Author: Buzzer Editor

මෙම මස (04) වනදා සිට ජුලි 8 වනදා දක්වා දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. ඒ අනුව එම සතිය තුළ අහිමි වන පාසල් සතිය එළඹෙන පාසල් නිවාඩුවේදී ආවරණය කිරීමට නියමිතයි.

Read More

තම පෞද්ගලික මොටර් රථය අලියෙක් සමඟ ගැටීම නිසා වූ අනතුරින් දැඩිලෙස තුවාල ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබයි. වෛද්‍යවරු පවසන අන්දමට ඒ මහතාගේ බෙල්ලේ අස්ථි දෙකකට හානි සිදුවී ඇති අතර පෙනහළු වලටද බරපතල හානි සිදුවී ඇත. ඒ නිසා හෙට දින ඔහු සැත්කමකට ලක් කිරීමටද නියමිතව තිබෙනවා. මේ අතර මෙම අනතුරින් සමන් ඇන්තනී මහතාටද බරපතල තුවාල සිදුව ඇත. ඒ මහතා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ පෙනහළ දෙකටද හානි සිදුව ඇත. තුවාල ලැබූ අනෙක් පුද්ගලයාට් හිසේ කැපුම් තුවාලයක් සිදුව ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නැතැයි අනුරාධපුර රෝහල…

Read More

විශාලතම ස්මාර්ට්ෆෝන් සමාගම් වලින් එකක් වන Samsung, එහි නව ASIC චිපය සමඟ Bitcoin කර්මාන්තයට පිවිසෙයි. ඔවුන් 3-nm ASIC චිපයක් නිෂ්පාදනය කරන බවට ප්‍රබල කටකතා පවතී. සැම්සුන් විසින් චීනයේ IC සමාගමක් සඳහා ඒවා නිෂ්පාදනය කරන බව වාර්තා වේ, නමුත් සමාගම මෙම චිප්ස් BTC ව්‍යාපාරිකයන් සඳහා නිර්මාණය කරන බවට අනුමාන තිබේ. එය සත්‍යයක් නම්, ඔවුන් පහසුවෙන් විශාලතම බිට්කොයින් කැණීම් යන්ත්‍ර නිෂ්පාදකයින් බවට පත්විය හැකිය. ඒ වගේම ඔවුන් එමඟින් කර්මාන්තය විධිමත් කිරීමද සිදු කිරීමට සුදානම් වේ. බිට්කොයින් කැණීම සඳහා විශේෂිත දෘඩාංග අවශ්‍ය වන අතර ‘ETH mining’ සඳහා භාවිතා කරන ග්‍රැෆික් කාඩ්පත් භාවිතයෙන් කළ නොහැක. BTC නිමැවුම්කරුවන් ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති “යෙදුම්-විශේෂිත…

Read More

වර්තමානය වන විට පෞද්ගලික බස් රථ ධාවනය ඉතා බරපතළ ලෙස කඩා වැටීමකට පත්ව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. කාලීනව හටගෙන ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ. රජය දැනුම් දී ඇති පරිදි පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණින් පෞද්ගලික බස් රථ සඳහාද ලංගම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කරන ලෙස කියා තිබුනද, ප්‍රාදේශීය ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ සීමා කිරීම සිදු කරන බවයි ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ.

Read More

ලංකා IOC ඊයේ (02) මධ්‍යම රාත්‍රිය දක්වා ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ගබඩාවෙන් ඉන්ධන නිකුත් කරමින් සිටියේය. රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ලංකා IOC සිය ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව කොළඹ ඇතුළු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් සඳහා අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරනු ලබයි. ඉදිරි මාස එකහමාර තුළ තවත් ඩීසල් සහ පෙට්‍රල් නෞකා 03ක් දිවයිනට පැමිණිය යුතු බව IOC ඊයේ නිවේදනය කළේය.

Read More

ලිබියාවේ ටොබ්රුක් නගරයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් පිරිසක් ගිනි තබා තිබේ. අඛණ්ඩ විදුලි කප්පාදුව සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනයකින් තොරව ඉහළ යාම සහ දේශපාලන අර්බුදයට එරෙහිව පැවති විරෝධතාවයක් අතරතුර මෙම ගිනි තැබීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ලිබියාවේ ට්‍රිපොලි අගනුවර ද විරෝධතා පැවැත්වෙන අතර වහාම මැතිවරණයක් පවත්වන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියි. අන්තර්වාර එක්සත් රජයේ ප්‍රධානියා වන අබ්දුල් හමීඩ් ඩ්බෙයිබා මෙම විරෝධතාවලට සහය දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව ලබන සඳුදා (04) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කාර්යාලවලදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින්.

Read More

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු ජුලි මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඊට අදාළ සිද්ධියකට සැකපිට ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 28 වැනිදා අදාළ සිරකරුවා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී මිය ගිය අතර, ඉන් අනතුරුව එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

Read More

කොන්සියුලර් සේවා සඳහා පවතින විශාල ඉල්ලුම සැලකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අංශය ලබන සඳුදා සිට සුපුරුදු පරිදි විවෘත කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා සාමාන්‍ය පරිදි සේවාව ක්‍රියාත්මක වන අතර යාපනය, මහනුවර, ත්‍රිකුණාමලය, මාතර සහ කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද සතියේ දින 5 විවෘතව පවතිනු ඇත.

Read More

දෙරට අතර සබඳතා ශක්තිමත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළ සහ රටේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහය ලබාදීමට ජපානය සූදානම් බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki මහතා පැවසීය. ජපාන තානාපතිවරයා ඊයේ (01) පස්වරුවේ කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ කරන ලදී. ශ්‍රී ලංකාව සමඟ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අඛණ්ඩ උත්සාහයක් ගන්නා බව Mizukoshi Hideaki වැඩිදුරටත් ප්‍රකාශ කළා. ජපානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව ජනාධිපතිතුමා සිය බලවත් කෘතඥතාව පළ කර තිබේ. මේ අතර, ජපානය ශ්‍රී ලංකාවට සහාය නොදක්වන බවට ජපාන තානාපති මිසුකෝෂි හිඩේකිට ආරෝපණය…

Read More