- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
කෝප් කමිටුව හමුවේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය තමා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා සිටිනවා. වැඩි දුරටත් ජනාධිපතිවරයා පවසන්නනේ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේදී අධිකාරීමය බලය භාවිත කළ බවට කළ ප්‍රකාශය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි. නොබෝ දිනකට පෙර කෝප් කමිටුව හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු සඳහන් කළේ,මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අදානි සමාගමට ලබාදීමේදී ජනාධිපතිවරයා තමා කැඳවා ඉන්දීය අගමැතිවරයා එය ලබාදෙන ලෙස තමන්ට බල කරන බව ප්‍රකාශ කළ බවත් තමා එම අවස්ථාවේදී එය විදුලි බල මණ්ඩලයට අයිති ගැටලුවක් නොව ආයෝජන මණ්ඩලයට අයත් ගැටලුවක් බවට ප්‍රකාශ කළ බවයි.
වර්තමාන අර්බුදකාරී තත්ත්වය මඟහරවා ගැනීම සඳහා පරිණත නායකයෙකු ලෙස රටට සක්‍රීය දායකත්වයක් තව දුරටත් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පොළොන්නරුවේ පිහිටි නිවසේදී සිදුවූ හමුවකදී මේ බව සඳහන් කර සිටියා. නොබෝ දිනකට පෙර ඇතිවූ රුසියානු ගුවන්යානයේ අර්බුදය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ද චීන තානාපතිවරයා ප්‍රසාදය පළකර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟ 03 කින් සමන්විත T20 තරඟාවලියේ අවසන් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් කර තිබුනා. ඒ නුවන් තුෂාර වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම ඇතුළත් කිරීමයි. තරඟාවලියේ ජය 2-0ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම හිමි කරගෙන සිටියද අද තරඟය මහනුවර, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තම අභිමානය වෙනුවෙන් සටන් කල අපේ සිංහයන් තරඟය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළා. පළමුවෙන් පන්දුවට පහරදුන් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් දැවී ලකුණු 176ක් රැස් කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත…
ප්‍රශ්නය මතු විය යුත්තේ හරියටම 12 වෙනිදා කුමක්ද සහ අප කතා කරන්නේ කුමන 12 වෙනිදා ගැනද යන්න පිළිබඳවයි? නමුත් එයට පිළිතුරක් ලබා ගැනීමට නම්, අපගේ මතක මං තීරුව දිගේ ගමන් කල යුතු අතර, පසුගිය වසර 3 තුළ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප මුහුණ දුන් සිදුවීම් කිහිපයක්ද සිහිපත් කළ යුතුය. 2019 දී රට තුළ ඇති වූ පාස්කු නොසන්සුන්තාවයෙන් ආරම්භ වී වසර 2 ක් පුරා පැවති වසංගතයත් සමඟ රට අවුලින් අවුලට ගියේය. ඉන්පසු ඇතිවුයේ රටේ ආර්ථික අර්බුදය සහ එහි අනිසි විපාකයි. මෙම සංසිද්ධීන් නිසා මානසික ගැටලු, රැකියා අහිමිවීම් සහ ජීවිත අහිමි වීම් ද ඇති බව අපි කවුරුත් දනිමු. දිවයිනේ සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගත්…
සහල් කිලෝ 01ක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල දක්වමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. දේශීය සහල් වර්ගයක් වන රතු සහ සුදු කැකුලු සහල් කිලෝ 01ක් සඳහා වන උපරිම සිල්ලර මිල රුපියල් 210 ක් විය යුතු බවයි එහි සඳහන් වන්නේ.
නුදුරේදී ප්‍රවාහන සහ කර්මාන්ත ක්ෂේත්‍රයන්ට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි ඉන්ධන ලබාදීමට සලාක ක්‍රමයක් හඳුන්වා දීමට තම අවධානය යොමු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒවාගේම සෑම ඉන්ධන පාරිභෝගිකයෙකුටම තම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වන ලෙස දැනුම් දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා. ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත්ව හා විධිමත්ව කරගෙන යෑමට, ඉන්ධන නිකුත් කරන සෑම ඩිපෝවක් සඳහා පෞද්ගලික බස් සංගම් නියෝජිතයෙකු පත් කරන ලෙස අදාළ සංගම්වලට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියා.
