- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
2022 වසරේ උසස් පෙළ විභාගය නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් 23 වැනිදා අවසන් වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. එමෙන්ම 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 වනදා පැවැත්වීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩිදුරටත් සඳහන් කළේ 2022 සාමාන්‍ය විභාගය ලබන වසරේ අප්‍රේල් සහ මැයි අතර පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනියගේ සැමියා ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (04) අලුයම 2.45 ට පමණ තියුණු ආයුධයකින් සිදුකළ ප්‍රහාරයකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ යමුනා පද්මිණී නමැති 42 හැවිරිදි දෙදරු මවක් බවයි පොලිසිය පැවසුවේ.
Thor: Love and Thunder MCU අදියර 4 විශ්ව වික්‍රමාන්විතයේ ආරම්භය ලෙස ක්‍රියා කරයි, එයට Guardians of the Galaxy Vol. 3, සහ එම නිසා චිත්‍රපටය ඉදිරියේදී සිදුවීමට නියමිත දේ ගෙනහැර දැක්වීමේදී වැදගත් වනු ඇත. නවතම MCU චිත්‍රපටය මෙන් නොව, Doctor Strange in the Multiverse of Madness, Thor: Love and Thunder, Thor ගේ ඒකල චරිත පරිණාමය කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට, පෙර අදියර 4 සිදුවීම් සමඟ දැඩි ලෙස බැඳී හෝ රඳා පවතින්නේ නැත. ඉතින්, ජූලි 6 වැනිදා Thor: Love and Thunder සිනමාහල්වලට පැමිණීමට පෙර ඔබ නැරඹිය යුතුම චිත්‍රපට හත කුමක්ද? ThorThe AvengersThor The Dark WorldGuardians of the galaxyAvengers infinity warAvengers End GameGuardians…
කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතනවලින් අදාළ බදු විධිමත් ලෙස අයකර ගැනීම සඳහා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට සුදුසු සංශෝධන ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව එහි සඳහන්. අදාළ කැබිනට් තීරණය පහතින්,
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරමින් කියා සිටියේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට මාස 6ක් තුළ ආර්ථිකය ගොඩනැගීමට හැකිනම්, ඒ සඳහා ඉඩ ලබාදී තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බවයි. තම දේශීය ආර්ථික වර්ධන වේගය ඍණ 6ක් 7ක් දක්වා ඇද වැටුනු රටක්, මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ ධන ආර්ථික වර්ධන වේගයක් දක්වා ගෙන ඒම මෙතුවක් ලොව කිසියම්ම හෝ රටක සිදු වී නොමැති වුවද, එය එලෙස සිදු වී නොමැති යයි කියා අනුර කුමාර මන්ත්‍රීවරයාගේ අදහස් කිසි ලෙසකින් බැහැර කළ නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුර පවසමින් කියා සිටියේය. එම නිසා අනුර කුමාර මන්ත්‍රීවරයාට එවැනි සාර්ථක සැලැස්මක් ඇත් නම්, තමා…
ඉන්ධන පිරවුම්හලක පෝලිමක සිටි තවත් පුද්ගලයෙකුට ජීවිතය අහිමි වී තිබෙනවා. බොරැල්ල ටිකල් පාරේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
වත්මන් අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් වී ගොවීන් විසින් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හැරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අනුව හෙක්ටයාර් දෙකක හෝ ඊට අඩු භූමි ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මගින් ලබාගෙන ඇති මූලික ණය අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව පැවසේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.
තුර්කි ගුවන් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේදී යළි පැමිණීමට සූදානම්ව සිටියදී හදිසි අනතුරකට පත්ව තිබේ. මෙය තුර්කි ගුවන් සේවයට අයත් A.-330-300 එයාර්බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන අතර එය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් ද රැගෙන පසුගිය 03 වනදා රාත්‍රී 09.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ ක්‍රියාකරුවන් විසින් මෙම යානයට පැටවීමට රැගෙන ආ කන්ටේනරයක් නිසි පරිදි තිරිංග නොදී යානය අසල නවතා තැබීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.
හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එය ඉතා දරුණු තත්ත්වයක් බවත් පවසා සිටිනවා. IMF විසින් ශ්‍රී ලංකාව සමඟ වැඩසටහන් 16ක් ක්‍රියාත්මක කර ඇති නමුත් ඒ කිසිවක් සාර්ථක වී නොමැති බවයි මහාචාර්ය ස්ටීව් හෑන්ක් වැඩිදුරටත් පෙන්වා දී සිටින්නේ. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය 122%ක් දක්වා ඉහළ ගොස් ඇති බවට තමා ගණනය කර ඇති බවද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකාව සමඟ ඇති ඕනෑම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය, ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම මත පදනම් විය යුතු බව එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටුව (SFRC) පවසා තිබේ. “මෙම තීරනාත්මක ප්‍රතිසංස්කරණ නොමැතිව, ශ්‍රී ලංකාව තවදුරටත් ආර්ථික වැරදි කළමනාකරණයට සහ පාලනය කළ නොහැකි ණයවලට ගොදුරු විය හැකිය” යනුවෙන් SFRC සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. පසුගිය සිකුරාදා IMF ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ නව IMF වැඩසටහනේ අරමුණ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම බවත්, වඩාත්ම අවදානම ආරක්ෂා කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ දූෂණ අවදානම් විසඳීම සඳහා…