Author: Buzzer Editor

2022 මැයි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො මිලියන 1920 දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ප්‍රකාශ කළේ එය 2022 අප්‍රේල් මාසයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1812 සිට ඉහළ ගොස් ඇති බවයි. නිල විදේශ සංචිතවල මාස පහක් තුළ මෙවැනි ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. මේ අතර, මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ද සුළු වැඩිවීමක් වාර්තා වී තිබේ. මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඩොලර් 1602 සිට ඩොලර් 1805 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරීන් පිරිසක් මීළඟ සතිය තුලදී ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ගෙරී රයිස් පවසනවා. ඔහු පවසනා ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් ඇති කරගන්නා දිනයක් හෝ ලබාදෙන ණය මුදලේ ප්‍රමාණය පිළිබඳව නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැක. මාණ්ඩලික මට්ටමේ ගිවිසුමේ කාලසීමාව රඳාපවතින්නේ බලධාරීන් විසින් ඒ සඳහා යෝජනා කරනු ලබන ප්‍රතිපත්ති හා කැපවීමේ ශක්තිමත් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Read More

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන පරිදි, මේ සම්බන්ධයෙන් ගත යුතු ප්‍රධාන පියවර පහක් පහත දැක්වේ. “Park & ​​Drive” පද්ධතියට ප්‍රමුඛත්වයකාර්යාල සේවා ඉලක්ක කර ගනිමින් නව දුම්රිය සේවාලංගම සහ පෞද්ගලික බස් රථ දෙකටම ඒකාබද්ධ කෙටි දුර කාලසටහනලංගම වැටුප් ගැටලුව විසඳීමට ගිවිසුමදුම්රිය රක්ෂිත ඉඩම් ආහාර භෝග සඳහා බදු දීමට සැලසුම් මගීන් ආකර්ෂණය කර ගැනීම සඳහා වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය. තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති අතර ඒ සමඟම පොදු…

Read More

ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ඔහුගේ සියලුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මේ අනුව ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාර ගැනීමට නිල වශයෙන් කැමැත්ත පළ කර ඇති බවටයි වාර්ථා වන්නේ.

Read More

නව අමාත්‍ය ධුර දෙකක් ඇති කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගැසට් පත්‍රයට අනුව, නව අමාත්‍යාංශ වන්නේ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මැයි 27 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් ඊයේ (09) රාත්‍රියේ ගැසට් නිවේදනය නිකුත් කළේය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC), ආයෝජන මණ්ඩලය (BOI), ශ්‍රී ලංකා ටෙලිකොම්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) , සහ නෙළුම් කුළුණ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා යටතට වැටේ. මේ…

Read More

ඩෙංගු රෝගය යලි ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් හටගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටිනවා. දැනට ඇති දත්ත හා ආරංචි මාර්ග අනුව බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගන්නා බවත් ඩෙංගු රෝගය පැතිරීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් ඔහු විශේෂයෙන් සඳහන් කළා. 2022 වර්ෂයේ මේ මොහොත දක්වා ඩෙංගු රෝගීන් 26,622 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පසුගිය දින 8 ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2416ක් වාර්තාවී ඇති බවයි…

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා. ඒ අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආකාරය පෙන්වා දෙමින්. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි. යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, වත්මන් ආර්ථික අර්බුදය ඇතුළු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ඔහු වැඩිදුරටත් පිළිතුරු දුන්නේය. මෙම අවස්ථාවට අදහස් දක්වමින් සනත් ජයසූරිය කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාගේ මාධ්‍ය හමුව පිළිබඳව තමන් කලකිරීමට පත්වන බවයි. “හිටපු අමාත්‍ය බැසිල්…

Read More

හෙට (10) ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඊයේ (08) දිවයිනට පැමිණි ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවකට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක මුදල මෙතෙක් ගෙවීමට නොහැකි වී ඇති බව සඳහන්.

Read More

භාර වීම සඳහා අද සවස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇප නියම කර තිබෙන බව දැන ගන්නට ලැබේ. වාර්තා වන අන්දමට මන්ත්‍රීවරයා මුදාහැර ඇත්තේ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

Read More

අද (09) ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි මනාපයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒ අනුව පනතට පක්ෂව 120 දෙනෙකු ඡන්දය භාවිතා කළ අතර විරුද්ධව ඡන්ද 36 ක් හිමිවුනා. මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියහ.

Read More