Author: Buzzer Editor

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටිනා පරිදි දැනට දිවයිනට පැමිණෙන බවට තහවුරු කර ඇත්තේ ලංකා IOC සමාගමෙන් ලබාදී ඇති පෙට්‍රල් නෞකාව පමණකි. එම නෞකාව ජුලි මස 22 හෝ 23 දිවයිනට පැමිණිමට නියමිත බවත් ඊට පෙර 10 වනදා සහ 15 වනදා අතර පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීම සඳහා මැලේසියාවෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බවද අමාත්‍යවරයා සඳහන් කළා. කෙසේ වුවද මැලේසියානු සමාගමටද මෙරටට පැමිණෙන නිශ්චිත දිනයක් සම්බන්ධයෙන් තහවුරු කර නොමැති බවත් අනෙකුත් කිසිඳු සමාගමකටද 22 ට පෙර පෙර පැමිණෙන ඉන්ධන නෞකාවක් සම්බන්ධයෙන් තහවුරු කිරීමට නොහැකිවී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඊයේ (04) දිනයේ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරී කමිටුවෙන් එක්තරා…

Read More

බලශක්‌ති උත්පාදනය අද දැඩිලෙස කතාබහට ලක්‌ වන මාතෘකාවකි. හිමිදිරියේ අවදි වූනු වෙලාවේ පටන් රාත්‍රී නින්දට යන තෙක්‌ ම නිවසෙහි, කාර්යාලයෙහි, කඩ සාප්පුවල විදුලි බුබුළු දස දහස්‌ ගණනින් දැල්වෙනු දැකිය හැකිය. රූපවාහිනි, පරිගණක, වායු සමන යන්ත්‍ර ආදි විවිධ වූ යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක වන්නේ ද තරගයට මෙනි. රටෙහි දෛනිකව උත්පාදනය කෙරෙන බලශක්‌තිය මෙකී නො කී සියලු බලශක්‌ති අවශ්‍යතා වෙනුවෙන් මේ අන්දමින් යොදවන්නට ඇත්තටම ප්‍රමාණවත් ද? මෙරට විදුලි උත්පාදන ධාරිතාවෙන් වැඩි කොටසකට වගකියනුයේ ගල් අගුරු බැව් මුලින් ම සඳහන් කළ යුතු කරුණකි. එය දෛනික ව නිපදවෙන විදුලියෙන් සියයට 60කට ආසන්න ය. මේ අතර මෙරට දෛනික විදුලි උත්පාදනයෙන් සියයට 25ක්‌ ම ලක්‌ෂපාන, රන්දෙනිගල, වික්‌ටෝරියා ආදී…

Read More

වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ආපදාවකට පිඹුරුපත් සකස් කර ඇති බවත් පවතින ඩොලර් අර්බුදය විසඳීමට මුදල් අමාත්‍යවරයාට කිසිදු සැලසුමක් නොමැති බවත් අමාත්‍ය ධම්මික පෙරේරා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික අභියෝග ඩොලර් අර්බුදය හා සම්බන්ධ බවත්, මුදල් අමාත්‍යවරයා ඩොලර් ඉපැයීම්, ණය ගැනීම්, පවතින ණය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධ සියලු කටයුතු ප්‍රමාද කර ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා වැඩිදුරටත් පවසයි.

Read More

පුරාණ රෝමානු ග්ලැඩියේටර්වරු කොලොස්සියම් වැනි ඝෝෂාකාරී පොදු වේදිකාවල දරුණු සටන් කිරීමට පෙර, ඔවුන් අවමංගල්‍ය උත්සව වැනි වඩාත් බැරෑරුම් ස්ථානවලට ගියහ. මුල් ග්ලැඩියේටර් සටන් ආරම්භ වූයේ ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේදීය. මෑතකදී නික්ම ගිය වංශවතුන්ගේ ආත්මයන්ට චාරිත්‍රානුකූල ලේ පූජාවක් ලෙස එය ආරම්භ විනි. ක්‍රිස්තු පූර්ව 27 දී පමණ ඔගස්ටස් රෝමයේ බලය ලබා ගත් විට එය වෙනස් වූ බව ඔන්ටාරියෝ හි බ්‍රෝක් විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය මහාචාර්ය මයිකල් ජේ කාටර් පවසයි: “ඔහු ග්ලැඩියේටර් සටන් එහි හුදු අවමංගල්‍ය සන්දර්භයෙන් වෙන් කර එය රෝමයේ විනෝදාස්වාද චක්‍රයේ නිතිපතා කොටසක් බවට පත් කෙරීය.” මෙම මාරුව අද වඩාත් ප්‍රසිද්ධ ග්ලැඩියේටර්වරුන් කිහිප දෙනෙකු බිහි කළේය. එනම් ස්පාටකස්, ස්පයිකුලස්, මාකස්…

