Author: Buzzer Editor

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සියලුම හෝටල්, ආපනශාලා සඳහා සැර අඩු මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

Read More

අද (13) පස්වරුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇ. එ. ජ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ දුරකථන සංවාදයක නිරතව තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල කාලීන තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිළි කර ඇති අතර ශ්‍රී ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද වැඩිදුරටත් පවසා සිටියේය. ඇන්ටනි බ්ලින්කන් ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට සිය කැමැත්ත පලකළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සදහා ද එකඟවී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරමින් කියා සිටියේ.

Read More

නව සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා පත්කර තිබෙනවා. අද (13) ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඔවුන්ට පත්වීම් ප්‍රදානය කර තිබෙන බව වාර්ථා වනවා. එම පත්වීම් වලට අනුව රූපවාහීනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසුරියත්, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහත්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස හඩ්සන් සමරසිංහත් පත්කර ඇති බවයි සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Read More

විදුලිබල මණ්ඩලයේ සභාපති M.M.C ෆර්ඩිනැන්ඩු සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය Twitter ගිණුමේද සටහනක් තබමින් සඳහන් කරන්නේ, තමන් එම ඉල්ලා අස්වීමේ ලිපිය භාරගත් බවයි. විදුලිබල මණ්ඩලයේ පුරප්පාඩු වූ එම ධුරයට නව සභාපති ලෙසින් එහි හිටපු උප සභාපති නලින්ද ඉලංගකෝන් පත්කරන බවයි එම Twitter පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

මැයි මාසයට අදාළව ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් තේරී පත්වී තිබෙනවා. නොබෝ දිනකට පෙර අවසන්වූ බංගලාදේශ තරඟාවලියේදී දස්කම් අතරට පිවිසි අසිත ප්‍රනාන්දු සහ බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම්ද මැතිව්ස් සමඟ මේ සඳහා නිර්දේශ වී සිටියා. බංගලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේදී මැතිව්ස් සුවිශේෂ දස්කම් පෙන්වූ අතර එහිදී ඔහු ශතක දෙකක් ඇතුළත්ව ලකුණු 344ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සමත් වුණා. චිතගොන්හි බංග්ලාදේශය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේදී ඔහුට ලකුණු 199 දී ලකුණකින් ද්විත්ව ශතකය අහිමි වූ අතර මීර්පූර් හි පැවති දෙවන තරඟයේදීද,පළමු ඉනිමේ දී ඔහු විශිෂ්ට ලකුණු 145 ක් රැස් කළා. ICC මාසයේ හොඳම ක්‍රීඩකයා ලෙස…

Read More

ආචාර්ය හර්ෂ ද සිල්වා IMF ණය ලබාගැනීම සම්බන්දව ඔහුගේ නවතම අදහස දක්වා සිටියා. ඒ අනුව ඔහු කියා සිටිනුයේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පහසු නොවන බවයි. ඒ වාගේම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට මේ වසර අවසානය වනතෙක් බලාසිටීමට සිදුවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එළඹෙන සති කිහිපයේදී IMF කාර්යමණ්ඩල මට්ටමේ සාකච්ඡා ආරම්භ කරන බවත් ඉන් පසු කාර්යමණ්ඩල ගිවිසුමකට අත්සන් කරන අතර ඒ සඳහාද මාසයක පමණ කාලයක් ගත වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මූල්‍ය පහසුකම ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ අනුමැතිය ලබාගත යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ වෙනස්කම් රාශියක් කිරීමට සිදුවන අතර ඒ අනුව රජයේ…

Read More

ශ්‍රී ලංකා චීන තානාපති කිව් ශෙන්ග්හොං (Qi Zhenhong) සහ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් (Julie Chung) අතර හමුවක් අද (13) සිදුව තිබෙනවා. කොළඹ චීන තානාපති කාර්යාලයේදී මෙම හමුවීම සිදුව ඇති අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, තනාපතිවරුන් අතර අන්‍යයෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන මාතෘකා සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කර ඇති බවයි. ශ්‍රී ලංකාවට කාලීනව මතුව පවතින දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා චීනය සහ එක්සත් ජනපදය එක්ව කටයුතු කළ හැකි බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත. ඇය සිය නිල ට්විටර් ගිනුමේද මෙය සටහන් කරා තිබුණි.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා. ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40ක පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශ අද (13) පෙ:ව:7.30 සිට ප:ව:4.30 දක්වා සීමිත සේවා කටයුතු වෙනුවෙන් විවෘතව තැබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටිනවා. 2022 ජූනි 14 වැනි අඟහරුවාදා දින පොසොන් පොහොය නිමිත්තෙන් කොන්සියුලර් කටයුතු අංශය වසා තැබෙන අතර, සාමාන්‍ය කටයුතු සඳහා එය 2022 ජූනි 15 වැනි බදාදා දින නැවත විවෘත කිරීමට නියමිතයි. ඊට සමගාමීව යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල 2022 ජූනි 13 වැනි සඳුදා දින සීමිත සේවා සඳහා විවෘත කෙරෙන අතර තම අවශ්‍යතා සම්බන්ධයෙන් සේවා ලබාගැනීමේ හැකියාව පිළිබඳව විමසීම සඳහා සේවා අපේක්ෂකයන්ට පහත සඳහන් දූරකතන අංක සමඟ සම්බන්ධවීමේ හැකියාව පවතිනවා. අදාළ සියලුම දුරකථන අංක පහතින්,…

Read More

හෙට (14) යෙදෙන පොසොන් පොහො දිනය නිමිත්තෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා මෙම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අදාළ දුම්රිය ධාවනය වන ආකාරය පහතින්,

Read More