Author: Buzzer Editor

ජුලි මස 22 වැනි දින පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තහවුරු කළ බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. අපේක්ෂිත නැව්ගත කිරීමට පෙර තවත් ඉන්ධන තොග සපයා ගැනීමට ද සාකච්ඡා සහ උත්සාහයන් ක්‍රියාත්මක බව සාගල රත්නායක වැඩිදුරටත් පැවසීය. ජූලි මස මුලදී ඩීසල් නැව්ගත කිරීමක් අපේක්ෂා කරන අතර, ජූලි 22 වනදා වන විට ඉන්දියාවෙන් පෙට්‍රල් නැව්ගත කිරීමක් අපේක්ෂා කළත්, ජූලි 10 වනදා වන විට පෙට්‍රල් තොගයක් ලබා ගැනීමට CPC උත්සාහ කරමින් සිටින බව ඔහු අනාවරණය කළේය. අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ වන විට රටේ පවතින ඉන්ධන තොග පිළිබඳ…

Read More

පොලිසිය පවසන පරිදි වැලිකන්ද කන්දකාඩු ප්‍රදේශයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පමණ පළා ගොස් ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, කන්දකාඩු මධ්‍යස්ථානයේ දී එක් පුද්ගලයෙකු මියයාමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවේදී ගැටුමක් හටගත් බවයි. ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමෙන් වරදකරුවන් 600 දෙනෙකු පලා ගිය බව ඔහු තහවුරු කළේය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා සඳහන් කළේ, තත්ත්වය පාලනය කිරීමට සහ පලාගිය වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සහ පොලිසිය පිටත් කර යවා ඇති බවයි.

Read More

ශ්‍රී ලංකා ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) 2022 (ජනවාරි 1 වැනි දින) පළමු කාර්තුව සඳහා අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක සමඟ නිෂ්පාදන ප්‍රවේශයේ වත්මන් මිල සහ නියත (2015) මිල ගණන් යටතේ ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතය (GDP) ප්‍රකාශයට පත් කර ඇත. මාර්තු 31 දක්වා). ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කිරීම හා සමගාමීව නිකුත් කරන ලද ප්‍රකාශයක DCS කියා සිටින්නේ වසරින් වසර වර්ධන වේගය 2022 පළමු කාර්තුවේදී 1.6% සෘණාත්මක වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවයි.

Read More

කටාර් බලා පිටත් වූ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එරට බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා. අමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු පිළිබඳ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා සමගද සාකච්ඡා කළ බවයි. බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්ධන, ගෑස්, සහ එල්.එන්.ජී ලබා ගැනීම පිළිබද මෙහිදී සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read More

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 20ක අමතර පරිත්‍යාගයක් සිදුකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. අද පැවති G7 සමුළුවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි කොළඹ පිහිටි අමෙරිකානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ. මේ යටතේ ඉදිරි මාස 15 තුළ ශ්‍රී ලංකාවේ දරුවන් 800,000 කට වැඩි පිරිසකට පෝෂණය සහ 27,000 කට අධික ගර්භණී සහ කිරි දෙන කාන්තාවන් සඳහා ආහාර වවුචර ලබා දෙන අතර පාසල් පෝෂණ වැඩසටහනකට සහාය වීම මෙම අරමුදල්වල අරමුණ බවයි සඳහන් වන්නේ.

Read More

අද (27) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා. මේ වන විට රුපියල් 32 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමටද ඒ අනුව එහිදී තීරණය කර තිබෙන බවට ආරංචි වාර්තා පවසනවා. මෙම බස් ගාස්තු සංශෝධනය ජුනි 30 වනදා ප්‍රකාශයට පත් කර ජුලි 1 වනදා සිට ක්‍රියාත්මක වන බවයි එසැණ කළ විමසීමකදී සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවන මාර්ගයක් අවහිර කිරීම සම්බන්ධයෙන් මේ වනවිට තම විරෝධය පළකරමින් සිටිනවා. මේ අන්දමින් මාර්ග අවහිර කිරීමට මොනයම් ආකාරයේ අවසරයක් පොලීසියට නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළේ. මහජනයා මේ අවස්ථාවේ එක්ව නැගිටිය යුතු බවත් තවත් වසර දෙකක් ඉවසා සිටිනවාද තමන් විඳින පීඩාව වෙනුවෙන් සියලුම දෙනා එක්වනවාද යන්න තීරණය කළ යුතු බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට පෙරාතුව තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශ දෙක ඒකාබද්ධ කර තිබූ අතර කෙසේ නමුත් ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමඟ එම අමාත්‍යංශ දෙක වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වනවා. ඒ අනුව තාක්ෂණ අමාත්‍යාංශය ලෙස වෙනම ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More

පවතින අසීරු අවස්ථාව හමුවේ පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවා ඇති බව සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා. ඒ අනුව අද (28) සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ. ලබන ජූලි 10 වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කළ බව ඊයේ (27) මාධ්‍ය හමුවකට එක් වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.

Read More

ඇතිවී පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ (27) රැස්වූ කැබිටනට් මණ්ඩලයේදී මෙම අනුමැතිය හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.

Read More