- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
වර්තමානයේ දැඩි ආර්ථික ව්‍යසනයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් වීඩියෝවක් නිකුත් කරමින් සියලු ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධාන කීපයක් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ද මානුෂිය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (HNP) ඒකාබද්ධ සැලැස්මක් දියත් කිරීමට අද එක්ව තිබුණු බව දක්නට ලැබුනා. ජූනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා සිව් මසක කාලයක් තුළ ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා මානුෂීය ආධාර වශයෙන් ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 47.2ක් මෙම වැඩසටහන හරහා රැස් කිරීමට නියමිතව පවතී. ඉහත කී පරිදි වීඩියෝ පණිවුඩයක් මගින් ඕස්ට්‍රේලියානු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ස්ටීව් ස්මිත් සහ මිචෙල් ස්ටාක් ශ්‍රී ලංකාවේ ආර්ථික…
මැදපෙරදිග, චීනය සහ ඉන්දියාව යන රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. ජනාධිපතිවරයා සහ තානාපතිවරුන් අතර හමුව කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික, සමාජීය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දැනුවත් කළේය. පවතින තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන ලෙස ජනාධිපතිතුමා තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. එම රටවල් මෙතෙක් ලබාදුන් සහය පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය. මැද පෙරදිග රටවල් නියෝජනය කරමින් කොළඹ ඕමාන් තානාපති ජුමා හම්ඩන් හසන් අල් ශේහ්හී, Dr. සුහයෙර් හම්ඩල්ලාහ් සයිඩ්, පලස්තීනයේ තානාපති, කුවේට් තානාපති ඛලාෆ් බු ඪයාර්, කටාර් රාජ්‍යයේ තානාපති ජසිම් බින් ජබෙර්…
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙර අධිකරණයට භාරවී තිබෙනවා. ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ප්‍රහාර සඳහා අනුබල දුන් සැකකරුවකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙසේ ඔහු භාර වුයේ අද සුලු මොහොතකට කලින් ඔහුට ලබාදුන් අධිකරණ නියෝගයෙන් පසුවයි.
මුව ආවරණ පැළැඳීම හෙට ජුනි (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන මහතා පවසා සිටිනවා. ශ්වසන රෝග සහ ඒ ආශ්‍රිත අපහසුතා ඇති පිරිස් හට කිසිදු ගැටලුවකින් තොරව පෙර පරිදි මුව ආවරණ පැළැඳීම සිදු කළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය නිල ට්විටර් ගිනුමේද මෙය සටහන් කර තිබුනා. අදාළ නිවේදනය පහතින්,
වරෙන්තු නිකුත්ව ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද (09) රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට වහා භාර වන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර ඇත. එය එසේ සිදුවන තෙක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙරාතුව නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙසත් අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
වර්තමානය වන විට අසල්වැසි ඉන්දියාව ඇතුළු විවිධ රටවල්වලින් ලංකාවට මෙලෙස ආධාර ලැබෙන්නේ තමන් මුදල් අමාත්‍යවරයා ලෙස සිටි කෙටි කාලය තුල සිදුකළ කාර්යභාර්ය නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පවසා සිටිනවා. මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. තමන්ට විදෙස්ගත වීමේ උවමනාවක් තවමත් නැති බවත් මෙසේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්විමට තීරණය කෙරුණේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසි භාවයට එරෙහිව පැනවෙන නීතිය නිසා බවත් යැයි වැඩි දුරටත් ඉස්මතු කරමින් පැවසීය. රාජ්‍ය පාලනය හා දේශපාලනය යනු දෙකක් බව දැන් ඉතා හොඳට අවබෝධවී ඇති බව හිටපු මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර සිටියේය.…
ගල් අඟුරු බලයෙන් දහනයෙන් පනගැන්වෙන වන සියලුම බලාගාර පූර්ණ ධාරිතාවයෙන් විදුලිය නිපදවන අතර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසයි. කෙසේවෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක නොවෙන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ උපදෙස් ප්‍රමාණවත් නොවීම ඊට හේතුව බව ඔහු පැවසීය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පෙරවරු 08.00 සිට විදුලිය විසන්ධි වන බවට ලංවිම ඉංජිනේරු සංගමය අනතුරු අඟවා තිබුණි. කෙසේ වෙතත්, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්…
හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා තමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව පවසා සිටිනවා. මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
2022 ජූනි 08 සිට විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතට ගෙන ඒමට යෝජිත සංශෝධන වහා හකුලා ගැනීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තහවුරු කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා විදුලි සේවක සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර කියා සිටියේ තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලංකා විදුලිබල මණ්ඩල පනත සංශෝධනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කිරීමක් බවයි. “ආණ්ඩුව ලංවිම පනත සංශෝධනය කරන්න සූදානම් වෙනවා. මෙම පනත 2009 දී ක්‍රියාත්මක කරන ලද අතර එය 2013 දී සංශෝධනය කරන ලදී. පනතට අනුව, විදුලිය ප්‍රසම්පාදනයේදී [පුද්ගලික අංශයෙන්] තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය සාමාන්‍ය ජනතාවට අවම මුදලකට විදුලිය ලැබෙන බවට සහතික වේ,” ඔහු පැහැදිලි කළේය. ඉඳුවර මහතා චෝදනා කළේ ජුනි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්…