Author: Buzzer Editor

හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකින් භුමිතෙල් ලබා ගැනිමේ අරමුණින් පෝලිම් වල රැදි සිටි දෙදහසක් පමණ පාරිභෝගිකයෝ පිරිසක් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී ඇත. ඉකුත් (09) දිනයෙන් පසු හැටන් ප්‍රදේශයට භුමිතෙල් තොග නොලැබුණු බවත්, දිනපතා තමන් පැය ගණනාවක් පොලිම්වල රැදි සිට ආපසු හිස් අතින් නිවාස කරා යන බව උද්ඝෝෂණයේ නිරතව සිටි පාරිභෝගිකයෝ කියා සිටියහ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය කල වාහන උද්ඝෝෂණය හේතුවෙන් විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කෙරිණ.

Read More

මහජනතාව අත ඇති විදේශ මුදල් විධිමත් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 8 වැනි වගන්තිය යටතේ පහත පරිදි නියෝගයක් නිකුත් කර ඇත. (1) ශ්‍රී ලංකාව තුළ හෝ පදිංචිව සිටින පුද්ගලයෙකු සන්තකයේ තබාගෙන ඇති විදේශ මුදල් ප්‍රමාණය USD 15,000 සිට USD 10,000 දක්වා හෝ ඊට සමාන වෙනත් විදේශ මුදල්වලින් අඩු කිරීම. (2) පහත සඳහන් දෑ සඳහා විදේශ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටින ශ්‍රී ලංකාවේ හෝ එහි පදිංචිව සිටින පුද්ගලයන් සඳහා නියෝගය නිකුත් කළ දින සිට (2022 ජූනි 16) සිට ක්‍රියාත්මක වන දින 14ක පොදු සමා කාලයක් ලබා දීම. මම. ඇණවුමේ දක්වා…

Read More

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සහල් සහ වී සත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම නතර කරන ලෙස දැනුම් දී තිබෙනවා. ඊයේ (24) දිනයේ දී නිකුත් කරන ලද මෙම නවතම ගැසට් නිවේදනය අනුව සහල් සහ වී ඍජුව හෝ අනියමින් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම, එම නිෂ්පාදන සඳහා අලෙවි කිරීම, තොග රැස් කර තැබීම, ප්‍රවාහනය ඇතුළු කරුණු කාරණ කිහිපයක්ම තහනම් කොට තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්.

Read More

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී යුරෝපා කලාපීය රටවල තානාපතිවරු අද (24) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබෙනවා. එම හමුවීමේදී ඔවුන් සඳහන් කර තිබෙන්නේ, යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් සේ සලකන ලෙසත්, මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත් නොහැර අඛණ්ඩව සහාය ලබාදෙන බවයි. ආර්ථිකය ගොඩනැඟීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ලබා දෙන ස්ථිර පණිවිඩයක් මඟින් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහාය විය හැකි බව දූත මණ්ඩල සාමාජිකයන් පෙන්වාදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Read More

ධම්මික පෙරේරා අමාත්‍යවරයෙකු ලෙස මීට සුළු වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා. ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ඔහු දිවුරුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර 5 වන එක්දින තරගයේ කාසිය වාසිය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබෙනවා. අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුව ඇති අතර ධනුෂ්ක ගුණතිලක සහ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට කැඳවා තිබෙනවා. එමෙන්ම නවක ක්‍රීඩක ප්‍ර‍මෝද් මධුෂාන්ට ද අද තරගයේ දී එක්දින වරම් හිමි වුණා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ට්‍රැවිස් හෙඩ් වෙනුවට ජොෂ් ඉංග්ලිෂ් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා විසින් දිවයිනට පැමිණෙන මීළඟ ගෑස් නැව්ගත කිරීම් පිළිබඳ යාවත්කාලීන කිරීමක් ලබා දී ඇත. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ ගෑස් තොග දෙකක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි. මෙම තොගය ගෑස් මෙට්‍රික් ටොන් 7000කින් සමන්විත බව ඔහු පැවසීය. මුදිත පීරිස් වැඩිදුරටත් පැවසුවේ මෙම නැව්ගත කිරීම් ජුලි 5 සහ 12 යන දිනවල පැමිණීමට නියමිත බවයි.

Read More

කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තවත් තිදෙනෙකු හට සිතාසි නිකුත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. අල්ලස් කොමිෂම විසින් ගොනුකර ඇති නඩුවකට අදාළව අධිචෝදනා භාර දීම සඳහා මෙලෙස සිතාසි නිකුත් කර ඇති බවටයි සඳහන් වන්නේ. සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් රජයට පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. එළැඹෙන ජූලි මස 04 වනදා හිටපු අමාත්‍යවරයාට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.

Read More

මේ දිනවල ශ්‍රී ලංකා මහජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ප්‍රධානම ගැටලුවක් වන්නේ ඉන්ධන හිඟයයි. මෙයට විසඳුමක් ලෙස ලෝකයේ පළමු වතාවට සූර්ය බල ශක්තියෙන් පැදවිය හැකි ත්‍රිරෝද රථයක් නිපදවීමට උණවටුන (එස්.ඕ.එස්.)ආයතනය සමත්ව තිබේ. මෙහි සාඩම්බර නිර්මාතෘවරිය ජර්මන් ජාතික කාන්තාවකි. අදින් වසර විසි හතකට පමණ පෙර මෙරටට පැමිණ මෙරට පරිසරයට සහ ස්වභාව සෞන්දර්යයට ඇතිවූ ආදරය නිසාම පදිංචිය සඳහා රමණීය උණවටුන තෝරාගත් ඇය උලා මැස්ච්බර්ග මහත්මියයි. ඇය නව නිර්මාණ බිහිකිරීමට තමන්ගේ දෙස් විදෙස් හිතවතුන්ගේද සහාය ඇතිව ‘සේව් අවර් ශ්‍රී ලංකා’ නමින් ආයතනයක්ද ආරම්භ කරගත්තේය. සිය නිර්මාණය සම්බන්ධව අදහස් දක්මින් ඇය මෙසේ පැවසුවාය. “සංඛ්‍යාලේඛන අනුව දැනට ලංකාවේ ත්‍රිරෝද රථ ලක්ෂ දහතුනක් තිබෙනවා. ඒවා සූර්ය…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

Read More