- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
හෙට (18) රාත්‍රී 11 සිට අනිද්දා (19) පස්වරු 3 දක්වා ජල කප්පාදුව ක්‍රියාත්මක වේ. කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ වැඩිදියුණු කිරීම් හේතුවෙන් කොළඹ 05 සහ කොළඹ 06 යන ප්‍රදේශවලට හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවනු ඇති. කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
සඳුදා (20) සිට සති 2ක කාලයක් රජයේ කාර්යාලවලට සේවකයන් කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක් මේ දිනවල පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහනය විශාල ප්‍රශ්නයක් නිසා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී පොලිස් සැරයන්වරයා වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මියගොස් ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉන්ධන ඉල්ලා බස් රථ හිමිකරුවන් විසින් සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධි ප්‍රවාහන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වනවා.
කොළඹ වරායේ සේවකයන සඳහා ලබාදෙන ආහාරවලින් 45%ක් පමණ වියදම් වන්නේ කජු ව්‍යංජනයට බවත් කජු වෙනුවට ආදේශ ආහාරයක් කෑම වේලට එකතු කරන ලෙසත් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. එක දිනකට දිවා ආහාරය 5000 කටත් රාත්‍රි ආහාරය 3500 ක් වරායේ මුළුතැන්ගෙයි සකස් කරන බවත්, එක් ආහාර වේලක් රුපියල් 450 ආසන්න වන බවත් ඇමැතිවරයා සහ වරාය වෘත්තීය සමිති අතර ඊයේ (16 දා) සිදුකළ සාකච්ඡාවකදී වෘත්තීය සමිති ඇමැතිවරයාට පෙන්වා දී ඇත. 1976 ඉදිකළ වරාය මුළුතැන්ගෙය ඉන්පසු මේ දක්වා භෞතික වශයෙන් උපකරණ වශයෙන් ප්‍රතිසංස්කරණය සිදුකර නොමැති බවද එහි සේවකයන් ඇමැතිවරයාට ප්‍රකාශ කර ඇත. දැනට වරායේ…
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව එක්දින තරඟාවලියේ පැවැත් වූ දෙවන එක්දින තරඟයෙන් ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට පන්දුවාර 48 ක් තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 220 ක් ලබාගෙන සිටියා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක්, ධනංජය ද සිල්වා හා දසුන් ශානක ලකුණු 34 ක් ලබා ගැනීමට සමත් වූ අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 20 ක් රැස් කළා. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව…
සබරගමුව පළාතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසන පරිදි මේ වන විට 103කට අධික පිරිසක් රෝහල් ගත කර ඇති අතර ඉන්ෆ්ලුවෙන්සා A හෝ B වර්ගයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳී ඇති බව හඳුනාගෙන ඇත. රෝහල් ගතවී රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය තරම් ඖෂධ තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් විද්‍යා අංශයේ විශේෂඥ වෛරස් විද්‍යාඥයා අනාවරණය කළේ රෝහලට ඇතුළත් කළ රෝගීන්ගෙන් සාම්පල ලබාගෙන ඇති අතර, ඉන්ෆ්ලුවෙන්සා ඒ වර්ගයේ වෛරසය ආසාදනය වූ රෝගීන් බහුතරයක් බවයි.
ඉන්ධන ඉල්ලා සිදුකරන විරෝධතාවක් හේතුවෙන් නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී හයිලෙවල් මාර්ගය අවහිරවී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.
පෞද්ගලික බස් ධාවනය අද දිනයේ ඉතා අඩු මට්ටමක පවතින බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසා සිටිනවා. ඒ අතුරින් බොහොමයක් කෙටි දුර ධාවන බස් රථ බවත් දුරගමන් සේවා බස් රථ ධාවනය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවයි ඔහු සඳහන් කරන්නේ. පොදු ප්‍රවාහනය සඳහා ඩීසල් ලබාදීමට රජය ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවත් පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපයේ බස් රථ ධාවනය තවදුරටත් අඩුවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
දකුණු කොරියානු ආර්ථිකය වෙනුවෙන් ඩොලර් බිලියන ගණනක් උපයාගැනීමට දායක වූ ලෝකප්‍රකට ප්‍රසිද්ධ ගායක කණ්ඩායමක් වන “BTS” වසර 10ක් පිරීම නිමිත්තෙන් තිබු සැමරුම් උත්සවයක අංගයක් ලෙස අඟහරුවාදා රාත්‍රියේ පැවැත්වූ භෝජන සංග්‍රහයේදී මෙම කම්පන සහගත පුවත හෙළි කළේය. “අපි දැන් විවේකයක් ගන්නවා,” යැයි 29 හැවිරිදි සුගා, කණ්ඩායමේ නිල යූ ටියුබ් පිටුවේ බෙදාගෙන ඇති වීඩියෝවේ මිනිත්තු 20 ක් පමණ දිගු ප්‍රකාශ කරමින් පැවසීය