- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව පළාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී.40 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි
ජුරාසික් වර්ල්ඩ් ඩොමීනියන් (Jurassic World: Dominion) බ්‍රහස්පතින්දා පෙරදසුන් ආදායමෙන් ඩොලර් මිලියන 18ක් උපයා ගත් අතර, 2018 දී ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කිංඩම් (Jurassic World: Fallen Kingdom) පෙරදසුන් ආදායම ඩොලර් මිලියන 15.3 සහ 2015 ජුරාසික් වර්ල්ඩ් හි ඩොලර් මිලියන 18.5 පෙරදසුන් ආදායමට වඩා පහත වැටුණි. Batman චිත්‍රපට හැර (“Burton/Schumacher” චිත්‍රපට මාලාව, නෝලන් චිත්‍රපට ත්‍රිත්වය සහ th), Jurassic Park යනු පැරණිතම අඛණ්ඩ බලයලත් එකක් වන අතර නිතිපතා රාත්‍රියට ආසන්න හෝ මධ්‍යම රාත්‍රියේ පෙරදසුන් යුගය පුරා පැවතිය හැකි තරම් “අලුත් තත්ත්වයේ” තවමත් පවතී.
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ තෙවන අදියර ලබන ජුලි 31 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සැලසුම් වලට අනුව තරඟාවලිය ජුලි 31 වනදා සිට අගෝස්තු 21 වනදා දක්වා පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ. කණ්ඩායම් 5කින් සමන්විත තරඟාවලියේ මූලික තරඟ කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ අනෙකුත් තරඟ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. සම්පූර්ණ තරගාවලියේ තරග 24ක් පැවැත්වෙන අතර ජාත්‍යන්තර ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම ඉදිරි දවසක ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
අද (10) දින මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්. සිරිවර්ධන හා ඉන්දීය EXIM බැංකුව ඩොලර් ණය මාර්ගයක් ලබාගැනීමේ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මෙවර යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් ක්ෂණික යූරියා පොහොර ඉල්ලුම සපරනු වස් මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ණය පහසුකම් ඉල්ලා සිටියේය. එයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55ක ඩොලර් ණය මාර්ගයක් පිරිනැමීමට ඉන්දීය රජය එකඟ වූ අතර ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ එක්වී තිබෙනවා.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති ටෙෂාර ජයසිංහ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා විජිත හේරත් පත් කෙරුණේ පසුගිය අප්‍රේල් 21 වැනිදායි.
මේ අර්බුධකාරී අවස්ථාවේ පවතින ප්‍රවාහන අපහසුතා හා විදුලිය නොමැති අවස්ථාවලදී කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී අත් විඳිය හැකි ගැටලු සැලකිල්ලට ගෙන ජුනි 13 වැනිදා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම13 වනදා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහාද නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම නිවේදනය පහතින්,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇතැයි ආරංචි මාර්ග පවසනවා. බැසිල් රාජපක්ෂගේ අස්වීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදී තිබුණා.
ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරකා විද්‍යාඥයෝ පවසා සිටිනවා. විද්‍යාඥයන් පැහැදිලි කරන අන්දමට මෙම ලැබෙන සංඥාව එකම ස්වරූපයකින් නැවත නැවතත් නැවත නැවතත් ලැබේ. මෙය සිදුවන ආකාරය විද්‍යාඥයන්ගේ මවිතයට තුඩු දී තිබෙනවා. සංඥාවේ ආරම්භය මෙතෙක් අනාවරණය වී නැත. මේ අද්භූත ගුවන් විදුලි සංඥාව තාරකා විද්‍යාඥයන් හසුකර ගැනීමට ලැබී ඇත්තේ චීනයේ ග්වයිෂූ පළාතේ ඇති අති දැවැන්ත ස්පයිරල ගුවන් විදුලි තරංග දුරේක්ෂය ආධාරයෙනි. (රොයිටර්ස්)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (9) සවස ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවිය. සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග මහතා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කළේය. ජූනි මස 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට පැමිණෙන බව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හිමියන්ට දැනුම් දුන්නේය. මාසය අවසන් වන විට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔහු පැහැදිලි කළේය. පවතින ආහාර හිඟය හේතුවෙන් තමන් රට තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන දියත් කරන බවද ඔහු පැහැදිලි කළේය. ආහාර සුරක්ෂිතතා වැඩසටහන තුළින් ආහාර වේල් 3ක් ලබා ගැනීමට නොහැකි ජනගහනයෙන් 10% කට නොමිලයේ ආහාර ලබාදීමට රජයට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව…
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. මෙම සංචිතය සඳහා දිනේෂ් චන්දිමාල් හා භානුක රාජපක්ෂ යළි කැඳවා ඇති අතර 19 පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේද කැඳවා තිබීම විශේෂත්වයක්. අදාළ සංචිතය පහතින්,