Author: Buzzer Editor

වත්මන් පාලනය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ රටේ ජනාධිපතිවරයෙකු සිටියත් ඔහු පෙනෙන්නට නොමැති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කළ පමණින් ජාත්‍යන්තර විශ්වාසයක් ඇති නොවන බවත්, රට මේ වන විට පවතින්නේ ගිනි කන්දක් මතබවත් යන්නය. එබැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කර රටේ සහ ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගන්නා වැඩ පිළිවෙලක් සම්මත කළ යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

සියලුම වී ගොවීන්ට යූරියා පොහොර මිටියක් රුපියල් 10,000 කට ලබන සතියේ සිට සහන මිලකට ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළේය. යූරියා මිටියක් වෙළෙඳපොළේ මිල රු. 42,000 කි. පළපුරුදු කමිටුවක් මගින් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඉන්දියාවෙන් පැමිණි පොහොර ඉතා උසස් තත්ත්වයේ බව අනාවරණය වූ බවද ඔහු පැවසීය. යූරියා මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රථම තොගය රැගත් නෞකාව ඕමානයේ වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එම සැපයුම් ජූලි 8 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ජූලි 10 වැනිදා සිට ගොවීන්ට බෙදා දීමට හැකි බවත් ඔහු සහතික විය. හෙක්ටයාරයකට යූරියා පොහොර කිලෝග්‍රෑම් 100ක් ලබාදීම අමරවීරගේ…

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට ඉන්ධන මිල දී ගැනීම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පැහැදිලි කෙරෙන වාර්තාවක් ලබන 12 වන දාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.‍ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (04) කැඳවීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කර ඇති බවයි සඳහන් වන්නේ.

Read More

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා තියුණු ආයුධයකින් පහරදී ඝාතනයට ලක්කර ඇතැයි පොලිසිය පවසයි. ඔහු හතළිස් දෙහැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි. මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Read More

ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ උන්නතිය වෙනුවෙන් තම උදව් ලබා දෙන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) ප්‍රකාශ කර සිටිනවා. මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික ගැටලුව පිළිබඳ ඔස්ට්‍රේලියාව මනා අවබෝධයෙන් සිටින බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ අද (04) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ඔහු සඳහන් කර තිබෙන්නේ. තනි රටක් ලංකාවට ලබා දුන් වැඩි ම මානුෂීය ආධාර මුදල ලෙස ඩොලර් මිලියන 50ක් එරටින් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරමින් කියා සිටියේ. මෙම පියවර ආරම්භයක් පමණක් බවත් මතුවටත් තවත් විවිධ වූ ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බවත් ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Read More

කුරුණෑගල යක්ගහපිටිය අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හලේ ඇති වු නොසන්සුන්තාවක් අතර තුර පිරවුම්හලේ සිටි පුද්ගලයකුගේ බඩට එහි සිටි නිලඇදුමෙන් සැරසුන හමුදා නිලධාරියකු පා පහර එල්ල කරනු වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවවල සංසරණය වෙයි. එම ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් බලා සිටියදි මෙම සිදුවීම සිදුවනු දක්නට ලැබේ. මෙම නිලධාරියාගෙන් කි‍්‍රයා කළාපයට එහි සිටි පිරිස විරෝධය දක්වන අයුරුද එම වීඩියෝ පටයේ සඳහන් වේ. එලෙස ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයකුට පහරදුන් ලුතිනන් කර්නල්වරයා සම්බන්ධයෙන් මේ වන විට හමුදාව විසින් විශේෂ පරීක්ෂනයක් ආරම්භ කර ඇත.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙම හමුව කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන බවටයි වාර්තා සඳහන් කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු විශේෂ දේශපාලන කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 ලීගය වන Lanka Premier League 2022 හි 3 වන සංස්කරණයේ ක්‍රීඩක කෙටුම්පත 2022 ජූලි 05 වන දින පැවැත්වීමට නියමිතය. එල්.පී.එල් තරඟාවලියේ සහභාගීත්වයෙන් සවස 5 ට ආසන්න වශයෙන් පැවැත්වෙන ‘කෙටුම්පත්‍රය’ සඳහා එතෙර ක්‍රීඩකයින් 180 ක් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 173 කින් (පළමු පෙළ, ජාත්‍යන්තර සහ හිටපු ජාත්‍යන්තර) ක්‍රීඩකයින් 353 දෙනෙකු සහභාගී වනු ඇත. පාලන කමිටුව, සහ බලයලත් හිමිකරුවන් (කළමනාකාරීත්වය සහ පුහුණුකරුවන්). කෙටුම්පත වට 20 කින් සමන්විත වන අතර, ‘‘International Ruby,’’ ‘International Sapphire,’ ‘International Diamond ‘A, සහ ‘B,’ සහ International Platinum වැනි ක්‍රීඩක කාණ්ඩ කිහිපයක් ආවරණය කරයි. 23 න් පහළ ශ්‍රී ලංකාවේ තරුණ දක්ෂතා තෝරාගැනීම කෙරෙහි අවධානය…

Read More

මීටර 100 ඉසව්වේ ප්‍රථම වරට තත්පර 10 සීමාව බිඳ දැමූ පළමු ශ්‍රී ලාංකිකයා සහ දකුණු ආසියානු ක්‍රීඩකයා වීමට යුපුන් අබේකෝන් සමත් විය. අබේකෝන් මීට පෙර ස්විට්සර්ලන්තයේ පැවති Resisprint International Chaux-de-Fonds 2022 තරඟාවලියේ මීටර් 100 A කාණ්ඩයේ අවසන් මහා තරඟයට පිවිසි අතර, එම ඉසව්ව තත්පර 9.96කින් නිම කළේය. ඒ අනුව අද ඔහු බිඳ දැමුවේ තත්පර 10.6ක කාලයක් වාර්තා කරමින් පසුගිය මැයි මාසයේදී ඔහු තැබූ වාර්තාවයි.

Read More

අද දවස වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) සතුව පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැහැදිළි කිරීමක් සිදු කළා. එම ඉන්ධන සංචිත ප්‍රමාණයන් පහතින්, ඔටෝ ඩීසල් – මෙට්‍රික් ටොන් 12,774සූපර් ඩීසල් – මෙට්‍රික් ටොන් 233පෙට්‍රල් 92 – මෙට්‍රික් ටොන් 1,414පෙට්‍රල් 95 – මෙට්‍රික් ටොන් 2,677දැවි තෙල් – මෙට්‍රික් ටොන් 2,900ගුවන් යානා ඉන්ධන – මෙට්‍රික් ටොන් 500

Read More