Author: Buzzer Editor

අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහ නාහිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා. දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුලින් ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බවයි මහනාහිමිවරුන් පෙන්වා දෙන්නේ. උද්ගතව ඇති අර්බුද විසඳීම සඳහා සාධනීය පියවර ගන්නා බවට තමන් වහන්සේලාට ලිඛිතව දැන්වුව ද එම අර්බුද සඳහා සැබෑ විසඳුම් පසෙකලා සුපුරුදු පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රය මත ක්‍රියාත්මක වීම පිළිබඳ අප්‍රසාදය පළ කරන බවයි මහනාහිමිවරුන් එම ලිපිය මඟින් සඳහන් කර තිබෙන්නේ. එසේම සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය වහා ක්‍රියාත්මක කරන ලෙස මහනාහිමිවරුන් එම ලිපිය මඟින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. අදාළ ලිපිය…

Read More

ස්විට්සර්ලන්තයේ පැවති ස්ටොක්හෝම් ඩයමන්ඩ් ලීග් 2022 තරගාවලියට සහභාගි වූ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකොන් මීටර් 100 ධාවන ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (30දා) රාත්‍රියේ පැවැති මෙම තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වට සහභාගි වූ යුපුන් අබේකෝන් තත්පර 10.21කින් තරගය නිමා කළේය. දකුණු අප්‍රිකානු ක්‍රීඩිකයෙක් වන Akani Simbine තත්පර 10.02කින් ඉසව්ව නිමා කළ අතර Reece Prescod තත්පර 10.15කින් දෙවැනි ස්ථානය දිනා ගත්තාය. කෙසේ වෙතත් යුපුන් අබේකෝන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 42 වැනියා බවට පත්ව ලෝක ගෘහස්ථ ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඊයේ (30) ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායනයට යොමුවී ඇති අතර ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ ප්‍රකාශ කළේ සියයට 90ක් පමණ පෞද්ගලික බස් රථ මාර්ගවල ධාවනය නොවී මගීන් අපහසුතාවට පත්වන අවස්ථාවක බස් ගාස්තු ඉහළ නැංවීම අසාධාරණ බවයි. ඉන්ධන නොමැති කාලයක ඉන්ධන මිල ඉහළ දැමූ රජය බස් රථ ධාවනය නොවන මොහොතක බස් ගාස්තු ඉහළ දමා ඇති බව ඔහු පැවසීය. මෙවැනි ආණ්ඩුවක් තිබීමෙන් පලක් නැතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය. කොවිඩ් 19 ව්‍යාප්තිය උග්‍ර වූ අවස්ථාවේදී බස් ගාස්තු වැඩි කළේ පොදු ප්‍රවාහනයට ආසන ධාරිතාව අනුව පමණක් මගීන්ට නවාතැන් ගැනීමට අවසර දී ඇති බව ය. වත්මන් තත්ත්වය තුළ බස් ගාස්තු ගෙවීමට බස්රථවල වහලය මත නැගී ගමන් ගන්නා මගීන්ට සිදුව ඇති බවද…

Read More

ඊයේ (30) දිනයේ ලංකා IOC සමාගමේ ත්‍රිකුණාමලය පර්යන්තයෙන් පිරවුම්හල් වෙත නිකුත් කර ඇති ඉන්ධන ඇණවුම් එම සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔවුන්ගේ ඉන්ධන පිරවුම්හල් හරහා ලබාගත හැකි පෙට්‍රල් අලෙවිය පහත අන්දමින් සීමා කර ඇති බව මීට පෙර දුන්නා. යතුරු පැදි – රු.1500ත්‍රී රෝද රථ – රු.2500මෝටර් රථ – රු.7000

Read More

මහ බැංකු අධිපති ආචාර්ය නන්දල වීරසිංහ මහතා තවත් වසර හයක ධුර කාලයක් සඳහා ජනාධිපති රාජපක්ෂ මහතා විසින් යළි පත් කර තිබේ. වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය අදින් (30) අවසන් වීමට නියමිතව තිබුණි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව පවතින දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට තම කැපවීම යළිත් තහවුරු කරන බව මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පවසනවා. ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සකස් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර ඔවුන් සමඟ සංවාදය දීර්ඝව ගෙනයාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර ඇති බවයි මෙහිදී සඳහන් කර තිබෙන්නේ. ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අවසන්වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා. මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායම පසුගිය ජුනි 20 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා තිබුණා.

Read More

වර්තමාන ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව අදාල නව සංශෝධිත බස් ගාස්තු පහතින්,

Read More

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 22%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මේ අනුව මෙතෙක් රුපියල් 32ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ යනු ඇති.

Read More

සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නැවත දැනුම්දෙන තෙක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ලබන ජුලි 01 සිකුරාදා සහ ජුලි 02 සෙනසුරාදා සිට එය ක්‍රියාත්මක බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කුමන හෝ ජංගම දුරකථන ජාලයකින් අංක 225 ඇමතීම මගින් හෝ ස්ථාවර දුරකථන මගින් 1225 ඇමතීමෙන් සිකුරාදා සෙනසුරාදා හැර වෙනත් දිනයක පහසු වේලාවක් වෙන්කරගෙන පැමිණීමෙන් වඩා ඉක්මන් සේවාවක් ලබාගත හැකියාව තිබෙන බවයි එහි සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Read More