් වූ ප්‍රදේශවල ඇති ලංගම ඩිපෝ වලින් ඩීසල් නිසිලෙස ලබාදීමක් සිදු නොකළ බවත් එහි මුළු වගකීම අදාළ බලධාරීන් සහ අමාත්‍යවරයා භාරගත යුතු බවයි ගැමුණු විජේරත්න වැඩි දුරටත් සඳහන් කළේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ජුනි 15 වැනිදා සිට ව්‍යුහාත්මක වෙනස්කම් කීපයක්ම සිදු කිරිමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටිනවා. දැනට රට තුළ පවතින පොදු ප්‍රවාහන ගැටළු වලට ගතහැකි කඩිනම් ප්‍රායෝගික විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන් අතර හමුවක් ඊයේ (04) පැවැත්විණි. ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව ඇත විඳිමින් සිටින ඉන්ධන අර්බුදය හා උද්ධමනය හමුවේ ඉහළ යන ජීවන වියදම තුළ සාමාන්‍ය මඟී ජනතාව මුහුණ දෙන ප්‍රවාහන ගැටළු සඳහා පිළියමක් වශයෙන් කෙටි කාලයක් තුළ ගත යුතු ක්‍රියාමාර්ග රාශියක් පිලිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වුනු බව අනාවරණය වනවා. ජුනි 15 වැනිදා සිට…

Read More

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ (CEYPETCO) මීළඟ සභාපතිවරයා ලෙස මොහොමඩ් උවයිස් මහතා තේරී පත්වී තිබේ. උවයිස් මහතා මීට පෙර ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු 2021 දෙසැම්බර් මාසයේදී ඉල්ලා අස්වනු ඇත. උවයිස් හිටපු අධිකරණ සහ මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රිගේ සහෝදරයාද වේ.

Read More

ශෙරිල් සැන්ඩ්බර්ග් (Sheryl Sandberg) 2008 වසරේ සිට “Meta (කලින් Facebook ලෙස හැඳින්වූ)” හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි (COO) භූමිකාවේ, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සම-නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ දෙවන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරයි. නවතම වාර්තා වලට අනුව පරිදි, එය වෙනස් වීමට බොහෝ ආසන්න වී ඇත. සමාගමෙහි දශකයකට ආසන්න නායකත්වයකින් අනතුරුව Sandberg සමාගමේ COO භූමිකාවෙන් ඉවත් වනු ඇත. කෙසේ වෙතත්, ඇය තවමත් අධ්‍යක්ෂ මණ්ඩලයේ දැනට සේවය කරන බව වාර්තා වේ. ෆේස්බුක් හි COO භූමිකාවෙන් සැන්ඩ්බර්ග් ඉවත් වීමේ පුවත 2022 ජූනි 1 වන බදාදා දින ඇය ඇයගේ පුද්ගලික ෆේස්බුක් හි බෙදා ගන්නා ලදී. ශෙරිල් ගේ සටහනට අනුව ඇයගේ ඉවත්වීමට හේතුව, දානපති සේවයට වැඩි…

Read More

කටුනායක ගුවන් තොටුපලේ රුසියානු ගුවන් යානයක් රඳවා ගැනීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇත. මෙහිදී එරට බලධාරීන් සඳහන් කර සිටින්නේ රුසියානු සමාගම්වල ගුවන් යානා රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකාව ප්‍රධානියෙක් ලබා දුන් සහතිකය මත තමන් ශ්‍රී ලංකාවට ගමන් කළ බවයි. එවන් පසුබිමක මෙම ගුවන් යානය රඳවා ගැනීම ගැටලුකාරී බව ද රුසියානු බලධාරීන් චෝදනා කරයි. මොස්කවු බල ගුවන් ගතවීමට නියමිතව තිබූ මගින් 191 ක් සහිත ගුවන් යානය කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයක් මත රඳවා ගෙන ඇත. අදාල පැමිණිල්ල සිදු කර ඇත්තේ අයර්ලන්ත සමාගමක් විසිනි. මෙම ගුවන් යානය මීට පෙර හත් වතාවක් ශ‍්‍රී ලංකාව බලා පියාසර කර ඇතැයිද…

Read More

ලිට්‍රෝ සමාගම සතුව තිබූ ගෑස් තොග අවසන් වීම නිසා අද (04) සහ හෙට (05) දිනයේ L. P ගෑස් මිලදී ගැනීම සඳහා පෝළිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සමාගම පවසන පරිදි හෙට (05) දිනයේ ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත බවත් එයින් පසුව නැවත ගෑස් බෙදා හැරීමට කටයුතු කරන බවයි

Read More

පානදුර ප්‍රදේශයේ අද දහවල ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පානදුර නිර්මල මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් එම පුද්ගලයාට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. ඔහු 31 ක් හැවිරිදි වියේ පසුවන්නෙක් බවයි පොලිස් වාර්ථා වල සඳහන් වන්නේ. වෙඩි තැබීමට හේතුව හෝ සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

Read More

කොවිඩ් අරමුදලේ තැන්පතු වලින් රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද (03) උදෑසන කොළඹ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇතැයි වාර්ථා වේ. මේ වනවිට කොවිඩ් වසංගත තත්ත්වය බොහෝ දුරට පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද ඉහළ දමා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මෙතෙක් සියයට 11.25 ක්ව පැවති එම බද්ද සියයට 15 දක්වා ඉහළ දමා ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

Read More