Author: Buzzer Editor

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා කටයුතු අද (24) දිනයේ දී සීමා කිරීමට තීරණය කර තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටිනවා. ඒ අනුව එහි සේවා කටයුතු අයදුම්කරුවන් 400කට පමණ සීමා කරන බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ. පරිශ්‍රයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read More

ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහල් තුනක් අද (23) දිනයේ වසාදමා තිබෙනවා. ඒ් අනුව ගල්නෑව ප්‍රදේශීය රෝහල, නෑගම්පහ ප්‍රාදේශිය රෝහල, කලාවැව ප්‍රාදේශීය රෝහල සහ ගල්නෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙසේ වසා දමා ඇති බවයි සඳහන් වන්නේ. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට සේවයට වාර්තාකිරීම සඳහා ඉන්ධන නොමැතිකමින් මෙලෙස රෝහල් වසා දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

නීත්‍යානුකුල නොවන අන්දමින් මෙරටට ගෙන්වූ අධි සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී සොයාගෙන තිබෙනවා. සොයාගැනීම් වලට අනුව Mercedes Benz Maybach, Audi A1, Fiat වර්ගවල මෝටර් රථ 5ක් රේගුව විසින් සොයාගෙන ඇති බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉහත සඳහන් වූ මෝටර් රථ එක්සත් රාජධානියේ සිට මෝටර් රථ අමතර කොටස් ලෙස මෙරටට රැගෙනවිත් ඇති අතර අදාළ මෝටර් රථ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රේගු භාරයට ගෙන ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නගන චෝදනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු ලබාදී තිබෙනවා. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති වික්‍රමසිංහ මහතා පැවසීය. සමගි ජනබලවේගය (SJB) සහ ජාතික ජන බලවේගය (NPP) විසින් පාර්ලිමේන්තුව වර්ජනය කිරීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස එම ක්‍රියාවලිය ප්‍රමාද වන බව ඔහු වැඩිදුරටත් පැවසීය. අග්‍රාමාත්‍යවරයාට ප්‍රතිචාර දක්වමින් SJB සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද 21 වන සංශෝධනය 9 වන පාර්ලිමේන්තුවෙන් පසුව ක්‍රියාත්මක වන බවයි. මෙයින් අදහස් කරන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ බලය…

Read More

2022 මාර්තු 31 න් අවසන් කාර්තුවේදී දුම්වැටි අලෙවි පරිමාව පෙර වසරට සාපේක්ෂව 5% කින් ඉහළ ගොස් ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. 2022 මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තාවට අනුව සමාගමේ පිරිවැටුම සහ රජයේ බදු ආදායම කාර්තුව තුළ 6% කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව, ලංකා දුම්කොළ සමාගම 2022 මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා රුපියල් බිලියන 37 ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර, එයින් රුපියල් බිලියන 27.84 ක් රජයේ බදු ලෙස ද රුපියල් බිලියන 2.58 ක් ආදායම් බද්ද ලෙස ද ගෙවා ඇති අතර, සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 4.18 කි.

Read More

කල්‍යාණ මිත්‍රයෙකු ලෙස හටගෙන ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා පසවනවා. ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡාවට එක්වූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ. ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී ඇති බවත් ඒ පිළිබඳ සමාලෝචනය කළ දූත පිරිස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ…

Read More

විද්‍යුත් වාහන (Electric vehicles) ආනයනය කිරීම සඳහා වන බලපත්‍රයක් විදෙස්ගත ශ්‍රමිකයින් වෙත ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා සිටිනවා. ඒ් අනුව පිටරට රැකියා නියුක්තිකයන් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Read More

ගාල්ල නගරයේ ජනප්‍රිය විදුහලක 7වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දොළොස් හැවිරිදි සිසුවකු විසින් යාබද බාලිකා විදුහලේ සිසුවියන් සිව් දෙනෙකු ‘බ්ලේඩ් එකකින්’ කපා තුවාල සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. වයස අවුරුදු 09, 12 සහ 15 වයස්වල පසුවන සිසුවියන් හතරදෙනකුට මෙසේ තුවාල සිදුකර ඇතිබවයි කියැවෙන්නේ. එක් සිසුවියකගේ අතට මැහුම් දැමීමට පවා සිදුව ඇති බව ද පොලිසිය පවසයි. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට පාසලේ විද්‍යාගාරයේ ක්‍රියාකාරකමට වද මලක් සහ ‘බ්ලේඩ්’ එකක් ගෙන එන ලෙස ගුරුවරයා පවසා ඇත. ඒ අනුව සිසුන් විසින් ඒවා ගෙනැවිත් ඇත. මේ අතර විද්‍යාගාරයේ ක්‍රියාකාරකම් අවසන් වීමෙන් පසු පාසල ඇරී යන විට ‘බ්ලේඩ්’ එකෙන් සිසුවියන් කැපීමට සිසුන් තිදෙනකු කතිකා කර…

Read More

අද (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව තවත් දිනකින් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඒ අනුව අද සහ හෙට දිවයින පුරා පෙට්‍රල් සහ සුපර් ඩීසල් බෙදා හැරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත්, සාමාන්‍ය පරිදි ඔටෝ ඩීසල් බෙදාහරින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර වැඩිදුරටත් කියා සිටියේ.

Read More

ද්විත්ව මිනිමැරුම් චෝදනා මත හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී හසිත සමන්ත මුහදිරම් හෙවත් සර්පයා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. 1999 වසරේ කලවාන ප්‍රදේශයේදී සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රී රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂකයා වෙඩි තබා ඝාතනය කර වාහනයකට ගිනි තැබීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

Read More