Read More

මේ වන විට කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඇය ජනාධිපති මන්දිරයට ඇතුළු වන ගේට්ටුව අභියසටම ගොස් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

Read More

චීනය සිය මීළඟ පරම්පරාවේ අධි බලැති රොකට්ටුවක් 2028 දී අභ්‍යවකාශගත කිරීමට බලාපොරොත්තු වන බව එරට ප්‍රධාන අභ්‍යවකාශ කොන්ත්‍රාත්කරු පසුගිය බදාදා ප්‍රකාශ කළේය. නව බර ඉසිලීමේ දියත් කිරීමේ වාහනය ටොන් 15 සිට 50 දක්වා වූ අභ්‍යවකාශ යානයක් චන්ද්‍රයා වෙත ගමන් කිරීමට හැකි වනු ඇතැයි චීනයේ අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ නියෝජ්‍ය නිර්මාණකරු Liu Bing පැවසීය. ටොන් 12ත් 44ත් අතර බරකින් යුත් ගවේෂණ යානයක් අඟහරු ග්‍රහයා වෙත ගමන් කරන මාර්ගයක ස්ථානගත කිරීමට තරම් එය බලවත් වනු ඇති බව Liu රොකට්ටුව නම් නොකර දකුණු ෂුහායි නගරයේ පැවති ප්‍රධාන ගුවන් සංදර්ශනයක දී වාර්තාකරුවන්ට පැවසීය.

Read More

ගාලුමුවදොර ජනතා විරෝධතාකරුවන්ගේ ක්‍රියාකාරී සැලැස්ම “අරගලයේ දිනය” මැයෙන් ඊයේ දින (05) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා භූමියේදී ප්‍රචාරය කර තිබේ. මෙම සැලැස්ම අදියර 06 කින් සමන්විත වන අතර, විරෝධතාවයේ අවසාන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සියලුම සටන්කරුවන්ගේ එකඟතාවයෙන් එය ඉදිරිපත් කෙරේ. ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම විධායක ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ පාලනය සහ රජය වහාම ඉල්ලා අස්විය යුතුයි.ගෝඨා-රනිල් ආණ්ඩුව ඉවත්වීමෙන් පසු ජන අරගලයේ ආර්ථික, සමාජීය හා දේශපාලන අරමුණු හා අභිප්‍රායයන්ට අනුකූල අන්තර්වාර පාලනයක් තිබිය යුතුය.ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමෙන් පසු ජනතා බලය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් සම්මත කරන තුරු පවතින ව්‍යවස්ථාවේ කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.ජනතා බලය තහවුරු කරන…

Read More

අද (06) දිනයේ වෙනදා මෙන් සාමාන්‍ය අන්දමින් දුම්රිය ධාවනය කිරීමේ හැකියාවක් නොමැති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්ත පවසා සිටිනවා. වර්තමාන ඉන්ධන අර්බුදය නිසාවෙන් සේවකයින්ට සේවයට වාර්තා කිරීමට නොහැකිවීම මත සමස්ත කාර්යාල දුම්රිය 48 න් අද දිනයේ ධාවනය කරන්නේ දුම්රිය 22 ක් පමණක් බවයි ඔහු පවසා සිටින්නේ.

Read More

නැවත වරක් කොවිඩ් රෝගය නව ප්‍රභේද සම​ඟ මතු වීමේ අවදානමක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටිනවා. එයින් ආරක්ෂා වීමට නම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 04ම ලබාගැනීම ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැන් වන විට ශ්‍රී ලංකාව තුළ ප්‍රාථමික එන්නත අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් 97% ක් ලබාගෙන ඇති නමුත්, පළමු බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 7.9 ක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කරමින් කියා සිටී.

Read More

ඊයේ දින කුරුණෑගල – යග්ගපිටිය ලංකා IOC ඉන්ධන පිරවුම්හලේදී සාමන්‍යය පුද්ගලයෙකුට පහරදුන් හමුදා නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සියලු රාජකාරීවලින් ඉවත් කර තිබෙන බවට වාර්තා වනවා. ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පංච පුද්ගල විමර්ශන අධිකරණයේ නිර්දේශ ලැබෙන තුරු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් මෙම තීරණය ගෙන ඇති බවටයි. ඒ වාගේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් බළකාය මගින් ද තවත් පරීක්ෂණයක් පවත්වනු ලබයි. ඊයේ (04) බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා බලසේනා අණදෙන නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විමර්ශන අධිකරණයක් පත් කර ඇත.

Read More