මුළු ලොවක්ම ආදරය කරන ජස්ටින් බීබර් බැරෑරුම් කරුණක් හෙළි කර සිටියේය. ඒ තමාට රැම්සි හන්ට් සින්ඩ්‍රෝමය හේතුවෙන් මුහුණේ අංශභාගය වැළඳී ඇති බවත් ඒ හේතුකොටගෙන සංචාර දින අවලංගු කිරීමෙන් පසු රසිකයින්ට ස්වයං වීඩියෝ පටයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මුදා හරිමිනි. ජස්ටින් බීබර් හෙළිදරව් කර ඇත්තේ ඔහුගේ “යුක්තිය (Justice)” ලෝක සංචාරයේ දිනයන් අවලංගු කිරීමට බලකිරීමෙන් පසුව ඔහුට රැම්සි හන්ට් සින්ඩ්‍රෝමය හේතුවෙන් මුහුණේ තාවකාලික අංශභාගය වැළඳී ඇති බවයි. ජස්ටින් බීබර් තවමත් 28 හැවිරිදි තරුණයෙකි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර 6 වතාවක් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති නමුත් ඔහු අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා වෙනුවෙන් ශෝක යෝජනා දිනය යොදා ගත්තේ තම දේශපාලන න්‍යාය පත්‍රයට බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානාක්‍යන් රාසමානික්කම් මහතා පවසයි. අද (10) උදෑසන පුවත්පතකට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. “අගමැතිතුමා පාර්ලිමේන්තු නීතිය දන්නවා, ඔහු මීට පෙරත් අගමැති ධූරයට පත්වෙලා තියෙනවා. එතුමාගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන්, ජනතාවගේ සිත් සසල කරවන්න චෝදනා කළා. විශේෂයෙන්ම චිත්තවේගයන් ඉහළ මට්ටමක පවතින දිනයක මෙය අනවශ්‍ය විය. ඔහු මෙය පැහැදිලිවම ඔහුගේම දේශපාලන න්‍යාය පත්‍රය සඳහා ඉදිරිපත් කළ අතර, මෙය සැමට පෙනෙන බව ඉතා පැහැදිලිය.…
මුඛ ආවරණ අනිවාර්ය නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කනස්සල්ල පළ කරයි. මෙය ඊයේ (10) ඔවුන් විසින් නිකුත් කර ඇත. “මෙය ඉතා පුදුම තීරණයක්. මෙම නිවේදනය සෞඛ්‍ය සේවකයින් සඳහා මෙන්ම සාමාන්‍ය ජනතාව සඳහා රෝහල් සැකසුම් තුළ මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය දැයි නිශ්චිතව දක්වා නෑ. පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් හේතුවෙන් මේ මොහොතේ ශ්‍රී ලංකාව ඖෂධ සහ අනෙකුත් සෞඛ්‍ය සේවා සම්බන්ධ ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට මුහුණ දී සිටින බව නොරහසකි. මෙම මාර්ගය හරහා සම්ප්‍රේෂණය වන ශ්වසන ආසාදන සහ වෙනත් ආසාදන අපේ රටේ මිනිසුන්ට සෞඛ්‍ය සේවය ලබා ගැනීමට සිදුවන වඩාත් පොදු සහ වැදගත් හේතු අතර බව සාමාන්‍ය දැනීමයි. සාමාන්‍ය වැඩවලට…
අපි කවුරුත් දන්නා පරිදි ධම්මික පෙරේරා යනු දක්ෂ ව්‍යාපාරිකයෙක් සහ ශ්‍රී ලංකාවේ ලොකුම ධනවතා ලෙසද හැඳින්වෙන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අති දැවැන්තයෙකි. වර්තමානයේ සමාජයේ කතා බහට ඔහුව ලක්ව ඇත්තේ දින කිහිපයකට පෙර සිදුවූ ඔහුගේ දේශපාලනික ක්‍රියාදාමය නිසාවෙනි. ධම්මික පෙරේරාට දේශපාලනික කියවීමක් ඇති බව මිට පෙර සිටම සියලු දෙනා දන්නා කරුණකි. වරක් ප්‍රවාහන අමාත්‍යංශයේ මුල් පුටුවක් හොබවමින් මහින්ද රාජපක්ෂ ජනපති යුගයේදී දේශපාලනික පත්වීමක් ලැබූ දින සිට තවත් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන කිහිපයක සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලවල සිට ඇති නිසා ඔහුට දේශපාලනය සහ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් අත්දැකීමක් නැතුවම නොවේ. මෙවර මදක් ඉන් ඉදිරියට ගොස් නිළ වශයෙන්ම රාජ්‍ය පාලනය සඳහා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු මන්ත්‍රී…