Author: Buzzer Editor

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව නව සභාපති මුදිත පීරිස් මහතා පවසයි. මේ වනවිට නෞකාවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3900කට ආසන්න ප්‍රමාණයක් ගොඩ බාමින් පවතින බවත් මෙම නෞකාවෙන් පසුව එම නැව් පැමිණීමට කිසිදු සැලසුමක් සකස් කර නොමැති බවත් ඔහු පවසයි. සැපයුම්කරුවන් සමඟද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කර ඇති බවත්, පසුගිය කාලයේ සිටි අය වගකීම් විරහිතව කටයුතු කර ඇති බව පෙනී යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ලිට්‍රෝ ගෑස් සහ ලාෆ්ස් ගෑස් අතර විශාල මිල පරතරයක් පවතින බවත් ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 100 කින් පමණ වැඩි කරන ලෙස බලධාරීන්ට දන්වා ලිපියක් යවා ඇති බවත් ඔහු පවසයි. 200

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන පත්වී තිබෙනවා. පසුගිය දා පැවති 95 වන මහා සභා රැස්වීමේ දී එම පත්කිරීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මීට පෙර සභාපතිවරයා වශයෙන් වසර 11ක කාලයක් එම සංගමයේ සභාපති ධූරයේ කටයුතු කෙරුවා.

Read More

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විදුලි සංශෝධන පනත් කෙටුම්පත සඳහා සිය අත්සන යොදා තිබෙනවා. එලෙස බලාත්මක වූ එම පනත අද (15) සිට ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරමින් කියා සිටියේ. මෙම නව පනත් කෙටුම්පත මඟින් යම් තැනැත්තෙකුට විදුලිබලය උත්පාදනය කිරීම පිණිස බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා දීම සිදුවනවා. මේ උක්ත කරුණු වලට අමතරව නිපදවිය හැකි ධාරිතාව සම්බන්ධ යම් සීමා නියම කිරීමකින් තොරව ඕනෑම තැනැත්තකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවසර ලබාදීම ද මෙම සංශෝධනය මඟින් සිදුකර තිබෙනවා.

Read More

ඉන්දීය ණය ආධාර යටතේ ලංකාවට ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව හෙට (16) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. වැඩිදුරටත් මේ අනුව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් ඉන්ධන බෙදාහැරීම සිදු කරන බවත් මේ මාසයේ අවසානය දක්වා නිශ්චිතව ඉන්ධන තොග ලබාගෙන ඇති බවයි. කරුණු කාරනා කෙසේ වුවත් ඉන් පසු ණය පහසුකම් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති අතර යළිත් ඉන්ධන නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් පිළිබඳව වාර්තා වන්නේ නැහැ.

Read More

ඉන්ධන අර්බුදය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය අද (15) 80% කින් පමණ අඩාල වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. අද දිනයේ බස් රථවලින් 20%ක් පමණ ධාවනය වුවද සිකුරාදා වන විට ඉන්ධන නොමැති වුවහොත් බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වන බව ඔහු පවසයි. අද බොහෝ මිනිසුන් දුම්රියට ගොඩ වන අයුරුත්, දුම්රිය ස්ථානවල අනපේක්ෂිත සෙනඟක් ගැවසෙන අයුරුත් දක්නට ලැබේ.

Read More

ගෑස් බෙදා හැරීම අද (15) සිට ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසනවා. ඒ අනුව මූලික වශයෙන් ව්‍යාපාර, ආදාහනාගාර සහ රෝහල්වලට ගෑස් තොග සැපයීමට සැලසුම් කර ඇති බව සමාගම ප්‍රකාශ කළේය. ගෘහස්ථ ගෑස් සිලින්ඩර සුළු ප්‍රමාණයක් ද නිකුත් කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read More

හෙට (15) දිනයේ ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETO) විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ලැයිස්තුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවියෙන් පහත සබැඳිය ඔස්සේ ලබාගත හැකියි. https://ceypetco.gov.lk/fuel-distribution/

Read More

ගෑස් බෙදා හැරීම අද (14) ආරම්භ කරන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම් ලා ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් අඩංගු නෞකාව සඳහා අදාළ ගෙවීම් සිදු කර ඇත. ඩොලර් මිලියන 2.5 ක මුදලක් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් නෞකාව දින හයක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම් ලා තිබුණි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බලකිරීම මත බලශක්ති ව්‍යාපෘතියක් ලබාදුන් බවට නිලධාරියෙක් සිදු කළ ප්‍රකාශය හේතුවෙන් තමන් කලකිරීමට පත්වූ බව අදානි සමූහය ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අරමුණ වන්නේ අසල්වාසියෙකු ලෙස ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම බවත් එය රටවල් දෙක අතර හවුල්කාරීත්වයේ අත්‍යවශ්‍ය අංගයක් බව ආයතනයක් ලෙස තමන් දකින බවයි ඔවුන් සඳහන් කරන්නේ. පසුගියදා කෝප් කමිටු රැස්වීමේදී විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු සඳහන් කළේ, පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා තමා කැඳවා මන්නාරම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ලබාදෙන ලෙස ඉන්දීය අගමැති බලකරන බව ප්‍රකාශ කළ බවත් එහිදී තමන් මෙය විදුලිබල මණ්ඩලයට අයත් ගැටලුවක් නොවන බව සඳහන් කළ බවයි.

Read More

පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 173 දෙනෙකුට නිදහස ලබාදීමට නියමිතව තිබෙනවා. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නිර්දේශ මත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ. දඩ දඬුවම් අහෝසි වීම හේතුවෙන් රැඳවුවන් 141දෙනෙකු හා දින 14 අඩුවීම හේතුවෙන් රැඳවුවන් 32ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Read More